Today Special - සී ෆුඩ් රයිස්
සී ෆුඩ් රයිස් ( Sea Food Fried Rice )
බත් වර්ග අතර ෆ්‍රයිඩ් රයිස් වර්ග ගණනාවක් තියෙනවා.. ඒත් අපි වැඩිපුර ම හදන්නෙ චිකන් ෆ්‍රයිඩ් රයිස් හෝ මික්ස්ඩ් ෆ්‍රයිඩ් රයිස් නේද? අපිට ලේසි නිසාද මන්දා මමත් නිතරම ඉහත කී වර්ග දෙක තමයි හදන්නේ.. අපි ඒ රස වලට හුරු වෙලා නිසා මේ සී ෆුඩ් රයිස් එක හදලා බලන්නකෝ කොච්චර ලොකු වෙනසක් එක පාරටම දැනෙනවද කියලා..
අවශ්‍ය ද්‍රව්‍ය
බාස්මතී හෝ සම්බා සහල් වර්ගයකින් 500g
තලපත් මාළු 200g
පොතු ඉවත් කර ගත් ඉස්සන් 200g
සිහින්ව කපා ගත් දැල්ලන් 200g
චිලිපේස්ට් මේස හැඳි 02
සිහින්ව කපාගත් කැරට්, ළුෑණු කොල ටිකක්
සෝයි සෝස්, ඔයිස්ටර් සෝස් හා ෆිෂ් සෝස්
සෙස්මි ඔයිල් (අත්‍යවශ්‍ය නැත)
තෙල් මේස හැඳි 02
චොප් කරගත් ලොකු ළුෑණු ගෙඩි බාගයක්
තලා ගත් ඉඟුරු සුදුළුෑණු සහ කරපිංචා ටිකක්
රස අනුව ලුණු කුඩු ගම්මිරිස් කුඩු ටිකක්
සාදන ක්‍රමය
ඉස්සො, දැල්ලො සහ මාළු ටික බාජනයකට දමා ලුණු, කහ, මිරිස් කුඩු තේහැඳි එකක්, ගම්මිරිස් කුඩු තේහැඳි බාගයක් සහ දෙහි යුෂ ටිකක් දමා කලවම් කර පැය බාගයක් තබන්න.
බත ඇට වෙන් වන සේ පිස ගෙන හොඳින් නිවෙන්නට හරින්න.
දැන් පෑන් එක ලිපේ තබා තෙල් දමා රත් වන විට ඉඟුරු සුදුළුෑණු, ළුෑණු සහ කරපිංචා ටික දමා බැදෙන විට සී ෆුඩ් ටික එකතු කරන්න.හොඳින් බැදෙන්නට හරින්න. (මෙරිනේට් කරපු බාජනයේ තැවරී ඇති සියල්ල ම එකතු කර සී ෆුඩ් ටික තෙලට දාන්න ඕනි..) දැන් හොඳ සුවඳක් විහිදෙනවා. එතකොට ලිපේ දැල්ල අඩු කරලා චිලිපේස්ට් ටික එකතු කරන්න. දැන් කැරට් ටික එකතු කර නිවෙන්නට තිබූ බත් එක එකතු කරන්න. දැන් ලිපේ ගින්දර වැඩි කරලා සෝයි සෝස්, ඔයිස්ටර් සෝස් හා ෆිෂ් සෝස් එකතු කරන්න.. පෑන් එකේ මිටෙන් අල්ලා සොලවමින් බත් එක ෆ්‍රයිඩ් වෙන්න හරින්න. ලිපේ දැල්ල පෑන් එක තුලට එනවා නම් හරි. රෙස්ටුරන්ට් වල බත් එක ෆ්‍රයිඩ් කරන්නේ එහෙමනෙ. දැන් කපා ගත් ළුෑණු කොල ටික දමා කලවම් කරන්න. රස අනුව ලුණු ගම්මිරිස් කුඩු එකතු කරන්න.තියෙනවා නම් සෙස්මි ඔයිල් ටිකක් ඉස ලිපෙන් බා ගන්න. රෙස්ටුරන්ට් රස සහ චයිනීස් සුවඳ එන්නෙ එතකොට තමයි. ඒ වගේම බත් ඇට වලට ෂයින් එකකුත් ලැබෙනවා.
ලිපිය උපුටා ගත්තේ අන්තර්ජාලයෙන්
මුල් නිර්මාණකරුට ප්‍රණාමය
Image from -Unsplash
No comments