Headlines

ටයිටැනික් නැවේ වාදකයා

 


ටයිටැනික් නෞකාව ගිලෙමින් තිබෙන අතරතුර නොනවත්වා සංගීතය වාදනය කළ සංගීත කණ්ඩායමේ සිටි නිර්භීත වයලීන වාදකයෙක් තමයි වොලස් හාර්ට්ලි (Wallace Hartley) කියන්නේ... ටයිටැනික් නැවත් සමගම ඔහුත් සීතල සාගරයේ ගිලී මිය යනවා... 

නැව ගිලී දින දහයකට විතර පස්සේ ඔහුගේ සිරුරත් එක්කම ඒ අසළම සුන්බුන් අතර තිබී ජලයට හානි වූ ඔහුගේ වයලීනයත් සොයා ගන්නවා... එම වයලීනයේ එක් තැනක මෙවැනි සටහනක් කොටා තිබෙනවා... "අපගේ විවාහ ගිවිස ගැනීමේ අවස්ථාවෙහිදී වොලස් වෙනුවෙන් මාරියා වෙතින්..." (For Wallace on the occasion of our engagement... From Maria...) 

පසුව බළධාරීන් විසින් එම වයලීනය වොලස්ගේ බිරිඳ වන මරියා වෙත ආපසු බාර දෙන අතර එය 2013 වර්ෂයේදී පැවති වෙන්දේසියක දී ඩොලර් මිලියන 1.7 කට විකිණෙනවා...

ඒ වගේම තවමත් මෙම වයලීනය ටයිටැනික් නැවේ සුන්බුන් අතරින් සොයා ගන්නා ලද සියළුම කෞතුක වස්තු අතරින් වඩාත්ම විචිත්‍රවත් සහ ආදරණීය කෞතුක වස්තුවක් විදියට සලකණු ලබනවා..

No comments