මොනාලිසා ගැන අපූරු තොරතුරු
ලීසා ජෙරාඩිනී හෙවත් අභිරහස් මොනාලිසා සිතුවම
සිතුවම අදිනු ලැබූ කාල පරාසය වර්ෂ 1503 - 1506 පමණ වන තෙක්ය.
අවුරුදු 500 ක සිට ලෝකයේ ප්‍රසිද්ධම සිතුවමයි.
මොනාලිසා වෛශ්‍යාවක් ද?
බොහෝ දෙනෙක් පවසන ආකාරයට මෙම කාන්තාව වෛශ්‍යාවකි. මෙයට හේතු ලෙස දක්වන්නේ සිතුවමේ ඇහි බැම නොමැති වීම හා කොණ්ඩය කඩා දමා තිබීමයි.මෙම සිතුවම අදින කාල වකවානුවේ දී ඉතාලියේ කාන්තාවන් කොණ්ඩය බැදීමට හුරු වී තිබුණි.කොණ්ඩේ කඩා සිටියේ වෛශ්‍යාවන් පමණි.තවද මෙම සිතුවම අදින කාල වකවානුවේ දී ඉතාලියේ සිටි කාන්තාවන් ඇහිබැම කපා දැමීම සිදු කලා.
2007 ඔක්තෝම්බර් මාසයේදී ප්‍රංශයේ ඉංජිනේරුවෙක් සහ නව නිපැයුම් කරුවෙක් වෙන පැස්කල් කෝඩ් විසින් මෙම සිතුවම super zoom කලා.මෙහිදී ඔවුන් සොයා ගත්තේ මොනාලිසා සිතුවමට ඇහි බැමක් ඇද තිබූ බවයි.නමුත් වර්තමාන සිතුවමේ ඇහි බැම නොතිබීම කවුරුන් හෝ මකා දමා හෝ කාලයත් සමග ක්‍රමයෙන් මැකී ගොස් ඇති බව පැවසේ.
මොනාලිසා කපු වෙළෙන්දෙකුගේ බිරිදක් ද?
සමහරු පවසන ආකාරයට මොනාලිසා කියන්නේ ධනවත් කපු වෙළෙන්දෙකුගේ බිරිදක් ය.මේ සිතුවම අදින කාලයේදී ප්‍රසිද්ධ සහ ධනවත් කපු වෙළෙන්දෙක් ඉතාලියේ වාසය කර ඇත.මේ කපු වෙළෙන්දාගේ බිරිද එකල සිටි අලංකාරම කාන්තාව ලෙසද සැලකේ.තමන්ගේ බිරිදගේ අලංකාරය මුලු ලෝකයටම පෙන්වීමට මේ වෙළෙන්දාට උවමනා විය.එම නිසා ලියනාඩෝ ඩාවින්චිගේ මාර්ගයෙන් මෙම සිතුවම ඇද ඇති බවට සැලකේ.
නමුත් කපු වෙළෙන්දාගේ හා ඩාවින්චිගේ ගිණුම් වාර්තා බලන කල වෙළෙන්දා විසින් සිතුවමකට මුදල් ගෙවා හෝ ඩාවින්චි විසින් මුදල් අය කිරීමක්ද සිදු කර නොමැත.
මොනාලිසා පිරිමි පුද්ගලයෙක් ද?
ලියනාඩෝ ඩාවින්චි සමලිංගික පුද්ගලයෙකි.ඔහුට 'සාලේ' නමින් ගෝලයෙක් සිටි බවට සැලකේ.මෙම සාලේ නම් ගෝලයාගේ සහ මොනාලිසා සිතුවමේ මුහුණේ 70% ක පමණ සමාන කම් ඇති නිසා සමහරු පවසන්නේ මොනාලිසා සිතුවමේ සිටින්නේ සාලේ නම් ගෝලයා බවයි.
මොනාලිසා ගර්භණී කාන්තාවක් ද?
සමහරුන්ට අනුව මොනාලිසා කියන්නේ ගර්භණී කාන්තාවක්.මෙයට හේතුව සිතුවමේ වස්ත්රයයි.මෙම සිතුවම අදින කාලයේ මෙවැනි වස්ත්‍ර ඇද ඇත්තේ ගර්භණී කාන්තාවන් ය.
මොනාලිසා, ලියනාඩෝ ඩාවින්චි ම ද?
තවත් සමහරු පවසන අයුරින් මේ ලියනාඩෝ ඩාවින්චි ම යි. ඩාවින්චි අසාමාන්‍ය පුද්ගලයෙක් නිසා ඔහුවම, පෙනුම වෙනස් කොට ඇද ඇති බවට සැලකේ.ඩිජිටල් සමීක්ෂණයකින් සොයාගෙන ඇත්තේ ඩාවින්චිගේ සහ මෙම සිතුවමේ සිටින කාන්තාවගේ ලක්ෂණ මුලුමනින්ම ගැලපෙන බවයි.
සැබෑ මොනාලිසා සිතුවම දෙස යම් කෝණයකින් බැලූ විට එහි මොනාලිසාගේ වම් උරහිසට යටින් දීප්තිමත් ස්වරූපයක මිනිස් හිස් කබලක් පෙනෙන බව 'ක්විරෝස් කොන්ඩේ' විසින් පවසා ඇත.
මුලු මුහුණම පෙනෙන ලෙස ඇදි පලමු සිතුවම මෙයයි.අතීත සිතුවම් ඇද තිබුනේ කාන්තාවන් ගේ මුහුණේ එක් පැත්තක් පේන පරිදිය.
ඕනෑම දිශාවක සිට බැලූ විට මොනාලිසා අප දෙස බලා සිටින මෙන් පෙනේ. එයට හේතුව සිතුවම ඇදීමට යොදාගත් තාක්ෂණය යි. එය 'සුපමාටෝ' ලෙස හදුන්වනවා.
එමෙන්ම මොනාලිසා සිතුවමේ සිනහවට වශී වූ කිහිපදෙනෙක් ම සිය දිවි නසා ගෙන ඇත. ඒ අතර චිත්‍ර ශිල්පියකු ද සිටී.
super zoom තුළින් සොයාගත් තොරතුරු ..
මොනාලිසා ට පිටු පසින් තවත් කාන්තාවක් සිටින බව.
සිතුවමේ වම් ඇසෙහි L හා V අක්ෂර දෙක ඇති බවත් එය ලියනාඩෝ ඩාවින්ච් යන්නත් ය.
සිතුවමේ කාන්තාවට පිටු පසින් ඇති පාලමේ ඉලක්කම් කිහිපයක් ඇති බව.
තවද ඩාවින්චි මෙම සිතුවම CV එකක් ලෙස භාවිතා කර ඇත.
මුල් කාලය තුල මෙම සිතුවම ට අවධානයක් නොතිබුන ද 1912 අගෝස්තු 29 වන දින ඉතාලි ජාතික කම්කරුවෙක් විසින් මෙම සිතුවම සොරකම් කිරීමත් සමග මොනාලිසා සිතුවම ට අවධානය යොමු විය.
සිතුවම තුලින් මතු වන හැගීම්..
➡️ සතුට - 83%
➡️ පිළිකුල - 8%
➡️ බිය - 6%
➡️ කෝපය - 2%
➡️ මධ්‍යස්ථ බව - 1%
➡️ පුදුමය - 0%
මෙම තොරතුරු සොයාගෙන ඇත්තේ ලියනාගිස් විශ්ව විද්‍යාලය මගින් සිදු කල තාක්ෂණික නිරූපණයක් මගිනි.
කිසි දින මිල කල නොහැකි මෙම සිතුවම වෙඩි නොවදින වීදුරු වලින් ආවරණය කර ඇති අතර අදටත් අභිරහසක් ව පවතී.
No comments