Headlines

ඉක්වදෝරය මැදින් ගමන් කරන පෘථිවියේ සමකය

 ඉක්වදෝරය මැදින් ගමන් කරන පෘථිවියේ සමකය

                                       






 

සමකය (Equator) යනු පෘතුවිය හරි මැදින් ඇද ඇති මනඃකල්පිත රේඛාවකි...එය මගින් පෘථිවියේ උත්තරාර්ධ ගෝලයත් දක්ෂිණාරාර්ධ ගෝලයත් වෙන් කරනු ලබයි.

සමකය, පෘථිවියේ රටවල් බොහෝ ප්‍රමාණයක් මැදින් ගමන් කලත් එය ඔවුන්ට නම් ගාණක්වත් නැතිවා සේය.

නමුත් සමකය තම රට මැදින් ගමන් කරන නිසා සිය භූගෝලීය පිහිටීම ගැන ආඩම්බර වෙන දකුණු ඇමෙරිකානු මහද්වීපයේ රටක් තිබේ....එය නම් ඉක්වදෝරයයි.

ඉක්වදෝරයේ සැබෑ නම Republic of the Ecuador (ඉක්වදෝර ජනරජය) යන්නයි.එහි තේරුම "Republic of Equator" (සමකයේ ජනරජය) යන්නයි. ඉක්වදෝරයේ අගනුවර වන ක්විටෝ (Quito) හරහා හරියටම සමකය ගමන් කරයි.

1736 වර්ෂයේදී චාල්ස්-මාරි ඩි ලා කොම්ඩමයින් (Charles-Marie de La Comdamine) නම් ගවේෂකයෙකු විසින් මෙහෙයවන ලද ප්‍රංශ විද්‍යා ඇකඩමියේ භූමිතික ගවේෂණ කණ්ඩායමක් විසින් සමකය සිතියම් ගත කරන ලදී.

චාල්ස්-මාරි ඩි ලා කොම්ඩමයින් ඉක්වදෝරයේ ගත කරමින් මිනුම් ලබා ගනිමින් පෘතුවිය සම්පුර්ණ ලෙස වටකුරු නොවන බවත් එය සමකයේදී ඉලිප්සීය හැඩයක් ගන්නා බවත් කීවේය.

සමකය සිතියම් ගත කර හරියටම වසර 200 කට පසු එනම් 1936 වර්ෂයේදී ඉක්වදෝර රජය විසින් ප්‍රංශ විද්‍යා ඇකඩමියේ මේ අගනා සොයාගැනීම සිහි කරනු වස් සමක රේඛාව ගමන් කරන ක්විටෝ නගරයේ ස්මාරකයක් ඉදි කළේය...ඉන්පසු එම ස්මාරකය හරි මැදින් ඝන කහ පැහැයෙන් සමකය ලකුණු කළේය.

නවීන GPS තාක්ෂණයෙන් පෙන්නුම් කරන්නේ නියම සමකය පිහිටා ඇත්තේ ක්විටෝ නගරයේ ස්මාරකය මැදින් යන සමකයට වඩා මීටර් 240 ක් උතුරින් බවයි. එම අලුත් සමක රේඛාවට පැරණි සමක රේඛාවේ සිට මිනිත්තු 2 - 5 ක ගමනකින් පසු ලගා විය හැක.

එහිදී ජීපීඑස් වලින් ගණනය කර ඇති (calculated with GPS) නව සමක රේඛාව දැක ගත හැකි වන අතර එය අක්ෂාංශ 0 ලෙසටද සදහන් වෙයි. (පෘථිවියේ අක්ෂාංශ (latitude) රේඛා නැගෙනහිර සිට බටහිර දෙසටත් දේශාංශ (longitude) රේඛා උතුරේ සිට දකුණු දෙසටත් විහිදී ඇත.)

(Calculated with GPS)

කෙසේ වෙතත් වසරකට මිළියන බාගයක පමණ සංචාරකයින් පිරිසක් ඉක්වදෝරයේ ක්විටෝ නගරයට පැමිණෙන්නේ මීට අවුරුදු 283 කට පෙර සොයා ගත් සමකයේ ජීවමාන සාක්ෂි සියැසින් දැක බලාගැනීමටය...එහිදී ඔවුන් පෘතුවියේ හරි මැද සිට ජයාරූපයක්ද ගැනීමට අමතක නොකරති

උපුටාගැනීම -  අන්තර්ජාලයෙන් 

Image credit- Flickr.com

No comments