මරියානා ආගාධය
මරියානා ආගාධය
මරියානා ආගාධය (Mariana Trench) තුළ ජීවත්පිවන සතුන්ගේ ලක්ෂණ ටිකක් බලමු
පෘෂ්ඨවංශීන්, බැක්ටීරියා වැනි ක්ෂුද්‍ර ක්ෂුද්‍ර ජීවීන් ද මෙහි ජීවත් වන බවට පැහැදිලි සාක්ෂි හමුවී තිබුණි. මරියාන ආඝාධයේ ජීවත්වන සතුන් විවිද අනුවර්තනයන්ට පත් විය යුතුයි ඒ කියන්නේ එහි ජීවත් වීමට ඔරොත්තු දෙන ආකාරයට ශරීරය හැඩගැසිය යුතුයි
විශේෂයෙන්ම, අධික පීඩනය, ආලෝකය නැති බව සහ අඩු උෂ්ණත්වය
සමහර සතුනු උපතින්ම අන්දයි එ කියන්නේ ඇස් පිහිටන්නේ නැහැ ඒ වෙනුවට වෙනත් සංවේදී අවයව තියෙනවා සමහරුන් දිලිසෙන ශරීර වලින් යුක්තයි සමහර ගැහැනු සතුන්ගේ හිසට ඉදිරිපසින්ම ආලෝකය නිකුත් කල හැකි උපාංග තියෙනවා එමගින් ගොදුරු අල්ලා ගැනීම පිරිමි සතුන් ආකර්ශනය කර ගැනීම වගේ දේවල් සිදු කර ගන්නවා, බොහොමයක් සතුන්ගේ අස්ථි ඉතා සිහින් එහෙමත් නැත්නම් ජෙලි වගේ එහෙම තියෙන්නේ පීඩනයට ඔරොත්තු දෙන්න. උෂ්ණත්වය අඩු නිසා සෙල්සියස් අංශක 0-3 වගේ පරාසයකට හැඩගැහෙන්න ඕනේ නිසා පරිවෘත්තික ක්‍රියා සිදුවෙන්නේ සෙමින්. ඒ කියන්නේ ආහාර නැතිව උනත් බොහෝ කල් ඉන්න පුළුවන් .
දකුණු පැසිෆික් සාගරයට ආසන්නව මරියානා දූපත් අතර පිහිටා තිබෙන මරියානා ආගාදය එම නම ලැබුණේ මරියානා දූපත් හේතුවෙන්.
මෙය විශාල රහස් සංඛ්‍යාවක් සඟවා ගෙන තිබෙන දූපතක්. කිලෝ මීටර් 1500 ක දිගින් හා මීටර් 11,035 ක ගැඹුරකින් යුතු මෙය වී(V) හැඩයෙන් යුක්ත වේ. මේ මහා ආගාධයක්.
පර්යේෂකයින් පෙන්වා දෙන්නේ මෙම ආගාධය තුළට එවරස්ට් කන්ද ඇතුල් කළ පසු හිඩසක් ඉතුරු වන බවයි. බොහෝ දෙනා විශ්වාස කළේ මේ තුළ ජීවයක් තිබිය නොහැකි බවයි.
නමුත් 1958 වර්ෂයේ දී සිදුකළ පර්යේෂණයකින් පසු එය එසේ නොවන බව තහවුරු කර ගැනීමට ඔවුන් සමත් වී තිබෙනවා. එහිදී මෙහි ජිවීන් පවතින බවට සාක්ෂි බොහොමයක් ලැබී තිබුණි.
ඉතිහාසයේ පළවෙනි වතාවට මෙම ගැඹුරු ආගාධයේ නිරීක්ෂණය කිරීමේ අභියෝගය බාර ගත්තේ රුසියානු ජාතික පර්යේෂකයන් විසින්.
මිනිත්තු විස්සකට අඩු කෙටි කාලයක් තුළිදී ඔවුන් විසින් සිදුකළ ගවේෂණයෙන්මෙහි ජීවයක් පවතින බවට සනාථ කර ගැනීම සඳහා ඕනවට වඩා සමත් වුණා.මරියානා අගාධය තුළ වායු පීඩනය වර්ග 1 cm කට ටොන් 3ක් පමණ වෙනවා. යකඩ නැවීමට පවා සෑහෙන මෙම පීඩනයට අනුගතවූ ජලජ ජීවීන් මීටර් 11000ක් ගැඹුරු මුහුදේ ඔවුන් දැක ඇත්තේ අතිශය විශාල දැති හැඩැති වස්තුවක්.
ඔවුන් පවසන්නේ ම වස්තුව තමන් වෙත නෙත් යොමාගෙන සිටි බවයි. මේ කුමන සතෙක් වුවත් කුමන වස්තුවක් වුවත් එය දර්ශනය වී ඇත්තේ මිනිත්තු කිහිපයක් පමණයි.
ඔවුන් පවසන්නේ මෙය හඳුනා නොගත් ජීවියකු වීමේ වැඩි අවකාශයක් පවතින බවයි. තවද 1985 වර්ෂයේ දී පර්යේෂණ සිදුකර පර්යේෂකයන් පිරිසක් මරියානා ආගාධය නිරීක්ෂණය කිරීම සඳහා මීටර් 9 ක වපසරියකින් යුතු බෝලයක් වැනි උපකරණයක් මුහුදු පතුලට යවා තිබෙනවා.
ඉහළ සිට පර්යේෂණය සිදු කළ පර්යේෂකයින්ට විශාල ශබ්දයක් ඇසෙන්නට පටන්ගෙන තිබෙන්නේ එවිටයි. එහිදි උපකරණයේ ශක්තිමත් කේබල් පවා විනාශ කිරීමට සමත් දත් පහරවල් නිසා නිසා උපකරණය බිඳ වැටී ඇත.
මෙහිදී පර්යේෂකයන් අනුමාන කරන්නේ වසර මිලියන 50කට පෙර වඳ වී ඇතැයි සැලකෙන විශාල මුහුදු ජීවයක විසින් මෙය සිදු කරන්නට ඇති බවයි.
අන්තර්ජාලයේ පළවූ ලිපියකින් සකස් කර ඇත (අමතර කරුණු එකතු කිරීමට blueplanet පරිවර්තනය සඳහා Quora digest වෙබ් අඩෙවියේ කරුණු භාවිත කර ඇත)
ඡායාරූප අන්තර්ජාලයෙන්
ලිපියේ මුල් නිර්මාණකරුට ප්‍රණාමය
No comments