කුචිසකේ ඔන්නා (මුව ඉරෙන කාන්තාව)
"කුචිසිකේ ඔන්නා" කියන ජපන් වචනයේ තේරුම සරලව ලැබෙන්නේ "Mouth Tearing Women"කියලයි. "කට ඉරෙන කාන්තාව" වගේ තේරුමක් තමයි එතකොට ලැබෙන්නේ. ඉතින් කවුද මේ කට ඉරෙන කාන්තාව, ඇයි මෙයාගෙ කට ඉරෙන්නේ
කුචිසකේ ඔන්නා කියන්නේ ජපන් නාගරික ප්‍රවාද වල සහ ජපන් ජනශ්රැති වල එන අධිස්වාභාවික කාන්තා ආත්මයකටයි. "Slit-Mouthed Woman" කියල හඳුන්වන්නෙත් මෙයාවමයි. මෙයාව පළිගන්නාසුළු ආත්මයක්, ද්වේශසහගත ආත්මයක් හෝ "ඔන්ඩියෝ" කෙනෙක් විදිහටත් හඳුන්වනවා. ඔන්ඩියෝ කියන්නේ ජපන් ජනශ්රැති වල එන පළිගන්නාසුළු ආත්ම විශේෂයක්. හැබැයි සාමාන්‍ය අවතාරයකින් එහාට ගිය ලොකු බලයක් තියෙන මෙයාලා වියරු ආත්ම කියලත් හඳුන්වනවා. ජීවී ලෝකයට ඇතුල්වෙලා ජීවත්වෙන මිනිස්සුන්ට හානි කිරීම ,මරා දැමීම, සතුරන් මරා දැමීම වගේම අවශ්‍ය නම් ස්වභාවික විපත් ඇති කරන්න තරම් මෙයාලා බලවත්. එහෙම කරලා තමන් විසින් හානි කරපු කෙනාගේ මියයන සිරුරෙන් ආත්මය ඇදගන්න මෙයාලට පුළුවන්ලු.
කුචිසකේගේ පෙනුම ගැන කතා කළොත්, මෙයා සාමාන්‍ය කාන්තාවක් වගේම තමයි පෙනී ඉන්නේ. හැබැයි මෙයාගෙ මුහුණේ යට කොටස මාස්ක් එකකින් හෝ ඒ වගේ මොනවගෙන් හරි ආවරණය කරගෙනයි ඉන්නේ. ඒ වගේම මෙයාගෙ අතේ මොනවහරි තියුණු දෙයක් තියෙනවා. පිහියක්, කතුරක් හෝ ඒ වගේ මොනවහරි දෙයක්.
කුචිසකේ සම්බන්ධ ජනප්‍රියම ප්රවාදයට අනුව මෙයාව ඔයාට හම්බෙන්න පුළුවන් පටු පාළු මාවතක ඔයා තනියම ගමන් කරත්දියි. ඔයාගෙ ඉදිරියේ එකපාරටම පෙනී ඉන්න කුචිසකේ ඔයාගෙන් අහනවා ප්‍රශ්ණයක්. ඒ එයා ලස්සනද කියලයි ( "ඔයා හිතනවද මම ලස්සනයි කියලා ? " / "මම ලස්සනයිද ?" වගේ දෙයක්). මෙයා මූණෙ යට භාගය ආවරණය කරගෙන ඉන්න නිසා ඔයා මේ කවුද කියල දන්නැති නිසා ඔයා සමහරවිට "ඔව්" කියන්නත් පුළුවන්. සමහරවිට "නෑ" කියන්නත් පුළුවන්. ඔයා "නෑ" කිව්වොත් මෙයා එක මොහොතකින් තමන් අතේ තියෙන ආයුධයෙන් (සාමාන්‍යයෙන් දිග කතුරක් කියලයි කියන්නේ) පහර දීලා ඔයාව මරල දානවා. ඔයා "ඔව්" කිව්වොත් එයා තමන්ගෙ මුහුණු ආවරණය ගලවලා දාලා එයාගෙ සැබෑ ස්වරූපය පෙන්වනවා. එයාගෙ කට එක කන ඉඳන් අනික් කනට යනකන්ම කපලා, නැත්තම් ඉරිලයි තියෙන්නේ. ඊටපස්සෙ එයා ඔයාගෙන් ආයෙමත් කලින් ප්‍රශ්ණෙම අහනවා. මේ පාර ඔයා "නෑ" කිව්වොත් එයා ඔයාව මරල දානවා. ඔයා මේ පාරත් "ඔව්" කිව්වොත් එයා ඔයාවත් එයා වගේම ලස්සන කරයි. ඒ කියන්නෙ ඔයාගෙත් කට එක කනක ඉඳන් අනික් කන් ගාවට යනකන්ම.....
ඉතින් මෙයාගෙන් බේරෙන්න පුළුවන්ද ?
ඔයා හිතයි දුවල බේරෙන්න පුළුවන්නෙ කියලා. බෑ. ඔයාට උසේන් බෝල්ට්ගෙ ආච්චි වැහිල දිව්වත් ඔයාට මෙයා එක්ක දුවල බේරෙන්න නම් බෑ. මොකද ඔයා කොයි පැත්තට දිව්වත් මෙයා ආයෙ ආයෙම ඔයාගෙ ඉස්සරහින් මතුවෙයි.
එතකොට බේරෙන්නේ කොහොමද ?
ඒක ටිකක් අස්ථිර දෙයක්. මෙයාගෙන් බේරෙන්න ක්‍රමයක් සාමාන්‍යයෙන් සලකන්නෙ නෑ කියලයි. හැබැයි සමහර ප්‍රවාද වලට අනුව නම් ඔයාට මුදල් හෝ තද පැණිරස කෑම වලින් මෙයාගෙ අවධානය වෙනතකට හරවලා බේරෙන්න පුළුවන් කියනවා.
කුචිසකේ ගේ ඔරිජින් එක මොකක්ද ?
ඒ ගැන කිව්වොත් මෙයා සම්බන්ධ ඔරිජින් ස්ටෝරීස් කීපයක්ම තියෙනවා. මේ හැම එකකම පොදු කාරණාව තමයි මෙයා ජීවත්ව ඉන්න කාලෙදි මෙයාගෙ කට මේ විදිහට ඉරලා, නැත්තම් කපල දාලා මෙයාව විකෘති කරලා කියන එක.
එක ඔරිජින් ස්ටෝරියකට අනුව මෙයා ඒ කාලේ සමුරායි වරයෙකුගේ බිරිඳක් හෝ ඒ සමුරායි ආශ්‍රය කළ කාන්තාවක්. මෙයා සමුරායිවරයාට අමතරව තවත් අය සමඟ සම්බන්ධකම් පවත්වා ගන්න නිසා ඒක දැනගන්න සමුරායි දඬුවමක් විදිහට මෙයාගෙ කට මේ විදිහට කපල දාලා විකෘති කරනවා.
තවත් එකකට අනුව මෙයාගේ කට මේ විදිහට විකෘති කරන්නෙ මෙයාගෙ ලස්සනට ඊර්ශ්‍යා කරන තවත් කාන්තාවක්. වෛද්‍ය හෝ දන්ත වෛද්‍ය කටයුත්තකදී මෙහෙම කරා කියලයි කියන්නේ.
මේ දෙකටම වඩා වෙනස් කතාවක් තියෙනවා ඒකෙදි කියවෙන්නෙ මෙයාගෙ කටේ උල්, තියුණු දත් පිරිල තිබ්බලු. ඒක එච්චර පැහැදිලි නෑ.
කොහොම උනත් මරණින් පස්සේ කුචිසකේ පළිගන්නාසුළු ආත්මයක් විදිහට හෝ ඔන්ඩියෝ කෙනෙක් විදිහට ආයෙමත් එනවා. එක එක ප්‍රවාද වලට අනුව සමහර වෙනස්කම් තිබ්බත් හැම කතාවෙම වගේ මූලික කාරණා ටික එක වගේ. වෙනස්කම් විදිහට මෙයා මුහුණ ආවරණය කරගෙන ඉන්න විදිහ දිහා බැලුවොත්, මේක අතීතයට සහ නූතනයට ගැලපෙන විදිහට එක එක ප්‍රවාද වලදි වෙනස් වෙලා තියෙනවා. ටිකක් පරණ ස්වරූපයක් ගන්න ඒවගෙදි පවන් සලන අවානකින් මුහුණ ආවරණය කරගන්නවා කියලත්, වර්තමානයට ගැලපෙන ඒවගෙදි නම් ලේන්සුවකින් හෝ සැත්කම් වලදී භාවිතා කරන මුහුණු ආවරණයකින්( සර්ජිකල් මාස්ක් එකකින්) මේ විදිහට මුහුණ ආවරණය කරගෙන ඉන්නවා කියලත් කියවෙනවා.
ඒ වගේම මෙයා ගෙනියන ආයුධය සමබන්ධ වෙනස්කම් ගත්තොත් ප්‍රවාදයෙන් ප්රවාදයට මේක දෑකැත්තක්, පිහියක් හෝ විශාල කතුරක් විදිහට වෙනස් වෙනවා. මෙයා අහන ප්‍රශ්ණයේ පවා සමහරවිට වෙනස්කම් දකින්න පුළුවන්. උදාහරණයක් විදිහට මෙයා මුහුණු ආවරණය ඉවත් කලාට පස්සේ තමන් ලස්සනයිද අහත්දි තමන්ගෙ කට පෙන්නලා "දැනුත් එහෙමද ? " නැත්තම් "මේකත් එක්කත් ලස්සනද ?" වගේ වෙනස්කම් ප්‍රවාදයෙන් ප්රවාදයට දකින්න පුළුවන්.
මෙයාගෙන් ගැලවෙන්න පුළුවන් ක්‍රම ගැන ආයෙම මේ වෙනස්කම් යටතේත් බැලුවොත් සමහර ප්‍රවාද වලට අනුව ඔයා ප්‍රශ්ණ දෙකටම "ඔව්" කියල උත්තර දුන්නොත් මෙයා ඔයාව මරන්නැතුව අත ඇරලා යන බව කියවෙනවා. හැබැයි තවත් ප්‍රවාද වලට අනුව මෙයා ඔයාව එහෙම අත ඇරලා ගියාට රෑට ඔයාගෙ ගෙදරට ඇවිත් ඔයාව මරල දාන බව කියවෙනවා. ඒ වගේම මෙයා අහන ප්‍රශ්ණ වලට "සාමාන්‍යයි" කියල උත්තර දුන්නොත් ඔයාට බේරෙන්න පුළුවන් කියලත් කියවෙනවා. ඒ ඇරෙන්න මම මුලදිම කිව්වත් වගේ මුදල් හෝ තද පැණිරස කෑම මඟින් මෙයාගෙ අවධානය වෙනතකට යවලා ඔයාට පැනල යන්න කාළය ලබාගන්න පුළුවන් බව කියවෙනවා. ඒත් ඔයාලටම පේනවා ඇති මේ ක්‍රම ඇත්තටම එච්චර විශ්වාස කරන්න බැරි අස්ථිර ක්‍රම කියලා. ඒ නිසයි මම මුලදි කිව්වේ මෙයාගෙන් බේරෙන එක අස්ථිර වැඩක් කියලා.
ඉතින් කොහොම උනත් මේ වෙත්දි නම් කුචිසකේ ඔන්නා ෆිල්ම් වලට ටීවී සීරීස් වලට වගේම පොත් වලටත් හොඳ මාතෘකාවක් බවට පත්වෙලා තියෙනවා. මොන මොනවහරි ඒවගෙන් ඔයාලත් සමහරවිට මෙයාව දැකල ඇති. මට මතක විදිහට 2013 කොන්ස්ටන්ටීන් සීරීස් එකෙත් එක එපිසොඩ් එකක මෙයා ඉඳල තියෙනවා
ලිපියේ මුල් හිමිකරුට ප්‍රණාමය
ඡායාරුප අන්තර්ජාලයෙන්
No comments