Headlines

ඉටි රූපේ අපුරුව විඳින්න මන් හරි ආසයි..........

 මැඩම් ටුසාඩ් ( Madame Tussauds Museum )


මැඩම් ටුසාඩ් කියන්නේ ඔබ යායුතුම විශ්මිත ස්ථානයක්. මෙය පිහිටා ඇත්තේ වයඹදිග ලන්ඩනයේ මේරිල්බෝන් හි වේ.  මෙම ස්ථානය ගැන ඔබ දැනගත් පසු ඔබ පුදුමයට පත් වෙනවා නිසැකයි. මොකද මෙම ස්ථානය එතරම් ම විශ්මිතයි.

මෙම ස්ථානයේ ඇත්තේ ඉටි වලින් සෑදු මිනිසුන්ය. මෙහි නිකන් ම මිනිසුන් නොවේ. ජාතික නායකයින්, ඒ වගේම ඔබ ආදරය කරන සුපිරි තරු, සහ ඔබ ආදරය කරන නළු නිලියන් මෙහි ඉටි වලින් ඉතාමත් විශිෂ්ට ලෙස නිම කර ඇත. මෙම කෞතුකාගාරය විවෘත ඇත්තේ 1835 දී මාරි ටුසාඩ් විසින් ය. 1835 දී ප්‍රථම වරට විවෘත කළ දා පටන්, මෙම කෞතුකාගාරය තුල සංචාරය කිරීම සඳහා දහස් ගණන් සංචාරකයින් පැමිණ තිබෙනවා. මෙම මැඩම් ටුසාඩ් හි ඇති සියලුම ඉටි රූප සෑදීමට මාස හයක්, නිශ්චිත මිනුම් සහ ඡායාරූප 250 කට වඩා වැඩි ප්‍රමාණයක්, ඉටි රාත්තල් 2400 ක් සහ ඩොලර් 45,000 ක් වැයවේ. මේ වන විට මිය ගොස් ඇති ඓතිහාසික පුද්ගලයින් සාදන විට පර්යේෂකයන් සිය ගණනක් පින්තුර සොයා ඒවා පරික්‍ෂා කර එම පින්තුර වලින් ඔවුන් මිනුම් ලබා ගනී. මෙහි ඇති සියලුම ඉටි රුප දිනපතා ම පිරිසිදු කරයි. විශේෂයෙන් ඔවුන් ගේ කෙස් දිනපතාම සෝදා පිරිසිදු කල යුතු වේ. මෙය විවෘත කිරීමට පෙර සැම දිනයකම සියලුම රුප එකින් එක පරික්ෂා කල යුතුයි. නමුත් එක වරම මෙම ටුසාඩ් හි ගින්නක් ඇති වී ඉටි රුප කිහිපයකට හානි විය. නමුත් එම ඉටි රුප සාදන අච්චු වලට හානි සිදු වී තිබුනේ නැත. එසේම 1940 දෙවන ලෝක යුද්ධ සමයේදී මැඩම් ටුසාඩ් බෝම්බයකට ගොදුරු විය. එයින් මෙහි විශාල ප්‍රමාණයට කට හානි සිදු විය. 

එසේම මෙම කෞතුකාගාරයේ තවත් කුඩා කෞතුකාගාර ද 21 ක් දැනට ලෝකයේ පවතියි. ඇමරිකාවේ, ටෝකියෝ, බෙයිජිං, සිඩ්නි වැනි ස්ථාන වල මෙම ටුසාඩ් කෞතුකාගාර සාදා තිබෙයි.

පෙරවරු 9 සිට පස්වරු 16:00/18:00 මෙම කෞතුකාගාරය විවෘත කර තිබේ. මෙය නැරඹීමට වැඩිහිටියන් සඳහා £ 35 ( රු.9682.21 ) , අවරුදු 3-15 දරුවන් සඳහා £ 30 ( රු. 8299.03 ) සහ අවරුදු 3 ට අඩු දරුවන් සඳහා නොමිලේ, ලෙසින් මෙහි ටිකට් ලබා ගත හැකි වේ.

                                                                                                                    Image from internet

BLUEPLANET

No comments