කුසල්, ධනුෂ්ක සහ දික්වැල්ල ගෙන් ක්‍රිකට් ආයතනයට අභියාචනයක්
තහනමට ලක්වූ ක්‍රිකට් ක්‍රීඩකයින් වන කුසල් මෙන්ඩිස්, ධනුෂ්ක ගුණතිලක සහ නිරෝෂන් දික්වැල්ල ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සහ ක්‍රීඩා අමාත්‍යාංශයට තම අත්හිටුවීම් සහ දඩ මුදල් නැවත සලකා බලන ලෙස අභියාචනා ඉදිරිපත් කර ඇත .
පසුගිය එංගලන්ත තරඟාවලියේදී ජෛව ආරක්ෂක බුබුළ ඉක්මවා යාම හේතුවෙන් මාස හයකට දේශීය තරඟ තහනමක් සහ වසරක අන්තර්ජාතික තරග තහනමක් සමග එක අයෙකුට රුපියල් මිලියන 10 බැගින් දඩ මුදල් නියම වුනා.
කෙසේ නමුත් තහනමට ලක් වූ ක්‍රීඩකයන් තිදෙනා තමන්ගේ දඬුවම ලිහිල් කරගැනීම සඳහා ක්‍රිකට් ආයතනෙන් ඉල්ලීම් කර ඇත. ඒ අනුව ඔවුන්ගේ දේශීය තරග තහනම හැකි ඉක්මනින් ඉවත් කරන ලෙස ඉල්ලා ඇත.
No comments