Headlines

පුදුම පුස්තකාලය (The Amazing Library)

අද කතාව කියන්න යන්නේ අපේ පොත් ගුල්ලන්ට. ඒ කියන්නෙ පොත් කියවන්න ඇලමක් දක්වන අයට. මේ පුදුම පුස්තකාලය පිහිටා තිබෙන්නේ චීනයේ ටියැන්ජින් කියන ප්‍රදේශයේ. මෙහි එන ගෘහ නිර්මාණ ශිල්පය හරිම වෙනස්, ඒ කියන්නේ මේ සම්පූර්ණ ගොඩනැගිල්ල ගෝලාකාර ස්වරූපයක් ගන්නවා. ලන්දේසි ගෘහ නිර්මාණ ශිල්පී ආයතනයක් සමඟ ටියැන්ජින් නගර සංවර්ධන හා සැලසුම් ආයතන එක්ව තමයි මේ පුදුම පුස්තකාලය නිම කරලා තියෙන්නේ.

මිලියන 1.2 ක පොත් ප්‍රමාණයක් අසුරා තබා ඇති මෙහි පාඨකයන්ට හිතෙන හිතෙන ආකාරයට පොත් කියවන්න පුළුවන්. ඒ කියන්නේ හිටගෙන, සෝපාවක වාඩී වී හෝ නිදාගෙන, හාන්සි වී හෝ පොත් හිතේ හැටියට කියවන්න පුළුවන්කමක් තියෙනවා. ඉලෙක්ට්‍රොනික පොත් එහෙමත් නැත්නම් e-book කියවන්න වගේම භෝජනාගාර, අවන්හල් මේ හැමදේටම මෙහි විවිධ පරිශ්‍රයන් වෙන කරලා පාඨකයන්ට මෙය විඳගන්න අවස්ථාව හිමි කරලා දීලා තියෙනවා. 


මේ නිර්මාණය ආකර්ශණීය ලෙස නිමවා තැබීමේ  ශිල්පීන්ගේ අරමුණ වෙන්නේ පොත් කියවන්නන් පිරිස තව තවත් වැඩි කර ගැනීම. බොහෝ අයට කියවීමට වැඩි රුකුලක් ලබා දීම මෙමඟින් සිඳුවනවා කියලයි ඔවුන් කියන්නේ. මොකද අද බොහෝ දෙනා පොතපතින් ඈත් වෙලා වැඩි වශයෙන් ජංගම දුරකතන, අන්තර්ජාලය  වැනි බොහෝ දේ භාවිතයට හුරු වෙලා තියෙන නිසා. ඔයාලත් යන්න කැමති නම් ගිහිල්ලම බලන්න


තොරතුරු - අන්තර්ජාලයේ පලවුනු ලිපියකිනි 

ඡායාරුපය - අන්තර්ජාලයෙනි 

No comments