Router එකේ Internet slow නම් connection එක තමන්ටම Diagnosis කරගන්න tips ටිකක්.
Connection statistics බලන්න නම් මුලින්ම router එකට ලොග් වෙන්න ඕන. ඒකට රවුටර් ලේබල් එකේ router ip කියන ip එක browser එකක address bar එකේ ගහන්න. ඊට පස්සේ එතනම තියෙන username password ගහලා log වෙන්න.ඊට පස්සේ තියෙන්නේ connection statistics බලන එක. (Model එකෙන් model එකට තියන තැන් වෙනස් වෙන්න පුළුවන්. Router එකේ label එකේ තියෙන model එක google කරලා router statistics බලාගන්න විදිය ගැන බලන්න)
මුලින්ම කියන්නම් 4G router වලට
මේකෙදි ඔයාලා යන්න ඕනේ mobile network statistics හෝ ඊට සමාන නමක් තියෙන section එකට. ඒකේ පල්ලෙහා කියන අගයන් ටික බලන්න.
RSRP - මේක තමා ඔයාට එන Signal Power එක. මේකේ අගය -90dBm වලට වඩා වැඩි වෙන්න ඕන. (-80dBm ට වඩා වැඩි නම් ගොඩක් හොඳයි)
RSRQ - මේකෙන් කියවෙන්නෙ ඔයාගේ Signal Quality එක ගැන. මේක -15dBm ට වඩා වැඩි වෙන්න ඕන. (-10dBm ට වඩා වැඩි නම් ගොඩක් හොඳයි.)
SINR - මේකෙන් කියවෙන්නෙ ඔයාගෙ signal එක ඒකෙ තියෙන අනවශ්‍ය signal කොටස් වලට වඩා කොච්චර poweful ද කියන එක. මේක සාමාන්‍යයෙන් 6dB වලට වඩා වැඩි වෙන්න ඕන. 20dB ට වඩා වැඩි නම් ඔයාගෙ connection එක ගොඩක් strong.
දැන් කියන්නම් fiber ගැන
Fiber වල ඔයාලා යන්න ඕනේ optical information හෝ සමාන නමකින් තියෙන section එකට.ඒකේ පහළ තියෙන අගයන් බලන්න.
Tx Optical Power - ඔයාගේ රවුටරේ isp ට යවන signal power එක මේකෙන් කියවෙනවා. මේක 0.5dBm සහ 5dBm අතර අගයක් තියෙන්න ඕන.
Rx Optical Power - ඔයාට එන signal power එක මේකෙන් කියවෙනවා. මේක -27dBm සහ -8dBm අතර තියෙන්න ඕන.
ඊළඟට කියන්නම් ADSL ගැන
මේකේ ඔයාලා යන්න ඕනේ ADSL statistics හෝ සමාන නමකින් තියෙන section එකට.
මේකේ පහළ තියෙන අගයන් බලන්න.
Downstream Speed - ඔයාගේ ළඟම තියෙන කැබිනට් එක (පාරෙ අයිනෙ තියෙන්නෙ) ඉඳන් ගෙදෙට්ට එන ලයින් එකේ තියෙන downlink speed එක මේකෙන් කියවෙනවා. මේක 6000kbps ට වැඩි අගයක් තියෙනවනන් හොඳයි.
Upstream Speed - ඔයාගේ ළඟම තියෙන කැබිනට් එක (පාරෙ අයිනෙ තියෙන්නෙ) ඉඳන් ගෙදෙට්ට එන ලයින් එකේ තියෙන downlink speed එක මේකෙන් කියවෙනවා. මේක 500kbps ට වැඩි අගයක් තියෙනවනන් හොඳයි.
SNR - මේකෙන් කියවෙන්නෙ ඔයාගෙ signal එක ඒකෙ තියෙන අනවශ්‍ය signal කොටස් වලට වඩා කොච්චර poweful ද කියන එක. මේක 12dB ට වඩා උඩින් තියෙනවනම් හොඳයි
Distance(Optional) - ඔයාගෙ ලයින් එක එන කැබිනට් එකට තියෙන දුර මේකෙන් කියවෙනවා. 1000m හෝ ඊට අඩු නම් හොඳයි
(මේ උඩ අගයන් කිව්වෙ standard අගයන්. Router models අනුව වෙනස් වෙන්න පුළුවන්. Router model එකට හරියටම අග්යන් ගන්න අවශ්‍ය නම් router model එක google කරලා බලන්න. කෝමත් වෙනස් වෙන්නේ සුළු වශයෙන් නිසා මේ අගයන් ටික අවුඅල්ක් තියෙනවද නැද්ද කියලා දැනගන්න ප්‍රමාණවත්.)
දැන් ඔයාගෙ රවුටර් එකේ ඔය උඩ කියපු අගයන් හරියට තියෙනවනම් ඒකෙන් කියවෙන්නේ ඔයාගේ ඉඳලා ඔයාගෙ ispට ඔයා connect වෙලා ඉන්න connection එකෙ ප්‍රශ්නයක් නැහැ. මේ අගයන් අවුල් කියන්නේ අවුල තියෙන්නේ ඔයාගේ ගෙදර ඉඳලා ADSL/Fiber නම් ගෙදර ඉඳන් පාරේ තියෙන cabinet එකට, 4G නම් ඔයා connect වෙලා ඉන්න tower එකට තියෙන connection එකේ. ඒ කියන්නේ technical team එකක් එන්න වෙනවා ඔයාගේ ගෙදරට. ඉතින් complain කරන කොට පැහැදිලිව ඔය උඩ බලන්න කිව්ව ඒවල අගයන් ටික කියන්න.
ඊළඟ පියවර තමයි speed test එකක් කරන එක. මුලින්ම Ookla එකේ සර්වර් එක ඔයාගේ isp ගේ සර්වර් එකකට හදලා speed test කරන්න.
4G - 10Mbps හෝ ඊට උඩ
ADSL - 5Mbps හෝ ඊට උඩ
Fiber - 50Mbps හෝ ඊට උඩ
download speed තියෙන එකෙන් කියවෙන්නේ ඔයාගේ tower එක හෝ කැබිනට් එකේ ඉඳන් isp ගේ gateway router වෙනකන් ඔයාගේ connection එක stable. මේ අගයන් අවුල්නම් අවුල තියෙන්නෙ ISPගේ core network එකේ. මේකට technical team එකක් ගෙදරට එන්න වුවමනා නැහැ. එයාලගේ core network එකේ වරද නිවරැදි කරාම අවුල හරියනවා. කොහොමත් මේ වගේ දෝෂ customer ලා විශාල ප්‍රමාණයකට එකවර බලපානවා. මේ ගැන ඔයා ISP ට compalin කරද්දී උඩ කියපු tests ගැන කියන්න අමතක කරන්න එපා. Technical team එකක් ගෙදරට ආවත් එයාල කරන්නේ ඔය උඩ රවුටරේ stats බලලා ඒවා හරි නම් core network mainatainance එක්ට ප්‍රශ්නේ යොමු කරන එක. ඉතින් ඔයා මුලින්ම විස්තර ඇතුව කිව්වනම් කාලේ ඉතුරුයි.
ඊළඟට fast.com එකෙන් ආයේ speed test එකක් කරන්න. ඒකේ speed එක අඩුවෙනවනම් ඒ කියන්නේ ඔයාගේ isp ගේ capacity එක අඩුයි. ඒ කියන්නේ එයාලගේ global bandwidth එක මදි එයාලගේ customerලට serve කරන්න. මේකත් okay නම් ඔයාගෙ connection එකේ අවුලක් නැහැ. ඔයා use කරන site සහ විශේෂ slow වෙන සයිට් බලලා complain කරන්න. හැබැයි මේ speed එක අඩු නම් පැහැදිලිව complain කරද්දී මේකෙ මුල ඉඳන් කරපු දේවල් කියන්න.
උපුටා ගැනීම අන්තර්ජාලයේ පළවුණු ලිපියකිනි
Image from internet
No comments