Headlines

මලවුන්ගේ නගරය

                                            





පොලොව යට මලවුන්ගේ නගරය 

Catacombs of Paris කියන්නේ ප්‍රංශයෙ පැරිස් නගරයෙ පොලොව යට පිහිටා තියන සුසානභූමියක් 

අතීත ප්‍රංශයේ ජීවත් වූ මිලියන හයකට වඩා වැඩි ජනතාවකගේ සිරුරු  මේ පොලොව යට නගරයේ කුඩා උමං පද්ධති අතරේ මිහිදන්ව ඇතැයි පැවසෙනවා 

මේ උමං මාර්ගයට ඇතුලු වන දොරටුවේ 
Arrête! C'est ici l'empire de la Mort ("නවතින්න, මෙය මරණයේ අධිරාජ්‍යයි") ලෙස වූ සටහනක් සදහන් 

17 , 18 සියවස් වලදී ප්‍රංශයේ ජනගහනය සීඝ්‍රයෙන් වැඩි වීමත් සමග සුසානභූමි ප්‍රමාණය අඩු කරගැනීමට මෙලෙස පොලොව යට පැතිරුණු උමං පද්ධතියක් තුල මල සිරුරු තැම්පත් කිරීම සිදු කර තිබෙනවා 

එහිදි බහුලව සිදුකර ඇත්තේ සාමාන්‍ය සුසානභූමි වල තැම්පත් කර දිරාගිය කල් ගතවූ දේහ කොටස් මෙහි තැම්පත් කරමින් ඒ සුසානභූමි නැවත නැවත භාවිතා කිරීමයි 

එමෙන්ම ප්‍රංශ විප්ලවය හා නැපෝලියන්ගේ කාලයේ සටන්  වලින් මියගිය බහුතරයකගේ හා සාන්තුවරයන්ගේද දේහ තැම්පත් කර ඇත්තේ මේ Catacombs තුලයි 

කොහොම උනත් නගරය යටින් දිගින් දිගටම උමං මාර්ග ඉදිකිරීම ප්‍රායෝගික නොවන නිසා පසුකාලීනව මේ ක්‍රමය අත් හැරීමට සිදු වෙනවා 

මේ වගේ සුසානභූමි පුරාණ රෝමයෙත් භාවිතා වෙලා තියෙනවා 

සියවසක කාලයක් පමණ මිනිස් ඇසින් වසන් වූ මේ උමං මාර්ග 19 වන සියවසේ සිට මහජනතාවට විවෘත වුනා 

තොරතුරු - අන්තර්ජාලයේ පලවුනු ලිපියකිනි 

ඡායාරුප - අන්තර්ජාලයෙනි 



No comments