Bluetooth ගැන යටගියාව දන්නවද
මේ වෙනකොට ඔයාලා හැමෝම ගාව Bluetooth තියන එක Device එකක් හරි ඇති. Bluetooth පාවිච්චි කරලා ගොඩක් වැඩ ගන්නවත් ඇති. පාවිච්චි කරාට මේ technology එක පටන් ගත්ත විදිහ දැනගෙන හිටියද
මේ ගැන අදහස එන්නෙ 1989 දි. wire නැති headset එකක් හදන අදහසින් තමයි වැඩේට බහින්නෙ. මේ technology එක වැඩකරන්න ඔින වෙන පළවෙනි protocol එක හදන්නෙ Dr. Jaap Haartsen. ඒක හදන්න එයාට අවුරුදු 5 ක් යනවා. ඊටපස්සෙ ඒක perfect කරන්න තවත් අවුරුදු කිහිපයක්ම යනවා. කොහොම හරි 1999 දි ලෝකෙ පළවෙනි bluetooth වලින් වැඩකරන handsfree headset එක හදනවා. එච්චර කාලෙකට කලින් හොයාගත්ත දෙයක් කියලා හිතන්න නැතිව ඇති. ඉතින් ඒතමයි Bluetooth වල පළවෙනි version එක. නැත්තන් 1.0 version එක. මේවෙද්දි latest ම version එක තමයි 5.2
එතකොට කොහොමද මේ technology එකට "Bluetooth" කියන නම ආවේ? සමහරු මේ කතාව අහලත් ඇති. මේ technology එකට ඔින වෙන කෙටි පරාසයක් තියන ගුවන්විදුලි තරංග හදන්න company 3 ක් වෙන වෙනම වැඩ කරා. ඒ තමා අපි හැමෝම දන්න Intel, Ericsson & Nokia. පස්සෙ මෙයාලා කතා වුණා මේකට තනි standard එකක් හදන්න. ඒ කිව්වෙ එක protocol එකක්. මෙතෙන්දි Intel එකට වැඩ කරේ Jim Kardach කියන කෙනා. ඉතින් මේ Jim , Viking රජෙක් ගැන තියන ඉතිහාස පොතක් කියවලා තිබ්බා. ඒ රජාගෙ නම වුණේ "Harald Bluetooth Gormsson". කතාවෙ තිබ්බ විදිහට මෙතුමා Denmark & Norway කියන රටවල් දෙක එක්සත් කරලා තියනවා. ඉතින් මෙයාලා මේ හදන්න යන technology එකෙන් කරන්න යන්නෙත් device දෙකක් connect කරන එක හින්දා මේකට ගැලපෙනම නම අර Viking රජාගෙ නම වුණ Bluetooth කියලා Jim කියනවා. අන්තිමේදි ඒ නමත් එක්ක මේ technology එක ලොකු දුරක් යනවා.
උපුටාගැනීම අන්තර්ජාල ලිපියකින්
පසු සටහන
විද්යාත්මකව පැහැදිලි කරොත් Bluetooth යනු කෙටි දුර රැහැන් රහිත සන්නිවේදන තාක්ෂණ ක්රමයක් වන අතර එය IMS බෑන්ඩ් වල UHF රේඩියෝ තරංග උපයෝගී කරගනිමින් කෙටි කාලීනව උපාංග අතර දත්ත හුවමාරු කර ගැනීම සඳහා භාවිතා කරන අතර 2.402 GHz සිට 2.48 GHz දක්වා පරාසයක ක්රියාත්මකයි
ඡායාරූප සහ පසු සටහන Bluepalnet
No comments