Headlines

කාබනික පොහොර සඳහා යොමුවෙමු

                                
  

පොහොර කියන්නේ ශාක වල පැවැත්මට වැඩීමට පසට අත්‍යවශ්‍ය සංඝටක වල එකතුවක් කිව්වොත් සරලව වැටහෙනවා. අපිට රසායනික පොහොර සහ කාබනික පොහොර කියල අහසට පොලොව වගේ වෙනස් පොහොර වර්ග දෙකක් තියෙනවා ඒක කාලයක් තිස්සේ මිනිස්සු දන්නවා. කාබනික පොහොර පස සරු කරවන ජීවීන්ට හිතකර උනත් මහා පරිමාණයෙන් කරන වගාවන්ට යොදන්න තවමත් පෙළඹිලා නැති පසුබිමකුයි තියෙන්නේ අනෙත් කාරණය රසායනික පොහොර වගේ ක්ෂණික ප්‍රථිපල කාබනික පොහොරින් ලැබෙන්නේ නැහැ කියල අදහසක් මිනිස්සුන්ට තියෙනවා. බොහෝ කාලයක්    තිස්සේ රසායනික පොහොර භාවිතයෙන් පස නිසරු වෙන බව අත්දැකීමෙන් මිනිස්සු දන්නවා ඒ වගේම පසේ හිතකර ජීවින් විශාල වශයෙන් විනාශ වෙනවා. නමුත් ගොවියාගේ පැත්තෙන් බැලුවොත් ඉක්මනට වැඩි අස්වැන්නක් ගන්න නම් රසායනික පොහොර හොඳ බව අත්දැකීමෙන් කියන්න පුළුවන් ඒ උනාට එයින් ඇති වන පාරිසරික හානිය මුදල් වලින් තක්සේරු කරන්න අමාරුයි.  

නමුත් ප්‍රශ්නය තියෙන්නේ වර්තමාන ලෝකයේ අවශ්‍යතාවය අනුව වගාවන් සඳහා යෙදීමට ප්‍රමාණවත් කාබනික පොහොර නිපදවෙනවාද යන්නයි රසායනික පොහොරවෙළඳාම  කියන්නේ මුළු ලෝකයම වහගෙන ඉන්න යකෙක් වගේ, ගැලවෙන්න අමාරුයි බහු ජාතික ආයතන මේවගේ මුදුන් මුල්. ලංකාවේ රසායනික පොහොර  වෙළඳාම භාවිතයෙන් ඉවත් වෙන්න කියල මේ වෙනකොට කෘෂිකර්මාන්තය යම් පසු බෑමකයි  තියෙන්නේ. කෙසේ නමුත් යථාර්තයනම් කෙසේ හෝ කාබනික වගාවන් සඳහා යොමු විය යුතුමයි. එය  දවසෙන් දෙකෙන් මාසෙන්  වසරකින් යන්න පුළුවන් ඉලක්කයක් නෙවෙයි හොඳ රාජ්‍ය ප්‍රතිපත්තියක් එක්ක පෞද්ගලික සමාගම් එක්ව කෘෂිකාර්මික ප්‍රජාවත් එක්ක සත්භාවයෙන් යන්න ඕනේ ගමනක්. 


ඒ අතරේ ජනතාව තම තම හැකි පමණින් දායක වෙනවනම් කරන්න බැරි නැහැ. අපේ පාරම්පරික කෘෂිකර්මය පැත්තටත් යන්න වෙනවා. කාබනික පොහොර නිෂ්පාදනය සඳහා යොමුවීමයි වැදගත් වෙන්නේ. 

කාබනික පොහොර කියන්නේ සත්ත්ව සහ ශාක කොටස් උපයෝගී කරගෙන ක්‍රමානුකුලව පසට අවශ්‍ය පෝෂක ද්‍රව්‍ය ලැබෙන ලෙස සාදාගන්න මාධ්‍යයක්. ඒ සඳහා සත්ත්ව අපද්‍රව්‍ය ඒ කියන්නේ කුකුල් පොහොර, මාළු වල ඉවතදමන කොටස් කොම්පෝස්ට්  තියෙන පස්, දහයියා , ලී කුඩු,ඉවත දමන මල් වගේ දේවල් එක් කරන්න පුළුවන්. කොහොමත් දැන් කාබනික පොහොර නිෂ්පාදනය සඳහා විශාල වගේම නවීන තාක්ෂනය එකතු කරලා හදපු යන්ත්‍ර ගොඩක් තියෙනවා ඒ වගෙන් අපිට අවශ්‍ය ලෙස පොහොර නිපදවන්න පුළුවන්. කාබනික පොහොර වල අත්‍යවශ්‍ය මුලද්‍රව්‍ය සහ අංශු මාත්‍ර මුලද්‍රව්‍ය ප්‍රමාණ pH  අගය වගේ සාධක පාලනය කරමින් පොහොර කුඩු ලෙස, කුඩා පෙති ආකාරයෙන් , දියර පොහොර ලෙස වැනි විවිදාකාරයෙන් නිපදව ගැනීමේ හැකියාව තියෙනවා. කාබනික පොහොර නිෂ්පාදනය පිලිබඳ විද්‍යාත්මක ලිපියක් ඉදිරියේදී ඔබට ඉදිරිපත්  කරන්නම්.

කාබනික පොහොර අතර කොළ පොහොරවලට හිමි වන්නේ ප්‍රමුඛ එකට හේතුව වන්නේ ගොවියාට ඉතාම පහසුවෙන් වග භුමිය තුලදීම වියදමකින් තොරව සාදා ගත හැකි වීමයි. කොළ පොහොර සාදා ගැනීමට අතීතයේ සිටම විවිද ගස් වල කොළ අතු භාවිතයට ගැනීමට අප පුරුදුව සිටියා ඒ ඒ ගස් වල කොළ වලින් ලැබෙන පෝෂණ කොටස් ගැන හොඳ අවබෝධයකුත් අපේ පැරැන්නන්ට තිබුනා. ඉතින් පහතින් සඳහන් කරන්නේ කොළ පොහොර සඳහා යොදාගත හැකි ශාක විශේෂ කිහිපයක්. ග්ලිරිසීඩියා එහෙමත් නැත්නම් වැටහිර , වල් සූරියකාන්ත සමහර පති වල තිත්ත ගස් කියලත් කියනවා එහෙම කියන්නේ හරිම තිත්තයි ඒවගේ  කොළ,  එරබදු, වතුපාලු, කැප්පෙටියා,වගේ ශාකත් ඉතාම හොඳයි.    


සකස් කලේ- Blueplanet

Credit: Images Unsplash 

2021.09.04

උපුටාගැනීමට  කිරීමට අවසර ඇත 








 

No comments