Headlines

මිනිස් සිරුරේ සවාරියක් යමුද??


කොර්පස් කෞතුකාගාරය ( Corpus Museum ) කියන්නේ නෙදර්ලන්තයේ Oegstgeest හි පිහිටා ඇති අපුරු ති විශාල කෞතුකාගාරයකි. මෙම විශ්මිත කෞතුකාගාරය විවෘත කරන ලද්දේ 2008 දී Beatrix රැජින විසින් ය. මෙහි විශේෂත්වය තමයි, මෙම කෞතුකාගාරය සාදා ඇත්තේ මිනිස් සිරුරක් ලෙසය

මෙම සංචාරය තුළින් අපගේ ශරීරය ක්‍රියා කරන ආකාරය, විවිධ අවයව එකි නෙකට සම්බන්ධ වන ආකාරය සහ එය සෞඛ්‍ය සම්පන්නව තබා ගැනීමට අපට කළ හැකි දේ විස්තර කෙරේ. එසේම හදවත ක්‍රියා කරන්නේ කෙසේද? රතු රුධිර සෛල කරන්නේ කුමක්ද? ඔබ කිවිසුම් යන විට කුමක් සිදුවේද? හිස සිට පාදය දක්වා යන ගමනේදී මිනිස් සිරුර පිළිබඳ ප්‍රශ්න දහස් ගණනකට පිළිතුරු ඔබට සොයා ගත හැක. ඒ වගේම මෙම ස්ථානය නැරඹීමට විශාල ප්‍රමාණයක් සංචාරකයින් පැමිණේ. මෙහිදී ශබ්ද, 5D Effects සහ අතිවිශාල අනුරූ මඟින් සැබෑ ශරීරයක් හරහා ගමන් කිරීමේ හැඟීමක්  ඇති කරයි.මෙම විශ්මිත සංචාරය ඇරඹෙන්නේ පළමුව පාදයේ සිට දණහිසට නැගීමෙන් ය. ඊළඟට ලිංගික අවයව වලට පැමිණේයි. ඉන්පසු මෙහිදී ආහාර ජීරණ පද්ධතිය පිලිබඳ තොරතුරු දැකගත හැකිය. එසේම චීස් සැන්විච් එකක් දිරවන ආකාරය ඔබගේ ඇස් දෙකෙන් ම දැක ගත හැකි වේ. ඉන් අනතුරුව හදවත ආශ්‍රිත ක්‍රියාකාරිත්වය ඔබට දැකගත හැකිය. හදවතේ ක්‍රියාකාරිත්වය පසු කරගෙන ගොස් හිස ආශ්‍රිත දේවල් ගැන ඔබට විස්තර කෙරේ. මෙම ස්ථානයේදී , වැඩිහිටියන්ගේ මොලයේ ක්‍රියාකාරිත්වය, කුඩා ළමුන්ගේ මොලයේ ක්‍රියාකාරිත්වය ඔබ ඉදිරි පිටම දැක ගත හැකි වේ. හිසේ ක්‍රියාකාරිත්වය නැරඹීමෙන් ආහාර ගැනීම සඳහා එහි සංචාරකයින් වෙනුවෙන් ආපනශාලාවක් සාදා තිබෙනවා. 

මෙම සංචාරය භාෂා අටකින් සමන්විතය.මෙම විශ්මිත මිනිස් සිරුර නැරඹීම සඳහා විනාඩි 55 ක් පමණ කාලයක් ලබා දෙන අතර මෙම අපුරු චාරිකාව සඳහා මිලක් අය කරනු ලැබේ. එය යුරෝ 16.50 ( රු. 3932.68 ) කි. මෙම චාරිකාවට කණ්ඩායම් වශයෙන් සහභාගී වන්නේ නම් විශේෂ වට්ටම් ද හිමි වේ.

Image from internet

උපුටාගැනීමට කිරීමට අවසර ඇත
 




No comments