පරිසරය ගැන ලියවුණු ලෝකයේ හොදම ලියවිල්ල : රතු ඉන්දීය නායක සියැටල් .
දියුණු යැයි සම්මත මිනිසාගෙන් පරිසරයට සිදු වූ හානිය ගැන කියන්නට ලොව ඇති හොදම උදාහරණයක්නම් රතු ඉන්දීය නායක සියැටල් ඇමරිකානු ජනපති වරයාට ලියන ලද ලිවුමයි 1855 වසරේ ලියූ මේ ලිපියයි
දියුණු
යැයි සම්මත මිනිසාගෙන් පරිසරයට වූ හානිය ගැන කියන්නට ලොව ඇති හොඳම උදාහරණයක් නම් රතු ඉන්දීය 1855 වසරේ ලියූ මේ ලිපිය අප යළිත් පළ කරන්නේ පාඨකයාගේ දැන ගැනීම පිණිසය.
වොෂින්ටන්
නුවර ඉන්න මහ ලොක්කා අපේ ඉඩම් මිලයට ගන්න සතුටුයි කියල දන්නල එවල තියෙනව. උන්නැහේගේ යාළුකමත් හොඳ හිතත් අපට තව දුරටත් දන්නල එවල තියෙනව. ඒක බොහොම කරුණාවන්ත ක්‍රියාවක්. මන්දැයි කීවොත්, අපේ
යාළුකමෙන්උන්නැහේට වැඩක් නැති එක අප දන්න නිසා. ඒ වුණත් අපි ඔබේ. යෝජනාව ගැන සලකා
බලනව. මොකද අපි අපේ ඉඩම් විකුණන්නෙ නැත්නම්, සුදු මිනිහ තුවක්කු අරගෙන ඇවිත් අපේ ඉඩම් ගන්න බව අපි දන්නවා. අහස මහ , පොළොවේ උණුසුම මිලයට ගන්නෙවත් විකුණන්නෙවත් කොහොමද? ඒක අපට නුහුරු
අදහසක්. වාතයේ තියෙන නැවුම් ගතියත් ජලයේ තියෙන
දිදුලන ගතියත් අපට අයිති දේ නොවේ නම් ඒවා කොහොමද
මිලයට ගන්නෙ.
මේ
මහ පොළොවේ හැම කොටසක් ම මගේ ජනතාවට අති පාරිශුද්ධයි. මගේ ජනතාව හැම දිලිහෙන පසින් කුරක්ම හැම වැලි වෙරළක් ම අන්ධකාර වනාන්තරයේ හැම මීදුම් පටලයක්ම, හැම එළිමහනක් රුං රුං ගාගෙන එන හැම මැසි
මදුරුවෙකු ම සිහිපත් කරන්නේ. අත්දැක තියෙන්නේ අති
පාරිශුද්ධ හැටියටයි. ගස් පුරා ගලා යන යුෂ මගින්
ගෙනියන්නේ රතු මිනිහාගේ මතක සටහන්. සුදු මිනිහගෙ
මළවුන් කරු අතර හැසිරෙන්න ගියාම උන්ට උන්ගෙ උපන් බිම
අමතක වෙනව. මේ ලස්සන පොළොව රතු මිනිහගෙ මාතාව කිසා
අපේ මළවුන්ට ඒ පොළොව අමතක වෙන්නෙ නැහැ. අපි පොළොවෙ
කොටසක්. පොළොව අපේ කොටසක්.සුවඳ කැවුණු මල් අපේ සහෝදරියෝ. මුවා, අශ්වයා, රාජාලියා ඒ අපේ සහෝදරයෝ ගල්කුළු, තණ බිමේ යුෂ, අශ්ව නාම්බගෙ ඇගේ උණුසුම, මිනිහා කෝකත් එකම පවුලටයි අයිති.
ඉතින්
වොෂින්ටන් නුවර ඉන්න මහ ලොක්කා අපේ ඉඩම් මිලයට ගන්න කැමැත්තෙන් ඉන්නවයි කියල කියන කොට අපෙන් ඉල්ලන්නේ දෙන්ඩ බැරි දෙයක්. මහ ලොක්කා දන්නල එවල තියෙනව අපට සුව පහසු ඇතුව ජීවත් වෙන්න අපට වෙන් කරපු තැනක් දෙනවයි කියල. උන්නැහේ අපට තාත්තෙක් වෙනවලු. අපි උන්නැහේගේ දරුවෝ වෙනවලු. ඒ හින්ද අපේ ඉඩම් මිලයට ගන්න කරපු යෝජනාව අපි සලකා බලමු. හැබැයි ලේසි පාසු වැඩක් වෙන්නේ නැහැ. මොකෝ මේ භුමිය අපට ශුද්ධ භූමියක්.
ඇළ
දොළ, ගංගාවල ගලා බහින ජලය නිකම්ම වතුර
නෙමේ. අපේ මුතුන් මිත්තන්ගේ ලේ. අපි තමුන්නාන්සෙට
ඉඩම් වික්කොත් ඒ ඉඩම් අති පාරිශුද්ධ කියන එක
තමුන්නාන්සේ මතක තියා ගන්න ඕනෑ. ඒ වගේම
තමුන්නාන්සේගේ දරුවන්ටත් උගන්නල දෙන්ඩ ඕනෑ ඒවා
පාරිශුද්ධ බව පැහැදිලි ජලයේ පිළිබිඹු වී පෙනෙන හැම ඡායාවකින්ම
කියා පාන්නේ මගේ ජනතාවගේ ජීවිතයේ ඒ ඒ සිද්ධි හා මතක
සටහන් බව. ජලය මුමුණන කොට ඇහෙන්නෙ මගේ අප්පච්චිගෙත්
අප්පච්චිගෙ කටහඩයි. ගංගා අපේ සහෝදරයෝ. අපේ පිපාසය
නිවන්නේ ගංගා ගංගා තමයි අපේ ඔරු ගෙනියන්නේ. අපේ
දරුවන්ට කන්න දෙන්නේ අපි අපේ ඉඩම් තමුන්නාන්සෙට
වික්කොත් තමුන්නාන්සෙ මතක තියාගන්ඩ ඕනෑ. ඒ වගේම
තමුන්නාන්සෙගේ දූ දරුවන්ටත් උගන්නා දෙන්ඩ ඕනෑ ගංගා
අපෙත් තමුන්නාන්සේලාගෙත් සහෝදරයොයි කියන එක. එතැන්
පටන් සහෝදරයකුට දක්වන කරුණාව ගංගාවලට දක්වන්න ඕනෑ.
උදා
හිරු ළඟා වෙනකොට මීදුම පසු බහින විදියට රතු මිනිහත්හැම විටම සුදු මිනිහා ඉදිරියේ
පසුබැස්සා. ඒත් අපේ මුතුන් මිත්තන්ගෙ අළු අපට පාරිශුද්ධයි. ඒ
ගොල්ලන්ගෙ සොහොන් ශුද්ධ භූමි. ඒ නිසා මේ කඳු, මේ ගස්, මහ පොළොවේ මේ බිම් කොටස අපට කැප කෙරුණු දේ. අපේ ගති පැවතුම් සුදු
මිනිහා නොදන්න බව අපි දන්නව. සුදු මිනිහ රාත්‍රියෙ ඇවිත් තමන්ට ඕනෑ දේ පොළොවෙන්
ලබාගන්න ආගන්තුකයෙක් නිසා ඒ මිනිහට කොයි භුමියත් එකයි. පොළොව එයාගෙ සහෝදරයෙක්
නෙමේ. සතුරෙක්. එක තැනක ජය ගත්තායින් පස්සේ තවත්
තැනකට යනව. එයා යන්නේ එයාගෙ මුතුන් මිත්තන්ගෙ සොහොන්
අත්හැර දමල. කිසිම කැක්කුමක් නැතුව එයා පොළොව
පැහැරගෙන යනව. එයා එයාගෙ මුතුන් මිත්තන්ගෙ සොහොන්, දරු
මුණුබුරන්ගෙ ජන්ම උරුමය අමතක කරදානව. එයා එයාගෙ මෑණියන් වහන්සේ වන මහ පොළොවත්
එයාගෙ සහෝදරයා වන ආකාසයත් සලකන්නේ බැටළුවන් වගේ, එහෙමත් නැත්නම් දිලිහෙන
පබළු වගේ සල්ලිවලට ගන්ඩත්, පැහැර ගන්ඩත්, විකුණන්ඩත් පුළුවන් දේ
හැටියටයි. ඒ කෑදරකම මහ පොළොව ගිලගෙන කාන්තාරයක්
ඉතුරු කර දේවි. මම දන්නෙ නැහැ. අපේ ගති සිරිත්
තමුන්නාන්සේලාගෙ සිරිත් වලට වඩා වෙනස්.
තමුන්නාන්සේලාගේ නගර දැක්කම රතු මිනිස්සුන්ගෙ ඇස්වලට
කඳුළු එනවා. සමහර විට රතු මිනිහා ම්ලේච්ඡයෙක් නිසා
ඔය දේ නොතේරෙන නිසා වෙන්ඩ ඇති.
සුදු
මිනිහගෙ නගරවලට නිස්කලංක තැනක් නැහැ. වසන්ත කාලෙ ගස්වල කොළ දිග ඇරෙන සද්දෙට පොඩි පොඩි සතුන්ගෙ සර සර සද්දෙට කන්දීගෙන ඉන්ඩ තැනක් නැහැ. මට මේක නොතේරෙන්නෙ සමහර විට, මම ම්ලේච්ඡයෙක්
නිසා වෙන්ඩැති. ගෝසාව මට දැනෙන්නෙ කන් දෙකට නිග්‍රහ
කරන්නා වගේ. උළලේනියගේ වැළපුම් හඬක් වත්, විල වටා නැගෙන ගෙම්බන්ගෙ වාද විවාද වලටත්
රෑ කාලෙ ඇහුම්කන් දෙන්ඩ බැරි මිනිහගෙ ජීවිතයෙන් ඇති
පලේ මොකක් ද? මම රතු මිනිහෙක්, මට තේරෙන්නේ නැහැ. විල් ජලය පිසගෙන හමන සුළගේ නාදෙටත්, දහවල් වැස්සෙන් පිරිසුදු වුණු, එසේත්
නැත්නම්, පයිනොන් පයින් සුවඳින් සුවඳවත් වුණු ඒ සුළගේ සුවඳටත් රතු ඉන්දියානු මිනිහා ප්‍රිය කරනව. රතු මිනිහට වාතය බොහොම වටිනව. මන්දැයි කීවොත්. හැම දෙයක්ම ගහකොළ, වන මාඝ, මනුෂ්‍ය හැමෝම හුස්ම ගන්නෙ එකම වාතය ගැන
සුදු මිනිහට දැනුමක් වත් නැතුවා වගෙයි. දවස් ගණනක්
තිස්සේ පණ අදින මිනිහෙක් වගේ එයාට ගඳ සුවඳ දැනෙන්නෙ
නැහැ.
හැබැයි
අපි අපේ ඉඩම් තමුන්නාන්සෙට වික්කොත්, වාතය අපි බොහොම අගේ කරන දෙයක් බවත්, ඒකෙන් පණ රැක දෙන හැම දෙයක් එක්කම ඒ ජීව
වායුව බෙදාගෙන තියෙන බවත් අමතක නොකරන්ඩ ඕනෑ. අපේ
මුත්තාට මුලින්ම හුස්ම දුන්න සුළඟ තමයි උන්දෑගේ
අන්තිම හුස්ම බාර ගන්නෙත්. අපේ දරුවන්ටත් ඒ ජීව වායුව
සුළගෙන් ලැබෙන්ඩ ඕනෑ. ඒ වගේම, අපේ ඉඩම් තමුන්නාන්සේට අපි වික්කොත්, ඒව වෙන්කරල
ශුද්ධ භූමි හැටියට, තණ බිමේ මල්වලින් සුවඳ වුණු පවන්
සුවඳ විඳින්නට සුදු මිනිහටත් ගිය හැකි තැන් හැටියට, තියා ගන්ඩ ඕනෑ.
ඉතින්
අපේ ඉඩම් මිලයට ගන්ඩ කරපු ඉල්ලීම අපි සලකල බලන්නම්. ඒ ඉල්ලීම පිළිගන්ඩ අප තීරණය කළොත්, එක කොන්දේසියක් පනවන්ඩ තියෙනව. සුදු
මිනිහා මේ භූමියේ ඉන්න සත්තු තමන්ගේ සහෝදරයා හැටියට
සලකන්ඩ ඕනෑ. මම ම්ලෙච්ඡයෙක්. ඒ නිසා, මට ඕක වෙන විදිහකට තේරෙන්නේ නැහැ. කෝච්චියක
යන ගමන් සුදු මිනිහ වෙඩි තියල මරාදාපු දහස් ගණන් මීමුන්ගේ
කුණු වුණු මළ සිරුරු මම තණබිම්වල දැකල තියෙනව. අපට
ජිවත් වෙන්ඩ වුවමනා නිසාම විතරක් අපි මරණ මීමුන්ට වැඩියෙ
ඔය දුම්දාන යකඩ අශ්වයා වැදගත් වෙන්නෙ කොහොමද කියන එක
ම්ලේච්ඡ මට නම් තේරෙන්නෙ නැහැ.
අපි අපේ දරුවන්ට ඉගැන්නුවා වගේ තමුන්නාන්සේලා තමුන්නාන්සේලාගේ දරුවන්ට උගන්නන්ඩ ඕනෑ. පොළොව අපේ මෑණියන් වහන්සේ බව. පොළොවට යමක් සිද්ධ වුණොත් පොළොවේ පුතුන්ටත් එකම සිද්ධ වෙනව. පොළොවට කෙළ ගහන මිනිස්සු තමන්ටමයි කෙළ ගහ ගන්නේ. මේ දේ අපි දන්නව. පොළොව මිනිහට අයිති නැහැ. මිනිහ පොළොවට අයිතියි. මේක අපි දන්නව. හැම දෙයක්ම එකිනෙකට සම්බන්ධයි. හරියට ලේ බැම්මෙන් බැඳුණු පවුලක් වගේ හැම දෙයක්ම එකිනෙකට සම්බන්ධයි. පොළොවට යමක් වුණොත් පොළොවේ පුතුන්ටත් ඒකම වෙනව. ජීවිතයයි කියන දැල විව්වෙ මිනිහ නෙමේ. මිනිහ ඒ දැලේ එක නූල් පටක් විතරයි. මිනිහ දැලට කරන දේ තමාටම කර ගන්න දෙයක්.
ඒ
කොහොම වුණත් මගේ ජනතාවට තමුන්නාන්සේ වෙන් කර තියෙනවයි කියන වාස භූමියට යන්ඩ කියල කරන ඉල්ලීම අපි සලකා බලනව. අපි වෙන් වී සාමයෙන් ජිවත් වෙන්නම් අපේ ඉතිරි කාලෙ කොහේ ගත කෙරුවත් වෙනසක් නැහැ. තමන්ගෙ අප්පච්චිල පරාජයෙන් දණ ඇණ හිටි විදින අපේ දරුවෝ දැකල තියෙනව. අපේ රණසූරයෝ ලජ්ජා විඳල තියෙනව. පැරදුනායින් පස්සෙ. දැන් ඒ උදවිය දවස් ගෙවන්නෙ කාලෙ කකා, රස කෑම
වලිනුත් සැර බීම වලිනුත් ශරීර බාල්දු කරගෙන.
අපේ
ඉතුරු දවස් ටික කොහේ ගත කෙරුවත් දැන් කාරියක් නැහැ. ඒක ඒ තරම් කාලෙකුත් නෙමේ. තව පැය කීපයක්, හේමන්ත ඍතු කිහිපයක් ගත වේවි. ඊට පස්සෙ.
තමුන්නාන්සේලා වගේම බලවත් තමුන්නාන්සේලාට වගේම බලාපොරොත්තු
තිබුණු ජනතාවකගේ සොහොන් මත වැළපෙන්ඩ මේ පොළොව කලක් සැරිසැරූ ඒ මහා ගෝත්‍රවල දරුවෝ, අදත් තවම
වන රොදවල, සැරිසරණ පොඩි පොඩි කණ්ඩායම් වල දරුවෝ කිසි
කෙනෙක් නොඉඳීවි.
ඒත්, මගේ ජනතාවගේ අභාවය ගැන මම මොනවට වැළපෙන්නේ? ගෝත්‍ර හැදෙන්නේ
මිනිසුන්ගෙන්. ඊට වඩා දෙයක් එතන නැහැ. මහමුදෙ රැල්ල
වාගෙ මිනිස්සු එනව යනව. හරියට කුළුපග යාළුවෙක් වගේ
තමන් එක්ක යන එන කතා බස් කරන දෙවියෙක් ඉන්න සුදු
මිනිහට වුණත් මේ පොදු දෛවයෙන් ගැලවුමක් තියෙන්ඩ
බැහැ. අපි හැමෝම, සමහර විට, සහෝදරයො වෙන්ඩත් බැරි නැහැ. බලමු.
එක දෙයක් අපි දන්නව. කවද හරි සුදු මිනිහට ඒක හෙලි කරගන්ඩ ලැබේවි. අපේ දෙවියන් වහන්සේත් ඒ දෙවියන් වහන්සේමයි. අපේ ඉඩ කඩම්
අයිති කරගන්ඩ දැන් කැමැත්තක් දක්වනව වගේම ඒ දෙවියන් වහන්සේත් තමුන්නාන්සේලාට අයිති
කියල දැන් හිතෙනව ඇති. නමුත් ඒක කරන්ඩ ලැබෙන්නේ නැහැ. උන්වහන්සේ මනුෂ්‍ය වර්ගයාගේ
දෙවියන් වහන්සේයි. උන්වහන්සේගේ කරුණාව රතු මිනිහටත් සුදු මිනිහටත් එක වගෙයි.
ඡායාරුප අන්තර්ජාලයෙන්
No comments