Today Special - කහ බත්
බාස්මතී හෝ හීනි ඇට සහිත හාල් කප් දෙකක්
තෙල් හෝ බටර් මේස හැඳි 01
කරාබු නැටි, එනසාල්, කුරුදු පොතු ස්වල්පයක්
රම්පෙ කරපිංචා
සිහින්ව ලියා ගත් රතුළුෑණු ගෙඩි 10ක්
කහ පාට කලරින් හෝ කහ කුඩු ස්වල්පයක්
රස අනුව ලුණු
සැරසීමට කජු, ප්ල්ම්ස්, ග්‍රීන්පීස්
බත ඉදෙන ප්‍රමාණයට පොල් කිරි, (උකු කිරි සහ දිය කිරි)
සාදන ක්‍රමය
බාස්මතී හාල් ගන්නවා නම් මුලින් ම සෝදලා පෙඟෙන්න තියන්න ඕනි පැය බාගයක්.. කීරි සම්බා නම් එහෙම කරන්න ඕනි නැහැ..
හාල් ටික පෙඟෙන අතරෙ පොල් කිරි ටික ලෑස්ති කර ගන්න ඕනි.. බත ඉදෙන ප්‍රමානෙට වතුර නෙවෙයි පොල් කිරි දාන්නෙ.. ආහ් ඉස්සෙල්ලාම හදන්න යන අයට කිරිබත් මතක් වුණාද 😜😜 හේ.. හේ.. මේ බත් එකේ රසය සුවඳ පෙනුම එන්නෙ පොල් කිරිවලින්.. බාස්මතී ගන්නවා නම් කිරි වැඩිපුර ඕනි නෑ.. හාල් පෙඟිලා තියෙන නිසා.. දියකිරි මිටිකිරි එකටම ගන්න.. කිරි එකට කහ කුඩු ටිකක් ලුණු කුඩු දාලා දිය කර ගන්න..
දැන් සාස්පානක් ලිපේ තියලා ඒකට බටර් හෝ තෙල් ටිකක් දාලා රත් වෙද්දි තලා ගත් ඉඟුරු සුදුළුෑණු රම්පා කරපිංචා කුරුදු, කරාඹු, එනසාල් වගේම රතුළුෑණු ගෙඩි දහයක් විතරත් හීනියට ලියලා බැදෙන්න දාන්න.. ඒ ටික බැදෙන කොට කිරි ටික දාලා හැඳි ගාන්න.. කිරි පැහෙන කොට හාල් ටික එකතු කරලා මද ගින්නේ පිස ගන්න.. රයිස් කුකර් එකෙත් හදන්න පුළුවන්.
මස්/මාළු ඇඹුල් තියල්/ෆ්‍රයිඩ් එග්/ මීට් බෝල් කරියක් හදා ගන්න..
බටුමෝජු/ අච්චාරු/අඹ/ඇඹරැල්ලා/ හතු/ සෝයාමීට් .
කජු හරි අල ස්ටීම් කරලා බොරේට හදා ගන්න..
කට්ලට් හරි නූඩ්ල්ස් බැදුමක් හරි තියෙනවා නම් තවත් හොඳයි...
සලාදයක් හදා ගන්න.
බටුමෝජු/ අච්චාරු/අඹ/ඇඹරැල්ලා/ හතු/ සෝයාමීට් .
කජු හරි අල ස්ටීම් කරලා බොරේට හදා ගන්න..
කට්ලට් හරි නූඩ්ල්ස් බැදුමක් හරි තියෙනවා නම් තවත් හොඳයි...
සලාදයක් හදා ගන්න.
උපුටාගැනීම අන්තර්ජාලයෙන්
No comments