Headlines

සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවේ සංශෝදනයක්

සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය මඟින් පසුගිය 20 වනදා ට පෙර දින හතරකට අදාළ නව ආසාදිතයන් 4808 දෙනෙකු එක් කරමින් නව සංශෝදනයක් සිදු කර තිබෙනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනයේ දැක්වුනේ එම දින හතරක කාලය තුළ ප්‍රමාදවී වාර්තා කිරීම හේතුවෙන් මෙම සංඛ්‍යාව එක් කළ බවයි. 

කෙසේ නමුත් එම දින හතරක කාලය තුළ ආසාදිතයන් බෙදී ගියේ නම් එදිනට වාර්තා වූ දෛනික ආසාදිතයන්ගේ සංඛ්‍යාවට නව ආසාදිතයන් 1202 ක් එකතු විය යුතු වනවා. ඒ අනුව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිල වශයෙන් තහවුරු කරන ලද මේ දක්වා වාර්තා වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 385,696 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

No comments