Royal Mail Ship (RMS) Titanic නැව් අනතුර එච්චර විනාශකාරි උනේ ඇයි?
1. නැවේ Design එකේ වැරදි
සාමාන්‍යයෙන් ලොකු නැවක් අනතුරුට පත් උනොත් ඒ නැවට සම්පූර්ණයෙන්ම වතුර පිරෙන එක නවත්තන්න Watertight Compartment කියල එකක් තියනව.
සරලව කිව්වොත් නැව කොටස් වලට බෙදල තියනවා වතුර පිරෙන එක නවත්තන්න. Titanic නැවේ මේ කොටස් 16ක් තිබිලා තියනවා. ඒ වගේම මේ කොටස් 4ක් සම්පූර්ණයෙන් වතුරින් පිරුනත් ගිලෙන්නෙ නැතුව තියෙන්න මේ නැවට පුළුවන් කම තිබිලා තියනවා. මේ කුටීර එකිනෙක සම්බන්ධ වෙන්නේ Automatic දොරවල් වලින් . ඒ වගේම මේ දොරවල් ඔක්කොම එකසැරේ විතරයි වහන්න පුළුවන් . වෙන වෙනම වහන්න පුළුවන් කමක් තිබිල නෑ. ඒකත් නැවේ අනතුර බරපතළ වෙන්න ප්‍රධාන හේතුවක්.
නැව ගිලෙන්න පටන් ගන්නෙ Watertight Compartment 6 පිරුනට පස්සෙ.
2. නැවේ Crew එකේ අයගේ වැරදි තීරණ
කැප්ටන් E J ස්මිත් නැව ඇයගේ උපරිම වේගයෙන් යාත්‍රා කරවපු එක මේ අනතුර ඇතිවෙන්න තවත් හේතුවක් වෙනවා. අනතුර වෙන අවස්ථාවේ නැව 22 knots ( 40 kmph) වේගයකින් යාත්‍රා කරමින් තිබ්බා. අත්ලාන්තික් සාගරය විශාල අයිස් කඳු තියන සාගරයක් කියල අනතුරු ඇඟවීම් නිකුත් කරල තියෙන වෙලාවක , ඒ වගේම අමාවක දවසක ඒ තරන් වේගයකින් නැව යාත්‍රා කලේ නැත්තන් මේ අනතුර නොවෙන්නත් ඉඩ තිබ්බා.සමහරු කියන විදියට නම් , කපිතාන් ස්මිත් උත්සාහ කරල තියනව England to New York දක්වා වැඩිම වේගයකින් ගියපු නැව Titanic නැව කරවන්න.
ඒ වගේම ජීවිතාරක්ෂක බෝට්ටු ඇති උනේ නැවේ මිනිස්සුන්ගෙන් 61% ට විතරයි . ඒකත් නැව් සමාගමේ වැරද්දක් කියල කියන්න පුළුවන් .
3. නැවේ ගල් අඟුරු ගබඩාවෙ ඇති උන ගින්න.
ඔයාල හැමෝම දන්නවනේ ටයිටැනික් නැව ගල් අඟුරු නැවක් කියල . ඉතින් මේ නැව යාත්‍රා කරන්න කලින් මේ නැවේ ගබඩාවේ ගල් අඟුරු වල ගින්නක් ඇති වෙලා තියනවා.ගල් අඟුරු ගිනිගන්න ගත්තහම දවස් ගනන් මේ ගබඩා ඇතුලේ ගිනිගන්නවලු. ඉතින් ටයිටැනික් කියන්නෙ Single Skin නැවක්. එක ලේයර් එකක් විතරයි තිබිලා තියෙන්නේ . ඒ නිසා මේ ගල් අඟුරු ගින්න නැවේ බඳේ ශක්තිමත් බව අඩු කරල තියනවා. කොහොමහරි , මේ හේතු ඔක්කොම එකතු වෙලා මිනිස් ඉතිහාසයේ වෙච්ච ලොකුම අනතුරක් උනා .
තව දෙයක් ටයිටැනික් මූවි එකේ පෙන්නන විදියට තුන්වෙනි පන්තියේ අයව එලියට එන්න බැරි වෙන්න හිර කලේවත් , ජැක් සහ රෝස් කියල දෙන්නෙක් වත් ඉඳල නෑ .
උපුටාගැනීම අන්තර්ජාල ලිපියකින්
ඡායාරූප- අන්තර්ජාලයෙන්
පළමු ලිපියේ හිමිකරුට ප්‍රණාමය
No comments