රුධිර සංචිත පහළට - රුධිරය දන් දෙන ලෙස ඉල්ලීමක්
පවතින කොවිඩ් සීඝ්‍ර ව්‍යාප්තිය හේතුවෙන් ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ සහ එහි සෙසු මධ්‍යස්ථානවලට ලැබෙන දෛනික රුධිර ඒකක ප්‍රමාණයද අඩු වෙමින් ඇතැයි එහි අධ්යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ පවසනවා.
ඒ අනුව දෛනික රුධිර අවශ්‍යතාව රුධිර ඒකක 950ත් 1000ත් අතර ප්‍රමණයක් වුවද මේ දිනවල ලැබෙන්නේ රුධිර ඒකක 600 ත් 650 ක ප්‍රමාණයක් බවයි ඔහු සඳහන් කළේ.
ඒ අනුව රුධිර අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා රුධිරය දන් දීමට කැමති පුද්ගලයින්ට 0115332153 සහ 0115332154 යන දුරකථන අංකවලට කතා කර වේලාවක් වෙන් කරගත හැකි බව ඔහු සඳහන් කළා.
ආරක්ෂිත රුධිර සංචිතද මේ වන විට අඩු වෙමින් පවතින බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
No comments