නිල් කටරොළු වලින් බීම, කෑම - Full Recipe
මේ වෙනකොට ලංකාවේ ගොඩක් ජනප්‍රිය, ඒ වගේම ඉහළ ව්‍යවසාය වටිනාකමක් ගන්න නිල්කටරොළු ඇත්තෙන්ම ගොඩක් හොඳ ඖෂධයක්. පිළිකා නසන ගුණ, ආමාශගත රෝග, මළ බද්ධය, ආසාදන හා තවත් රෝග රැසකට ගොඩක් හොඳ ඖෂධමය වටිනාකමක් තියන නිල් කටරොළු ශාකයේ මල් වලින් පිළියෙළ කරගන්න ආහාර ටිකක් ගැන තමයි අද කියන්න යන්නෙ. හැමදාමත් වගේ අදත් මතක් කරනව, ඕනම දෙයක් ඕනවට වඩා හොඳ නැති නිසා ස්වභාවික ඖෂධීය වටිනාකමක් තියෙන දේවල් උනත් ආහාරයට ගන්න ඕන ප්‍රමාණාත්මකව කියන එක.
1. නිල් කටරොළු ජූස්
අවශ්‍ය ද්‍රව්‍ය :
වේලාගත් නිල් කටරොළු මල් ග්‍රෑම් 100
- උණුවතුර කෝප්ප 1
- සීනි තේ හැඳි 2
- ලුණු ස්වල්පයක්
- දෙහි යුෂ ස්වල්පයක්
- අයිස් කැට කිහිපයක්
උණුවතුරට මල් ටික දාලා විනාඩි 20ක් තැම්බෙන්න තියන්න. මේකෙන් ලස්සන නිල්පාටක් එනවා දැන් මේ යුෂ ටික නිවෙන්න තියලා සීනි හා ලුණු දාගන්න.
- කලවම් කරලා අයිස්කැට දාලා දෙහි යුෂ ටිකක් දාලා බොන්න. දෙහි යුෂ එකතු කරාම මේ බීම එකට ලස්සන දම් පාටක් ලැබෙනව.
2. නිල් කටරොළු ජෙලි
අවශ්‍ය ද්‍රව්‍ය
නිල්කටරොළු මල් ග්‍රෑම් 100
- උණුවතුර වතුර කෝප්ප 1/2
- ජෙලටින් මේස හැඳි 1
- කැමති එසන්ස් වර්ගයක්
- වැනිලා ස්වල්පයක්
- සීනි කෝප්ප 1/2
- උණුවතුර වලට නිල්කටරොළු මල් දාලා තැම්බෙන්න තියන්න. විනාඩි 20කට පස්සෙ මල් ටික මිරිකලා පෙරලා ගන්න.
- දැන් මේකට තවත් වතුර කෝප්ප එකක් දාලා ලිපේ තියන්න. ඒ අතරෙ ජෙලටින් ටික වතුර ටිකක් දාලා පෙඟෙන්න තියන්න.
- ලිපේ තියපු මල් යුෂ වලට සීනි දාලා දියකරන්න. ටිකකින් ජෙලටින් ටිකත් දාලා හොඳට දියකරගන්න. හොඳට හැඳිගාලා විනාඩි 7කින් ව්තර වැනිලා හා එසන්ස් බිංදුවක් දාලා ලිපෙන් බාගන්න.
- දැන් මේක නිවෙන්න තියලා බෝල් එකකට දාලා ෆ්‍රිජ් එකේ සෙට් වෙන්න තියන්න.
3. නිල් කටරොළු බත්
අවශ්‍ය ද්‍රව්‍ය
නිල් කටරොළු මල් 10-15
- ලියාගත් ළූණු ගෙඩි 1
- චොප්කරගත් ඉඟුරු තේ හැඳි 1
- කුරුඳු පොතු කෑල්ලක්
- කරදමුංගු ඇට 2
- ස්ටාර් අනීස් 1
- කජු ග්‍රෑම් 50
- ගී ඔයිල් මේස හැඳි 2
- සීනි මේස හැඳි 1
- බේ ලීෆ් 1
- පොල්කිරි කෝප්ප 2
- බාස්මතී හාල් කෝප්ප 4
- හාල් ටික සෝදල විනාඩි 20ක් පෙඟෙන්න තියන්න. ඒ අතරතුර නිල් කටරොළු මල් වලට වතුර කෝප්ප 1/2ක් දාලා ලිපේ තියන්න. වතුර උතුරනකොට ලිපෙන් බාලා යුෂ ටික පෙරාගන්න.
- පෑන් එකකට ගී ඔයිල් ටික දාලා කජු ටික දාලා රෝස්ට් කරගන්න. ඒ ටික අයින් කරලා ඒකටම ස්ටාර් අනීස්, කරදමුංගු, කුරුඳු පොතු හා ඉඟුරු ටික දාගන්න. ටිකකින් ළූණු සහ බේ ලීෆ් එක දාගන්න.
- හාල් වල වතුර හොඳින් බේරගෙන මේකටම දාල හොඳට කලවම් කරගන්න.
- දැන් නිල් කටරොළු යුෂ හා පොල්කිරි දාලා තව අවශ්‍ය නම් වතුර දාලා සීනි සහ ලුණු දාගෙන බත තැම්බෙන්න තියන්න.
- බත පිසගෙන උඩින් රෝස්ට් කරගත් කජු ටික දාගන්න.
4. නිල් කටරොළු කොට්න් කේක්
අවශ්‍ය ද්‍රව්‍ය
- නිල්කටරොළු යුෂ කෝප්ප 1/4
- එළවළු තෙල් කෝප්ප 1/4
- පාන්පිටි ග්‍රෑම් 80
- බිත්තර කහමද 3
- බිත්තර සුදුමද 3
- බිත්තර 1
- ෆ්‍රෙශ් මිල්ක් කෝප්ප 1/2
- සීනි ග්‍රෑම් 80
- ලුණු රස අනුව
- වැනිලා ස්වල්පයක්
- පෑන් එකකට තෙල් ටික දාලා රත් කරගන්න. රත් කරගත්ත තෙල් ටික බෝල් එකකට දාගන්න. මේකට පාන්පිටි දාලා කලවම් කරගන්න. කැට නැති වෙනකල් විස්ක් කරගන්න.
- ෆ්‍රෙශ් මිල්ක් ටික ටික දාලා විස්ක් කරගන්න. බිත්තරය එකතු කරගන්න. හොඳට විස්ක් කරගන්න.
- වෙනම බෝල් එකක බිත්තර සුදුමද බීට් කරන ගමන් ඒකට සීනි එක්කරමින් ස්ටිෆ් (පුළුන් වගේ වෙනකල්) බීට් කරන්න.
- මේක කේක් මිශ්‍රණයට දාලා ස්පැචූලා එකෙන් කලවම් කරගන්න. කේක් මිශ්‍රණයට නිල් කටරොළු යුෂ මේස හැඳි 3ක් වගේ දාලා කලවම් කරගන්න.
- බිත්තර කහමද ටික වෙනම විස්ක් කරලා මේකට එකතු කරන්න.
- දැන් මේක බටර් ගාගත් ට්‍රේ එකකට දාලා සෙල්සියස් 180°ට ප්‍රීහීට් කරපු අවන් එකක විනාඩි 20ක් බේක් කරගන්න.
5. නිල් කටරොළු පෑන් කේක්
අවශ්‍ය ද්‍රව්‍ය
බැටර් එකට
- පාන්පිටි කෝප්ප 2
- නිල්කටරොළු යුෂ කෝප්ප 1/4
- ලුණු ස්වල්පයක්
- වතුර
ෆිලින් එකට
- ගාගත් පොල් කෝප්ප 2
- කරදමුංගු ඇට 2
- සීනි කෝප්ප 1
- වතුර කෝප්ප 1/2
- ලුණු
- පාන්පිටි වලට ලුණු හා නිල්කටරොළු යුෂ එකතු කරලා වතුර ටික ටික දාලා උකු බැටර් එකක් හදාගන්න.
- භාජනයක් ලිපේ තියලා සීනි හා වතුර ටික දාගන්න. සීනි උණුවෙලා රන්වන්පාට වෙනකොට පොල් ටික දාලා තලාගත්තු කරදමුංගු ටික දාගන්න. රස අනුව ලුණු එකතු කරලා ටිකකින් ලිපෙන් බාගන්න.
- නන්ස්ටික් පෑන් එකක් ලිපේ තියලා බැටර් එකෙන් ටික ටික දාලා පෑන්කේක් ටික හදාගන්න.
- පෑන්කේක් එක කෙලවරකින් පැණිපොල් මිශ්‍රණය තියලා දෙපැත්තෙන් නවල රෝල් කරගන්න.
6. නිල් කටරොළු මොහීටෝ
අවශ්‍ය ද්‍රව්‍ය
- නිල් කටරොළු මල් 10-12
- දෙහි ගෙඩියක යුෂ
- දොඩම් ගෙඩියක යුෂ
- සීනි මේස හැඳි 1
- සෝඩා කෝප්ප 1/2
- මල් වලට උණුවතුර කෝප්ප 3/4ක් දාලා තැම්බෙන්න තියලා යුෂ ටික පෙරාගන්න.
- දැන් අයිස් කියුබ් ට්‍රේ එකකට මේ යුෂ දාලා ෆ්‍රීස් කරගන්න.
- දෙහි හා දොඩම් යුෂ වලට සීනි දාලා කලවම් කරගන්න. ඊළඟට සෝඩා ටික දාගන්න.
- ග්ලාස් එකකට අයිස් කියුබ් දාලා සෝඩා මිශ්‍රණය දාලා පිළිගන්වන්න.
7. නිල් කටරොළු කැඳ
අවශ්‍ය ද්‍රව්‍ය
- නිල් කටරොළු යුෂ කෝප්ප 1/4
- කැකුළු හාල් කෝප්ප 1
- මිටිකිරි කෝප්ප 1
- දියකිරි කෝප්ප 4
- සුදුළූණු බික් 4-5
- ලියාගත් රතුළූණු ගෙඩි 3
- ලුණු
- හාල් සෝදලා දියකිරෙන් ලිපේ තියන්න. දියකිරි ටිකක් වැඩිපුර දාගත්තට කමක් නෑ.
- බත තැම්බුණාම ඒකට සුදුළූණු හා රතුළූණු දාගන්න. තව ටිකක් තැම්බෙන්න තියලා පොල්කටු හැන්දෙන් බත් පොඩි කරලා මිටිකිරි හා නිල් කටරොළු යුෂ දාලා රස අනුව ලුණු එකතු කරගන්න. මිටිකිරි උතුරනකොට ලිපෙන් බාගන්න.
No comments