Headlines

අලි කතා

ඔයාලා අහලා ඇති අලි ගැන එක එක ජාතියේ කරුනු. සමහර ඒවා නම් අදහාගන්න බෑ. අපේ සමාජයේ තියන අලි පිලිබද මිත්‍යා මත කිහිපයක් ගැන තමා ඔන්න අද කතාව.

අලි ගැන මිත්‍යා මත 

අලි මීයන්ට බයයි !

අපි මේක පොඩි කාලේ අහපු කතාවක්. මීයෙක් අලියගේ හොඩවැල ඇතුලට එහෙම ගියොත් අබ සරනයි   ඔව් අපි පොඩිකාලේ කියවලා තියන හීන්සැරය මෙන්න මේ වගේ කතාවක්.

ඇත්තටම අලි මේ මීයොන්ට බය නැහැ. ඇත්තටම අලින්ට බය වෙන්න කිසිම දෙයක් නෑ. මොකද අලින්ට විලෝපොකයෝ ගොඩක් අඩුයි. අලියගේ විශාල ශරීරය නිසා කිසිම විලෝපිකයෙක් ලන් වෙන්නෙ නෑ. මිනිසා තමා බොහොදුරට එකම විලෝපිකයා අලින්ව මරන්න පුලුවන්. නමුත් පරීක්ෂකයින් සොයාගත්තා මේ කිසිම දේකට බිය නැති අලියා කුහුබුවන්ට සහ මී මැස්සනට බයයි කියලා

මේකට හේතුව මේ වගේ පොඩි සතෙක් අලියගේ හොඩවැලට ගියාම අලියට සෑහෙන්න කරදරයක් මොකක්ද ගොඩාක් ස්නායු අග්‍ර මේ හොඩවැල තුල තියන නිසා. මේ ස්නායු අග්‍ර උත්තේජනය වීම අලියට දරාගන්න අලියට තරමක් අපහසුයි.

අලියා තමා උඩපනින්න බැරි එකම ක්ෂීරපායි සත්වයා !

ඇත්තටම මේක බොරුවක්. අලියට පමනක් නෙවෙයි ඔයාලා හොදින්ම දන්න රයිනෝ වගේ සත්වයන්ටත් බැහැ උඩ පනින්න. නමුත් රයිනෝලගේ විශේෂත්වය තමා එයාලා දුවනකොට කකුල් හතරම නිදහස් වාතයේ තියනවා. නමුත් අලියගේ එහෙම නැහැ. අලියා ඇත්තටම දුවන්නේ නෑ එයා වේගෙන ඇවිදින එක කරන්නේ. අපි ඒකට power walk කියලා කියනවා.

අලියා වතුර බොන්නේ හොඩවැල හරහා !

හොදයි මේක නම් දැනටමත් ඔයාලා දන්නවා ඇති. මම නම් පොඩි කාලේ හිතන් හිටියේ අලියා හොඩවැල බටේ වගේ දාලා වතුර බොනවා කියලා. එහෙම නෙවෙයි හොඩවැල තියෙන්නෙ හුස්ම ගන්න. අලියා වතුර යම් ප්‍රමානය හොඩවැලට අරන් ඒ ටික මුඛයට විදීම නැත්නම් වක්කර ගැනීමක් තමා කරන්නේ ජලය පානය කරන්න. සාමාන්‍යයෙන් අලියෙන් දිනකට වතුර ලීටර් 140 - 230 පමන ප්‍රමානයක් පානය කරන්වා.

අලි ආසයි රටකජු කන්න 

ඔයාලා කාටුන් වල එහෙම දැකලා ඇති රටකජු/peanuts කිව්වොත් අලියා මැරෙයි ඒ තරම් ආසයි රටකජු වලට. 

ඇත්තටම අලියා විශේෂ ආසාවක් මේ peanuts වලට දක්වන්නේ නෑ. අලි කැලෑවේ ඉන්නකොට මේ රටකජු කන්නේ නෑ. අලියගේ ශරීරය ප්‍රමානයක් එක්ක රටකජු කාලා හරියන්නේ නෑ 😅😂 ඒ නිසා රටකජු කියන්නේ අලියා ආස ප්‍රදාන ආහාර වේලක් එහෙම නෙවෙයි හොදේ.

අලි නැටුම් 

ඇත්තටම අලි නටනවද  විද්‍යාත්මකව ඔප්පු කරලා තියනවා අලි නටන්නේ නෑ කියලා. එයාලා ඔහේ ඇග හොලවන එක කරන්නේ ඉතින් මේ ඇග හොලවන එකන්කන් ගස්සන එක කනාවට වගේ ගහන drum එකේ beat එකට සෙට් උනාම අපි හිතනවා, අන්න බොලේ අලි නැටුම් කියලා. අලි නටනවා නෙවෙයි එයාලා ඒ boring වෙලා ඉන්නෙ. මම පොඩ්ඩක් මේක පැහැදිලි කරන්නම්. 

අලි කියන්නේ කැලේ ඉන්න සතුන් ඔවුන් කැලේ ඉන්නකොට එයාලට ආවේනික දින චර්‍යාවක් තියනවා ඊට අදාල හැසිරීම රටාවක් ඔවුන්ට තියනවා.

නමුත්  අලි කූඩු කරාම වෙන්නෙ ඔවුන් අර කැලේ වගේ එහෙ මෙහෙ යන්නේ නෑ. එතකොට එයාලා විශේෂ හැසීරීම් රටාවක් පෙන්වනවා ඒවා stereotype behaviours කියලා කියනවා. ඒ කියන්නේ කිසිම හේතුවක් නැතුව දක්වන අංග චලනයන්. ඇත්තටම මෙතන වෙන්න අලියා ක්‍රියාශිලි නෑ. ඉතින් අලි හාමිට බෝරින් එහෙම උනාම මෙයා කරන්නේ ඇග නටවනවා කකුක් උස්සනවා හොඩවැල පද්දනවා. එක එක වැඩ  අපි ඒවා අලි නැටුම් කියලා බලන් ඉන්නවා 

ඕවා තමා මිත්‍යා මත අපි පොඩ්ඩක් කාරනාවෙන පිට පනිමු. අපි බලමු අලි ගැන සුවිශේෂ කරුනු ගැන.

අලියට කවදාවත් අමතක වෙන්නෙ නෑ !

ඇත්තටම අලියට හැමදේම මතක තියෙන්නෙ නෑ. නමුත් ඉතාම හොද මතකයක් තියනවා. ඒක නිසා තමයි අපි කියන්නේ අලියට කිසිම දෙයක් අමතක වෙන්නෙ නෑ කියලා. නමුත් එහෙම නෑ දේවල් අමතක වෙනවා. නමුත් සත්ව ලෝකයේ අනෙක් සතුන්ට දක්නට නොලැබෙන සුවිශේෂ මතකයක් අලියට තියනවා.

අලියට කකුල් දෙකෙන් ශබ්දයන් ඇහෙනවා !

ඇත්තටම මේක දැක්කම හිතෙයි ඔයාලට මේ මොන අටමගලක්ද කිව්වෙ කියලා. මේක සත්‍ය කරුනක්. අලියට කකුල් දෙකෙන් ශබ්ද අහන්න පුලුවන්. හැබැයි  හැම අලියටම බෑ.

African Elephants ලට පුලුවන්. එයාලගේ කකුලේ තිබෙන සංවේදන සෛල වලට පුලුවන් කම්පනයන් හදුනාගන්න. මේ කම්පනය ගැන සංවේදන කෙලින්ම එයාලගේ උරස් අස්ථි ඔස්සේ මධ්‍ය කනට තමා ගමන් කරන්නේ. ඒ නිසා එයාලට මාර්ගයේ ඉදිරියේ තිබෙන දෙයක් ගැන බිම දිගේ සම්ප්‍රේෂනය වෙන කම්පනය තරංග වලින් හදුනාගන්න පුලුවන් වෙනවා.

මේක බොරුවක් වගේ නම් පොඩ්ඩක් හිතන්න සර්පයෝ කොහොමද දේවල් අහන්නේ කියලා. මොකද සර්පයන්ට කන් දෙකක් නැ. එයාලත් මේ වගේ බිම දිගේ එන කම්පන වලින් තමා ඔහුට ඉදිරියෙන් තියන දේවල් හදුනගන්නේ. අපි නයෙක් ආවම නයි හාමී යන්න කිව්වට ඒ නයාට මේ කිසි මලදානයක් තේරෙන්නෙ නෑ මොකද ඇහෙන්න නෑනේ ඔයාලට වැඩිහිටියෝ කියලා ඇති රෑ පාරේ යනකොට කෝටූවක් අරන් පාරේ දෙපැත්තට තට්ටු දදා යන්න කියලා. ඇයි ඒ ? මහ රෑ පාර ගාව ඉන්න සර්පයින්ට ඒ කම්පනයන් දැනිලා ඔවුන් පාරෙන් ඉවත් වෙන නිසා 

උපුටා ගැනීම අන්තර්ජාලයෙන් 

Credit: Image Unsplash 


No comments