රුපියල් 125 ක මුදලකට සීනි !
සීනි මිල පාලනයට ලංකා සීනි සමාගම මැදිහත් වෙයි
ලංකා සීනි සමාගම හරහා ජනතාවට අවශ්‍ය සීනි සතොස හරහා සහනදායි මිලට ලබාදීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පවසනවා.
ඒ අනුව සතොස හරහා රුපියල් 125 ක මුදලකට සීනි ලබාදීමට කටයුතු කරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ. මේ වන විට වෙළඳපොලේ සීනි මිල රු 200 දක්වා ඉහල ගොස් ඇති පසුබිමක වචනවලට සීමා නොවී රජය මේ පිලිබන්දවමදිහත් වීම සුබදායක වේ. කෙසේ නමුත් ඊයේ ලසන්ත අලගලගියවන්න කියා සිටයේ මිල පාලනයට මැදිහත් විය නොහැකි බවයි
මේ වන විට රටේ පවතින ගෑස් ගිඟය , කිරිපිටි හිඟය හා අත්‍යාවශ්‍ය භාණ්ඩ වල මිල කිසිම පාලනයකින් තොරව ඉහල යාම පිළිබඳව වගකිවයුතු අංශ මැදිහත් මීම ඓක්මනින්ම සිදුවිය යුතුව ඇත.
No comments