Headlines

අද කාලගුණය (29)

 


2021 අගෝස්තු මස 29 දින කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් නිකුත් කල නිවේදනයට අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහමාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහමාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩිතරමක තද වැසි ද ඇතිවිය හැක. අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැසි ස්වල්පයක් ඇතිවේ. 

ඌව පළාතේත් අම්පාර , මඩකළපුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් සවස 2.00 න් පමණ  පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද, වයඹ සහදකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙත් සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 40-50 පමණ දක්වා වැඩි විය හැකි බවත් එම නිවේදනයේ වැඩි දුරටත්  සඳහන්. 

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉන්න සිටි. 

No comments