Headlines

Today Special- ලෙමන් රයිස්

 ලෙමන් රයිස් 


විශේෂ අවස්ථා වලදි ෆ්‍රයිඩ් රයිස් වර්ග වලටම හිත යන්නෙ අපි නිතරම හදන්න පෙලඹිලා ඉන්නෙ ඒවමයි නිසා.. ඉන්දියානු බත් වර්ගයක් වන මේ බත් වර්ගය හරිම රසවත්. මේ බත් වර්ගය රස විඳින්නෙ මුදවපු කිරි සමගයි. මුදවපු කිරි එකට මං සැලඩ් කියුකම්බර් පොත්ත ග්‍රේට් කරලා කියුකම්බර් ජූස් සමඟ ලුණු, ගම්මිරිස් සහ ලෙමන් යුෂ තේ හැන්දක් එකතු කලා.. පෑන් ටෝස්ට් කල මස් හෝ මාළු වර්යක් තියෙනවා නම් තවත් රසවත්..

අවශ්‍ය ද්‍රව්‍ය

පිස ගත් බාස්මතී බත් කෝප්ප දෙකක් ( බෙරි නොවන ලෙස කහ සහ ලුණු ටිකක් දාලා පිස ගන්න)
කපා ගත් B ළුෑණු ගෙඩියක්
ඉඟුරු සුදුළුෑණු පේස්ට්
අබ තේ හැඳි 01
කරපිංචා
කජු/රටකජු
තෙල් මේස හැඳි 02 ( ගී රසට කැමති අය ගී ගන්න)
දෙකට කපා ගත් වියලි මිරිස් කරල් 01
චොප් කර ගත් අමු මිරිස් කරල් 03
ලෙමන් යුෂ 50ml ( හාල් 500g)
සීනි තේ හැඳි 01
රස අනුව ලුණු ගම්මිරිස්
කපා ගත් කොත්තමල්ලි කොල ටිකක්

සාදන ක්‍රමය

පෑන් එක ලිපේ තියලා තෙල් ටික එකතු කරලා රත් වෙද්දි අබ ටික දාන්න. ඉන්පසු ඉඟුරු සුදුළුෑණු පේස්ට් එක සහ කරපිංචා දාන්න. ඒවා බැදෙන විට ලොකු ළුෑණු, වියලි මිරිස් කරල, අමු මිරිස්, කජු රටකජු ටිකද එකතු කර බැදෙන්න හරින්න. දැන් බත් එක එකතු කර කලවම් කරන්න. ටික වෙලාවකින් ලෙමන් යුෂ එකතු කරලා රස අනුව ලුණු ගම්මිරිස් කුඩු ඉහලා සීනි තේ හැන්ද එකතු කරන්න.ටික වෙලාවකින් හොද සුවදක් එනවා. එතකොට ලිප නිවලා කොත්තමල්ලි කොල ටික එකතු කරලා කලවම් කරන්න. ඔන්න බත් එක හරි. සෝස් වර්ග රසකාරක වර්ග කිසිම දෙයක් නැතුව සරලව හදා ගන්න පුලුවන් රසවත් බත් එකක් තමයි මේ. කැමති නම් ට්‍රයි කරලා බලන්න.




උපුටාගැනීම අන්තර්ජාලයෙන් 
Credit :Image from  internet  

No comments