පිරමීඩ අතීත විදුලි බලාගාරයක් ද ?
විද්‍යාවේ දියුණුවත් සමඟ ඉපැරණි අතීත ශිෂ්ටාචාරයන් නැවත අවදි වෙනු බව පෙනේ.ඊට aහේතුව තාක්ෂනය දියුණු වීමත් සමඟ මිනිසා ඉතිහාසය හා පුරා විද්‍යාව තුළින් ඊට වඩා කියවෙන යමක් ගවේශනය කිරීමට යොමු වී ඇති නිසාය.අතීත දැවැන්ත නිර්මාණ මතක් කිරීමේ දී හැමෝටම පිරමීඩ මතකයට එයි.
දැනට සොයාගෙන ඇති පරිදි ලොව විශාලතම පිරමීඩය වන Giza හි මහා පිරමීඩය ගැන වෙනස්ම ආකාරයේ ගවේශනය ක ප්‍රතිඵල ලොව පුරා කතා බහට ලක් වී ඇත.එනම් ඒ මහා පිරමීඩය නිර්මාණය වී ඇත්තේ පුරාණ ඊජිප්තුව ට අවශ්‍ය බල ශක්තිය ලබා ගැනීම සදහා විදුලි බලාගාරයක් ලෙස යන්නයි.1872 දී පුරා විද්‍යාඥයෝ මහා පිරමීඩය ඇතුලත පටු උමං මාර්ගයක් සොයා ගත්හ.පිරමීඩය තුළට අවශ්‍ය වාතාශ්‍රය ලබා ගැනීමට මෙය නිර්මානය කරන්න ඇති බව ඔවුන්ගේ මුල් නිගමනය විය.එහෙත් පසුව මෙම සිදුරු හා අහසේ තාරකාවන් ඒක රේඛීය වීමක් පිළිබඳව තවත් මතයක් ඉදිරිපත් විය.මෙම කුඩා උමං මාර්ග ගැන ඇති නවතම මතය වන්නේ මේ උමං බලශක්ති උත්පාදන යේ වායු ප්‍රවාහක යක් ලෙස භාවිත කරන්න ඇති බවයි.
මෙම මතය තහවුරු කර ගැනීමට විද්‍යාඥයන් හා පර්යේෂකයන් පිරිසක් එක්ව ක්ෂුද්‍ර කැමරාවක් සහිත ඉතා කුඩා දුරස්ථ පාලක රොබෝ යානයක් උමං ඇතුලත ට යවන ලදී.
එහිදී උමං මාරගයේ එක් කෙළවරක් මිලින වී විපරිත ව ගිය තඹ දොරටුව කින් අවසන් වන බව සොයා ගන්නා ලදී.වාතාශ්‍රය ලැබීමට නිර්මාණ ය කළ උමං මාර්ගයක් නම් එලෙස හදිසියේ තඹ දොරකින් අවසන් වන්නේ ඇයිද යන්න ගැටලුවක් ඇති විය.
අව්රුදු දහස් ගණනකට පෙර මිනිස් වර්ගයා තුළ විදුලි බලය නිපදවීමට තාක්ෂණයක් තිබිනිද ?මේ අදහස මුලින්ම මතු වූයේ පිරමීඩ තුළ ඇති විවිධ කැටයම් චිත්රවල නිරූපණය වන අසාමාන්‍යය උපකරණයක් නිසාය.මෙහි වූ එක් සිතුවමක විශාල බල්බයක් වැනි යමක් අත දරාගත් පුද්ගලයෙක් සිටි.
එය බැලූ බැල්මට විශාල කැතෝඩ කිරණ නලයක් හෝ යම් ආලෝකයක් නිපදවන වස්තුවක් බව ගම්‍ය වන්නේ මධ්‍යයේ ඇති ප්‍රතික්‍රියා කාරි කොටස නිසාය.මීට අමතරව රැහැන් රහිත විද්‍යුත් ප්‍රචාරණ මාධ්‍යයන් හෝ විද්‍යුත් චුම්භකත්වය ක් වැනි යමක් භාවිත කරන්නට ඇති බව හඟවන රූප සටහන් පිරමීඩ තුළ ඇති සිතුවම් අතර වෙයි.
පුරාතනයේ විදුලිය පිළිබඳ දැන සිටි බව ඉස්මතු වන තවත් නිදසුනක් වන්නේ මෙම පිරමීඩය සතු අතිශය තියුණු කැපුම් දාර සහිත ගල් කුට්ටිය.මේවා වර්තමානයේ භාවිත ලේසර් කිරණ තාක්ෂණයෙන් නිර්මාණය කළා මෙන් ඉතා සුමට මතුපිට ක් වෙයි.එසේම මෙම ගල් කුට්ටි ඉහළට ප්‍රවාහනය ද එසේමය.
මේවා අඩි සිය ගණනක ඉහළට එසවීම පහසු නොවේ .මීට ඇතැම් දොඹකර වැනි යන්ත්‍ර සූත්‍ර භාවිත වූ බව සමහර පර්යේෂකයන්ගේ අදහසයි.
පුරාතන ඉරාන වැසියන් බැටරි තාක්ෂනය පිළිබඳ දැන සිටි බවට සාධක යක් 1938 සොයා ගන්නා ලදී.වසර 2000 වඩා පැරණි කුඩා සිලින්ඩරාකාර ව්‍යුහ වන මේවා ප්‍රාථමික කෝෂ ලෙස මැටි බඳුන් වල බහා භාවිත කරන්න ඇති බව අදහසයි .මේවා Bagdag Batteries ලෙස හදුන්වයි.
පිරමීඩ වල බාහිර අවරනය පරිවරකයක් ලෙස හුණු ගල් වලින් හා ඊට ඉහළින් ඇති බදාම තට්ටුවකින් නිර්මාණය වී තිබේ. මෙම බාහිර අවරණයේ මැග්නීසියම් අඩංගු නොවන බව තහවුුරූ කර ඇත.පිරමීඩ තුළ ඇති කළු ගල්වලින් ( Granites) විද්‍යුතය සන්නයනය වන බව පර්යේෂණවලින් අනාවරණය කර ඇත. තවද පොළොව යට ඇති ජල මාර්ග පද්ධතියකින් ආරෝපිත විදුලි ධාරාවන් උත්පාදනය කර ඇති බව පර්යේෂකයෝ පෙන්වා දෙති.
පර්යේෂකයෝ මේ මහා පිරමීඩය අති විශාල බැටරියකට සමාන ආකෘතියක් බව පෙන්වා දෙන පර්යේෂකයෝ ඒ ගැන තවත් පර්යේෂන අදටත් සිදු කරති.නමුත් පරීක්ෂා කිරීමට ඊජිප්තු රජයේ අනුමැතිය නැති පිරමීඩය තුළ ඇති බොහෝ ස්ථාන ගණනාවක් වේ.
සියලු ඓතිහාසික අදහාගත නොහැකි නිර්මාණවල පූර්ණ අයිතිය පිටසක්වල ජීවීන්ට දීමට සමහර අය පුරුදු වී ඇත.එසේ සිදු වන්නේ මිනිසා යනු හීනමානයෙන් පෙළෙන ,කිසිවක් කරගත නොහැකි පිරිසක් බවට අප සිත තුළ කාවද්දා ගෙන සිටින නිසාය.මම පෞද්ගලක්ව එම අදහසට විරුද්ධ වෙමි.දියුණු තාක්ෂණයක් සහිත මිනිස් පිරිසක් ලොව පුරා සිටින්නට ඉඩ නැතුවම නොවේ.
කෙසේ නමුත් anunaki හා පිරමීඩ ඉදිකිරීම ගැන සම්බන්ධයක් මෙන්ම වෙනත් මතවාද ගණනාවක් පිරමීඩ ගැන ඇත.ඒව ඉඩ ලැබෙන විදියට ඉදිරිපත් කරන්නම්.
තොරතුරු - අන්තර්ජාලයේ පලවුනු ලිපියකිනි
ඡායාරුපය - අන්තර්ජාලයෙනි ( Sesh Roy)
No comments