Headlines

ඇසට කඳුලක් ගෙන "හචිකෝ"

හචිකෝ යනු ජපානයේ උතුරු කදුකර ආශ්‍රිතව වෙසෙන "අකිතා"(Akita) වර්ගයේ සුනඛයෙකි. පැහැයෙන් රන්වන් දුඹුරු පැහැයක් ගත් හචිකෝ උපත ලැබූවේ 1923 නොවැම්බර් මස 10 වන දිනයි. 

හචිකෝට වයස මාස දෙකක් වන විට ටෝකියෝ සරසවියේ මහාචාර්යවරයෙක් වන හිඩේසබුරෝ උඑනෝ (Hidesaburo Ueno)ගේ සුරතලා බවට හචිකෝ පත් විය. ඒ අනූව හචිකෝ මහාචාර්යවරයා සමග ටෝකියෝ නුවර ශිබූයා ප්‍රාන්තයට පැමිණීයේය.ඔහු සහ හචිකෝ අතර අපූරු බැදීමක් පැවතුනි. 

සෑම දිනකම උදෑසන මහාචාර්යවරයා සේවයට පිටත් වන විට තම ස්වාමියාව ඇරලවීමට හචිකෝ, ශිබූයා දුම්රිය ස්ථානයට ඔහුත් සමග ගිය අතර නැවතත් සවස ඔහු සේවය නිම වී පැමිණෙන වෙලාවට දුම්රිය ස්ථානය අසලට පැමිණ ඔහු එන තුරු බලා සිටීමට හචිකෝ පුරුදුවී සිටියා.

මොවුන් දෙදෙනාගේ මේ අපූරු දින චර්යාව 1925 මැයි 21 වන දින අනපේක්ෂිත ලෙස බිදී ගියේය. 

එනම් එදින සේවය සදහා පිටත් වූ මහාචාර්යවරයා යලිත් සුපුරුදු වේලාවට දුම්රිය ස්ථානයට පැමිණියේ නැත. ඔහු හදිසි රෝගයක් හේතුවෙන් සරසවියේදීම මෙලොව හැර ගොස් තිබුණා.තම ස්වාමියා මියගිය බව හචිකෝ දැන සිටියේ නැත. හචිකෝ වෙනදා මෙන් එදිනත් තම ස්වාමියා එනතෙක් දුම්රිය ස්ථානය අසලට වී බලා සිටි අතර පසුදිනත් සුපුරුදු වේලාවට දුම්රිය ස්ථානය අසලට පැමිණ බලා සිටියා.මේ ආකාරයට නොකඩවා වසර නමයක් හචිකෝ දිනපතා සුපුරුදු වේලාවටම ශිබූයා දුම්රිය ස්ථානය අසලට පැමිණ තම ආදරණීය ස්වාමියා බලාපොරොත්තුවෙන් බලා සිටියා.

අව්ව,වැස්ස,හිම ආදී කිසිවකට හචිකෝව නවතාලීමට හැකි වුනේ නැත.මේ අතර මහාචාර්ය උඑනොගේ සිසුවෙකුගේ අවධානයට ලක්වුණ හචිකෝ පිළිබඳ පුවත, ඔහු විසින් සවිස්තරව සොයා පුවත්පතක් වෙත යොමු කිරීමත් සමග ජපානයේ අවධානය මේ හචිකෝ ගේ අපූර්ව ස්වාමිභක්තිය වෙත යොමුවිය.

හචිකෝ ගේ තම ස්වාමියාට ඇති ලැදි කම ජපානයේ මිනිසුන් අතර ජනප්‍රිය මාතෘකාවක් වූ අතර පාසල් වල ළමුන්ට පවා තම ස්වාමියාට අති මහත් ලැදිකමක් දක්වන හචිකෝ පිලිබදව ඉගැන්වූවා.කරුණාවන්ත මිනිසුන් බොහෝදුර සිටද හචිකෝ ව බැලීමට පැමිණ ඇත.

වසර නමයක් පුරා දිනපතා එකම වේලාවට ශිබූයා දුම්රිය ස්ථානයට පැමිනි හචිකෝ 1935 මාර්තු 8 වෙනිදා දුම්රිය ස්ථානයට පැමිණියේ නැත.පසුව විපරම් කර බලන විට හචිකෝගේ නිසල සිරුර ශිබූයාහි මාවතක තිබී සොයා ගැනීමට හැකි වී ඇත.වසර නමයක් පුරා තම ස්වාමියා එන තෙක් දුම්රිය ස්ථානය අසලට වී බලා සිටි හචිකෝ අවසානයේ මෙලොවින් සමුගන්නා විට හචිකෝ ට වයස අවුරුදු 11 කි.                                                                                 

හචිකෝ මෙලොවින් සමුගත්තත් හචිකෝ පිලිබද මතකය මිනිසුන්ගේ සිත් වලින් මැකී ගියේ නැත. මරණින් පසුවද පුවත්පත් ගණනාවක හචිකෝ පිළිබඳව ලිපි පල වී ඇත.හචිකෝ ව සිහි වීම සඳහා පිළිරුවක් ශිබුයා හි නිර්මාණය විය. ඔබ අදටත් ජපානයේ ශිබූයා දුම්රිය ස්ථානයට ගියහොත් යලි කිසිදා නොපැමිණෙන තම ස්වාමියා එනතෙක් බලා සිටින හචිකෝගේ ලෝකඩ පිලිරුව ඔබට දැකගත හැකි වේවි.. 


සෑම වසරකම මාර්තු 8 වෙනිදා බල්ලන්ට ආදරය කරන්නන් විසින් ශිබුයා දුම්රියපොළ ඉදිරිපිට ට රැස්ව හචිකෝ ව සිහිකෙරේ

පසු කලෙක හචිකෝ ගේ කතාව ඇසුරින් Hachi: A Dog's Tale නමින් සිනමාපටය ක් නිර්මාණය වූ අතර එය ලොව පුරා ඉමහත් ජනප්‍රියත්වයට පත්විය. 

ඉතාමත් සංවේදී සිනාමාපටයක් වන මෙය නරඹන ඕනෑම කෙනෙකුගේ දෙනෙත් කදුලින් තෙත්වනු නොඅනුමානයි


\


උපුටා ගැනීම අන්තර්ජාලයේ පළවුණු ලිපියකිනි

 image from Internet

ලිපියේ මුල් හිමිකුට ප්‍රණාමය  

No comments