විශ්මිත රටා මවන අවුරෝරා (Aurora) හැදෙන්නේ මෙහෙමයි
අව්රෝරා( Aurora ) කියන්නේ පෘතුවි අහසේ දක්නට ලැබෙන විස්මිත ස්වභාවික සංසිද්ධියකි. අව්රෝරා අපට දැකිය හැක්කේ රාත්‍රී කාලයේදී පමණක් වන අතර අවුරෝරා දැකීමට හොඳම ස්ථාන චුම්භක ධ්රැව අසල ය.මේවාට ග්‍රීන්ලන්තයේ උතුරු ප්‍රදේශය, ස්කැන්ඩිනේවියානු වෙරළ, සයිබීරියාව සහ උතුරේ ඇලස්කාව සහ දකුණේ ඇන්ටාක්ටිකාව ඇතුළත් වේ.
මෙම විශ්මිත අව්රෝරා සිදු වීමට හේතුව සත්‍ය වශයෙන්ම සූර්යයාගේ මතුපිට ක්‍රියාකාරිත්වය නිසා ඇතිවේ. එනම් සුර්යයා මතුපිට ඇති සුර්ය කුණාටු මගින් ආරෝපිත අංශු ඉතා විශාල ලෙස නිකුත් කෙරෙනවා. පෘතුවියේ චුම්භක ධ්රැව වලදී ඉහත ආරෝපිත අංශු වල ක්‍රියාකාරිත්වය අපට දැක ගත හැකි වන්නේ දීප්තිමත් ආලෝක ධාරා හෙවත් අව්රෝරා ( Aurora ) ලෙස දැක ගත හැකි වේ. සෞරග්‍රහ මණ්ඩලයේ බොහෝ ග්‍රහලෝක, සමහර ස්වාභාවික චන්ද්‍රිකා, දුඹුරු වාමන සහ වල්ගා තරුවල පවා මෙම අව්රෝරා ආලෝකය දක්නට තිබේ.මෙම බොහෝ අව්රෝරා සිදුවන්නේ පෘථිවි මතුපිට සිට කි.මී 97-1,000 (සැතපුම් 60-620) පමණ ඉහතින් ය.
ආව්රෝරා වල වර්ණය උස අනුව සහ වායුගෝලයේ ඇති පරමාණුව අනුව වෙනස් වේ. වායුගෝලයේ ඇති ඔක්සිජන් පරමාණු වැඩි වන විට අව්රෝරා කිරණේ වර්ණය රතු වේ. ඉතා සුලභ දර්ශනයක් වන කොළ-කහ පැහැයක් දිස්වන්නේ පහළ උන්නතාංශවල ඔක්සිජන් අයන වල තිබෙන විට දිය.
හයිඩ්රජන් හා හීලියම් වලින් නිල සහ දම් අව්රෝරා ඇති වේ.මෙම නිල හා දම් වර්ණයෙන් යුත් අව්රෝරා අපට දැක ගත හැක්කේ කලාතුරකිනි.
-Images from Google
-Prepared By BLUEPLANET
No comments