මහසෝනට පමණක් දෙවෙනි රීරි යකා
රීරි යකා කියන්නෙ නම් ඉතින් ලංකාවෙ ඉන්න කවුරුත් හොදටම දන්න යකෙක්.. මේ යක්ශයා ගැන අහල නැති කෙනෙක් නැතිම තරම්.. ඒත් ඉතින් මෙයාගෙ කතාව නම් හැමෝම අහල තියෙනවද දන්නෙ නෑ..
අපේ යකා කියල කිව්වට ඇත්තටම ජනප්‍රවාද කතා වලට අනුව නම් මෙයා උතුරු ඉන්දියාවෙ ගැමි යුවලක් දාව ඉපදුන කෙනෙක්.. උපන් දා සිටම විකුර්ති පෙනුමක් තිබුන මේ පොඩි යක්ස පැටියට පිහිටියේ වඳුරු මුහුණක්.. ඒ වගේම අත් හතරකින් සමන්විතයි.. ශරීර ප්‍රමාණයෙන් කුඩා දරුවකුගෙ ශරීර ප්‍රමාණයකට බෙහෙවින් සමානයි.. උතුරු ඉන්දියාවෙ මොහු ඉපදුන ගමෙ මිනිස්සු එහෙම මෙයාට පොඩි කාලෙ ඉදන්ම බියක් දක්වලා තියනව.. මොකද පුන්චි කාලෙ ඉදන්ම සෑහෙන ලේ පි.පාසයකින් තමා ඉදල තියෙන්නෙ.. ඉතින් ඒ නිසාම සමහර ජනප්‍රවාද කතා වලට අනුව මෙයා පුන්චි කාලෙ කිරි බොන අතරවාරයේදි මවගෙ පියයුරක් හපල තියනව.. පොඩි හැපිල්ලක් නම් නෙමෙයි කෑල්.ලක් වෙන් වෙන්නම හපල තියනව
මේ සිදුවීම් නිසා ගමෙ මිනිස්සු නොසෑහෙන ලෙස බියට පත් වෙලා තියනව.. ඉතින් මේ එක කතාවක් පමනයි..
මීට අමතරව මොහුට තවත් කතා කිහිපයක්ම තියනව.. සමහර ජනප්‍රවාද වලට අනුව රාවණා රජු සීතාව රැගෙන යනකොට බිමට වැටුන ලේ බින්දුවකින් මේ යක්ශයාට ජීවය ලැබුනා කියල කියනව.. තවත් සමහර කතා වල අතිතයේදි ලංකාවෙ සිටි කුවේනියගෙ දිව කපා දැමූ අවස්තාවෙ වැටුන ලේ බින්දු වලින් මේ යක්ශයා උපත ලබන්න ඇති කියල හිතනව.. ඊට අමතරව මෙයාගෙ මූලාරම්භ කතා ප්‍රදෙශයෙන් ප්‍රදේශයට වෙනස් වෙවි වෙනස් වෙවී යනව.. අර කලින් කිව්ව ඉන්දියාවෙන් ආව කතාවත් ඒ වගෙ එකක් ඒ නිසා මෙයාගෙ මූලාරම්භ කතාව ස්තීරයක් නැහැ
පාන්දර යාමයේදි වැඩියෙන්ම කාන්තාවන් වෙත ඇදිල එන මේ යක්ශයා රතු වර්ණයෙන් සැරසුන ඇඳුමක් වගෙ දෙයක් තමා දක්නට ලැබෙන්නෙ.. ඉතින් මේ රතු ඇඳුම ඇදගන ඌරෙකුගෙ පිට නැගගන තමන්ගෙ අත් හතරෙන් එකකින් කඩුවක්ද අනෙක් අත් වලින් ලේ ග.ලන ගිරවෙක් , කුකුලෙක් සහ පන තියන මිනි.ස් ඔ.ලුවක් රැගෙන ගම්මාන හරහා යන බවට ජනප්‍රවාද කතා තියනව..
ඒ වගේ මෙයාගෙ නම හැදුන විදිය ගැන වෙනස්ම කතාවක් තියනව ඒකත් එක විදියක මූලාරම්භ කතාවක් තමයි ලේ මාලි නම් බිසවගෙ පුතෙකු වූ මේ රීරි යකා උපත ලැබුවෙ සාමන්‍ය විදියට නම්.නෙවෙයි.. උදරය පලාගෙන තමා එලියට ආවේ.. එහෙම ආව මේ යක් පැටියා රීරි කියන විලේ වාසය කල නිසා රීරි යකා කියන නම පටබැඳිලා තියනව..
රීරි යකා සියැසින් දුටු අය නැති උනත් ජනප්‍රවාද කතා සපයන විදියට නම් මල්වර කාන්තාවන් සහ ගර්බණි සමය ගෙවන කාන්තාවන්ට රීරි යකාගෙ බැල්ම වැටෙනව.. මේ රීරි යක් බැල්ම වැටුනම ඇග සුදු මැලි වෙලා ලේ කලදක්වත් නැති මුහුනක් තමා පේන්න තියෙන්නෙ.. ඉතින් මේ සියලුම දේ ලාංකේය ජනතාව අතර පවතින විශ්වාස මතයන් නිසා මේවා විශ්වාස කිරීම නොකිරීම ඔබ සතු දෙයක්
ඉතින් දැන් බලනව ඇති රීරි යකා ඉන්නෙ කොයි වගෙ තැන් වලද කියල.. රීරි යකා ගැවසෙන්නෙ නාන තොටුපලවල් සහ පාලු ගෙවල් වල වගේම සොහොන් පිට්ටනි වලයි.. ඉතින් ඔය නිසාම තමා ගම්බද ජනතාව කාන්තාවන්ට තනිපන්ගලමෙ නාන තොටුපලවල් වලට යන්න නොදෙන්නෙ
ඉතින් ලංකාවෙ තිබෙන ජනප්‍රවාද කතා වල එන යක්ශයන් අතරින් ප්‍රබලයා එහෙම නැත්නම් රජු බවට පත් වෙන්න නම් මෙයාට හැකියාවක් නෑ මොකද මෙයාට ඉහලින් ඉන්න ප්‍රබලයා තමා රිටිගල ජයසේන හෙවත් මහසොන් යක්ශයා කියන්නෙ.. ඒ වගේම යක්කුන්ගෙ රජු මහසෝන උනාට යක්ශයන්ට අධිපතිකම් කියන වෙසමුණි දෙවියන්ගෙන් ගත්ත වරමක්ද මේ රීරි යකාට තිබීම නිසා මෙයා ලේසි පහසු කෙනෙක් නම් නෙවෙයි
උපුටාගැනීම අන්තර්ජාලයේ පළවූ ලිපියකිනි.
ඡායාරුප අන්තර්ජාලයෙනි
ලිපියේ මුල් හිමිකරුට ප්‍රණාමය
No comments