Headlines

නයිල් නදිය ගැන ඔබ නොඇසු කතාවක් .

 

o   

නයිල් ගඟ ඒම නැත්තං නයිල් නදිය කියන්නේ ලෝකයේ තියන වඩාත්ම විශ්මිත ස්වාභාවික පුදුම වලින් එකක් කිව්වොත් ඔබ පිලිගන්නවාද ? .

නයිල් ගඟ උතුරු අප්‍රිකාවේ උතුරට ගලන ප්‍රධාන ගංගාවක් වන අතර එය ලොව දිගම ගඟ ලෙස ද සැළකෙයි. එහි දිග කිලෝමීටර් 6,650කි. එය විශාල ඩෙල්ටාවකින් අවසන් වන අතර ඊජිප්තුවේ ඇලෙක්සැන්ඩ්‍රියාව අසලින් මධ්‍යධරණී මුහුදට වැටෙයි. නයිල් ගඟ සෑදෙන්නේ සුදු නයිල් සහ නිල් නයිල් නමැති ප්‍රධාන අතු ගංගා දෙකකිනි. උගන්ඩාවේ වික්ටෝරියා වැවෙන් ආරම්භ වන සුදු නයිල් ගඟ සූඩානය හරහා කාර්ටූම් වෙත ගලන අතර, එහිදී නිල් නයිල් ගඟ මුණ ගැසී ඉන් පසුව ඊජිප්තුව හරහා ගලා යයි. නිල් නයිල් ගඟ ගලා එන්නේ ඉතියෝපියාව හරහා ය. දිනකට ඝන මීටර මිලියන 300ක් පමණ ජලය නයිල් ගඟෙන් මුහුදට වැටෙයි.

මේ නයිල් ගඟ වසර මිලියන 30ක්(පෙර සිතා සිටියාට වඩා හය ගුණයකින් වැඩි වයසක්) තිස්සේ ඒ අවට ඇති හා ඒ ආශ්‍රයෙන් ගොඩනැගුනු ශිශ්ඨාචාර පෝශණය කරගෙන කෝටි සංඛ්‍යාත ජීවින්ට ජීවය දෙමින් ගලායන්නක් බව නවතම් පර්යේෂන් වලින් සනාථ වෙලා තියනවා.. ඒක නෙවේ වැදගත්ම කරුණ, මේ නවතම පර්‍යේශන මිනිසාට දිගු කාලයක් තිස්සේ තිබුණ අත්භූත ප්‍රශ්නයකට උත්තර සපයනවා

අත්බූත ප්‍රශ්නෙ මොකක්ද දන්නවද?..

මේ ප්‍රමාණයේ හා මේ ආකාරයේම වෙනත් ගංඟා කාලයත් සමඟ ගලායන ගමන් මඟ හා ස්ථානය වෙනස් කර ගන්නවා නමුත් අපේ නයිල් නදිය ඒම කරගන්නේ නෑ..එහෙම වෙන්නෙ ඇයි ඒ ගොල්ලෝ ඒක පැහැදිලි කරනවා මේම.. පෘතිවි ප්‍රාවරණයේ කොටසක්, වාහක් පටියක් conveyor-belt (අර ගුවන් තොටුපලේ බෑග් ප්‍රවාහනය වෙන්නේ පටියක් උඩ) ආකාරයට නයිල් ගඟ පතුලේ ක්‍රියා කරන (භ්‍රමණය වන) අතර,එය ගංඟාව නිසි තැන තබාගෙන ඇති අතර, එය වසර මිලියන ගාණක් මුළුල්ලේ එකම කලාපයක හරහා දිවෙයි

විශාලම ගැටලුව වන්නේ නයිල් නදිය කෙදින ආරම්භ වූයේද හා මෙතරම් කාලයක් එය නොනැසී පවතින්නේ ඇයිදභූ විද්‍යා පිළිබඳ ආචාර්‍ය Claudio Faccenna පවසන්නේ එම ප්‍රශ්නය සඳහා ඔහුගේ පිළිතුර සිත් ඇදගන්න සුළු එකක් බවයි.. වසර මිලියන 30 කල්පිතය මුළුමුනින්ම නව උපකල්පනයක් නොවන අතර,මෙම නවතම අධ්‍යනය මඟින් නව භූ විද්‍යත්මක ආකෘති නිර්මාණය සහ ඉතියෝපියාවේ උස් බිම් වල පිහිටි ගිනිකඳු පාෂාණ හා නයිල් ඩෙල්ටාවල පවතින ශේෂ වූ ගිනිකඳු පාෂාණ සැසඳීමෙන් ලද සාධක ඒ බව වඩ වඩාත් තහවුරු කරයි

ඉහත කිවූ ආකාරයේ භූ ගෝලීය සැලැස්මක් නොතිබුනේ නම්, නයිල් නදිය මේ වන විට තම ගමන් මාර්ගය හා දිශාව බටහිර දෙසට යොමු කරගෙන ගලා යන බව ඔවුන් පවසයි. වසර මිලියන 30 ක් තිස්සේ නයිල් ගඟ එහි වර්තමාන දිශාවට ගලා යන බවට සාක්ෂි ඉදිරිපත් කිරීමට අමතරව, නව අධ්‍යයනය මගින් පෘථිවියේ ගැඹුරු කබොලේ සිදුවන චලන භූමියේ සිදුවන දේට බලපාන්නේ කෙසේද යන්නත් නව තොරතුරු සපයය්. පර්‍යේෂකයන්ගේ මීලග අරමුණ වී ඇත්තේ මෙම සිද්ධාන්තය ලොව පවතින අනිකුත් ප්‍රධාන් ගංඟාවලට(යැංසි,කොංගෝ) ආදේශ කිරීමය. නයිල් ජලාපවහනය තුළ සිදුවූ කුඩා පරිමාණ වෙනස් කිරීම් නොසලකා හැර බැලුවොත්, ඉතියෝපියාවේ භූ විෂමතා ඉදිමුම මධ්‍යධරණී මුහුදට අඛණ්ඩව සම්බන්ධ කරමින් පසුගිය වසර මිලියන 30 ක කාලයක් ගඟ බාධාවකින් තොරව පැවති ඒ අත්භූත හේතුව මේ විදියට තමා අතිමට විසඳුනේ….

ඊජිප්තු පිරමීඩ....

නයිල් ගඟ ආශ්‍රිතව පැරණි ඊජිප්තු ශිෂ්ටාචාරය විහිදී පැවතිණි. මෙම ශිෂ්ටාචාරයේ ආරම්භය ක්‍රි.පූ. 3150 දී සිදුවිණි. එය පළමුවන පාරාවෝ රජු විසින් උතුරු හා දකුණු ඊජිප්තුව එක්සේසත් කිරීමත් සමඟම ඇතිවිණි. එසේ ඇරඹුණු ඊජිප්තු ශිෂ්ටාචාරයේ මුල් කාලවලදී දේශපාලනික වශයෙන් අස්ථාවර භාවයක් දක්නට හැකිවිය. ක්‍රි.ව 31 පමණ වන විට පාරාවෝ රජ පෙළපතේ අවසානයත් සමඟම ඊජිප්තුව රෝම අධිරාජ්‍යයට යටත් විණි.

නයිල් ගඟ ආශ්‍රිතව පැවති ඊජිප්තුව එකල වාරිකර්මාන්තය හා කෘෂිකාර්මික වශයෙන් දියුණුවක් අත්කරගෙන තිබිණි. ස්වභාවික සම්පත් බහුල වු ඊජිප්තුව, නයිල් නිම්න මිටියාවත් හා කාන්තාර ප්‍රදේශයන් පුරාවට පැතිර තිබු වටිනා ඛනිජ නිධිවලටද උරුමකම් කීය. දියුණු කෘෂිකාර්මික ව්‍යාපෘති ශක්තිමත් වෙළෙඳ සම්බන්ධතාවයකට හිමිකම් කී පුරාණ ඊජිප්තු රාජ්‍යය පාරාවවෝවරු විසින් පත්කරන ලද ආගමික නායකයින් විසින් හා වෙනත් උගතුන් විසින් පාලනය කරන ලදහ....

 

(උපුටා ගැනීම අන්තර්ජාලයෙනි....)

No comments