Headlines

ඔබ කැමති වර්ණය අනුව ඔබගේ ජීවිතය ගැන හරියටම

අපගේ ජිවිතයේ අපට මොන තරම් වර්ණ ඇස ගැටුනත් අප හැමෝටම තිබෙනවා අපේ සිතේ විශේෂ තැනක් ලබා ගත්ත වර්ණයක්.අපි ඒ වර්ණයෙන් ඇඳුම් අඳින්න කැමතියි වගේම ඒ වර්ණයෙන් ඇති දේවල් දකින්න කැමතියි.එය මිනිස් සිතේ ස්වභාවයක්. ඒ වගේම ඒ වර්ණ මගින් කියවෙන දේවල් තිබෙනවා.ඒ වර්ණ නියෝජනය කරන දේවල්  තිබෙනවා.ඒ නිසාම ඔබ යම් කිසි වර්ණයකට වැඩි කැමැත්තක් දක්වනවානමේ මගින් ඔබගේ ජීවිතය ගැන දේවලුත් කියන්න පුළුවන්. ඒ නිසා අද අපි ඔබට ගෙනවිත් තිබෙනවා ඔබ කැමතිම වර්ණය අනුව ඔබගේ ජීවිතය ගැන කියවෙන කරුණු නිවැරදිවම. බලන්න ඔබ ගැන තිබෙන කරුනුත් හරිද කියලා.

සුදු 

සුදු පැහැය කියන්නේ පිරිසිදු  බව හෙවත් පාරිශුද්ධ භාවය.ඒ වගේම ඒ මගින් උපත, නිවැරදි බව හා අවංක බව සංකේතවත් කරනවා. කෙසේ වෙතත්, සුදු පැහැයට වැඩි කැමැත්තක් දැක්වීම හෝ සුදු පැහැයට කැමති වීම යන්නෙන් ඔබ සංවිධානාත්මක, ස්වාධීන හා තර්කානුකූල බව ද අදහස් විය හැකිය.සුදු යනු දිඉප්තිමත් හා නොකැළැල් නිසා ඒ මගින් ඇති කරන්නේ පිරිසිදු හැඟීමකි. එම නිසා ඔබගේ කැමතිම පැහැය සුදු නම් ඔබ බොහෝ විට පිරිසිදු හා සංවිධානාත්මක, අවංක චරිතයකි 

කළු

කළු යනු අඳුර කියා බොහෝ දෙනෙක් විශ්වාස කරනවා .කළු පට තමන්ගේ කැමතිම පාට නම් ඔහු බොහෝ විට මානසික අවපිදනය කියා පානවා .ඔබගේ අදහස් හැමවිටම ස්වාධීනයි.ඒ වගේම ඔබ නිර්මාණශීලි කෙනෙක්.කළු පහන් නිතර අදහස් කෙරෙන්නේ බලය, අලංකාරය , වෙනස් විදිහට සිතීම හා ලිංගිකත්වයයි.කළු පාට මගින් යම් පුද්ගලයෙකුගේ අත්භූත ස්වභාවය, අන් අයගෙන් දුරස්ථ භාවය කියා සිටිනවා. ඔබේ ම්කමත්ත කළු නම් එමගින් ඔබ බලවත් බවත් ඔබ තරමක් අත්භූත චරිතයක් බවත් හැඟවෙනවා 

අළු

අළු පැහැය මගින් ප්‍රධානවම කියවෙන්නේ මානසික අවපිදනය හා ශෝකය වැනි දේවල්.අළු පැහැය යනු නිවෙස් අලංකාර කිරීමට නම් ලස්සන වර්නයකි.නමුත් ඔබගේ ප්‍රියතම පැහැය සෑම විටකම අළු පැහැය නම් ඒ මඟින් ඔබගේ අඩු සමාජශීලි බවය,උදාසීන බව පෙන්නුම් කරයි.ඔබ එසේ වී ඇත්තේ ඔව්න් ඔබ කෙරෙහි යොමු කරන අඩු අවධානය නිසා වීමටද හැකියි. ගැනීමට ටිකක් අපහසු පුද්ගලයෙකි.ඒ වගේම ඔබ තරමක් ගුප්ත චරිතයක් වන අතර ඔබ මනෝ ලෝක ප්‍රිය කරන පුද්ගලයෙකු විය හැක.

දුඹුරු

දුඹුරු වර්ණය ස්වභාවයෙන්ම පරිසරය හා බැඳී පවතින්නකි.එම නිසා ඔබගේ ප්‍රියතම පැහැය දුඹුරු නම් ඔබ වැඩිපුර පරිසරය හා බැඳී පවතින්නෙකු විය හැක.ඔබගේ ජිවතයට ආරක්ෂාව නිතැතින්ම හිමිවන අතර ඔබගේ ජීවිතය සරල ජිවන රටාවකට උරුමකම් කියයි.ඒ වගේම දුඹුරු වනයෙන් විශ්වසනීයත්වය ,ඔරොත්තු දීමේ හැකියාව පෙන්නුම් කරනවා.මනෝ විද්‍යාවට අනුව නම් දුඹුරු වර්ණයේ ලක්ෂණ අතර ශක්තිය පෙරම්නක් ගන්නවා. එම නිසා ඔබ දුඹුරු වර්ණයට කැමති නම් ඒ මගින් ඔබ ශක්තිමත් පුද්ගලයෙකු බවට හඟවනවා 

රෝස

රෝස  යනු පැහැදිලිවම ආදරයේ වර්ණයයි.ඔබත් රෝස පැහැය ප්‍රිය කරන්නෙක් නම් ඔබ ඉතා ආදරණිය චරිතයක්.ඒ වගේම ඔබගේ මිහිරි බවය හා ආකර්ශනීය බව එමගින් පෙන්වනවා .ඔබගේ ආකර්ෂණය නිසාම ඔබට සමාජයේ ආදරය නොඅඩුව ලැබෙන අතර ඔබට ඔව්න් කොන්දේසි විරහිතව ආදරය කිරිමා පෙළඹෙනවා.ඔබේ කැමතිම පැහැය රෝස පැහැය වීමෙන් ඔබේ ආලවන්ත කම හා ඔබගේ පෞර්ෂය කියා පායි.ඒ වගේම ඔබ ලගින් මිතුරන් සීමිත සංඛ්‍යාවක් ආශ්‍රය කරන බවත් පෙන්වනවා.

 තැඹිලි

ඔබේ ප්‍රියතම වර්ණය තැඹිලි නම් ඔබගෙන් පෞර්ෂය, ශක්තිය , උණුසුම , උද්යෝගය පෙන්නුම් කරනවා.ඒ වගේම ඔබ ශුභවාදී පුද්ගලයෙක්.ඔබට ඔබගේ අනාගත අසාවන් ඉෂ්ට කර ගැනීමට වාසනාව උපතින් පිහිටන කෙනෙකි.ඔබ මිත්‍රශීලි ස්වභාවයක් ගන්න අතර ඔබ වෙනස් අදහස් ඇති පුද්ගලයෙකි.ඒ වගේම තැඹිලි යනු රතු සහ කහ වර්ණ දෙකේ මිශ්‍ර පාටක් බැවින් එම වර්ණ වලට අදාළ ලක්ෂණද ඔබට පිහිටිය හැක.ඔබ හිරු එලිය වැනිය.ඔබට ඔබ ගැන විශ්වාසයි නම් ඔබට ඕනෙම දෙයක් කල හැක 
 
කහ

ඔබේ ප්‍රියතම වර්ණය කහ නම් ඔබ පරිපුර්ණ පුද්ගයෙකි.ඉතා විශාල බලාපොරොත්තු ඔබට තිබෙන අතර ඔබ අනාගතය විය  කර ගෙන ඇත.  .ඔබ උද්යෝගිමත්ය ඒ වගේම ඔබගෙන් ශුභවාදී බව හා මිත්‍රශීලි බවත් පෙන්නුම් කෙරෙයි. .ඔබ ඔබේ දේවල් අන් සමඟ බෙදාගෙන  ගෙන සතුට  උපරිමයටම විඳින්නෙක්.මනෝ විද්‍යාවට අනුව ඔබේ ප්‍රියතම වර්ණය කහ නම් ඔබ මනා  පෞර්ෂයක් ඇති පුද්ගලයෙක්.ඔබට  විනොජනක අදහස් ඇති අතර ඔබේ පෞද්ගලිකත්වය ආරක්ෂා කා ගනියි.

 රතු 

 රතු  අදහස් කෙරෙන්නේ ක්‍රියාකාරිත්වය ,  අධිෂ්ටනශීලි බවයි.ඔබ තරමක් අවෙගශීලි විය හැකි අතර ඔබ අවදානම් ගන්න අයෙක් විය හැකිය.ඔබ තරමක් වෙනස්වෙන මනෝභාවයන්ගෙන් යුක්ත කෙනෙක් වන අතර ඔබ සමඟ සිටීම අන් යට සතුටක් ගෙන දෙන්නකි.ඒ වග්මෙඅ රතු මගින් දැඩි ආශාවන් පෙන්නුම් කරයි.ඔබ ස්වාදීන පුද්ගලයෙකි ඒ වගේම ඔබ විශ්වාසදායක,තීරණාත්මක,තාර්කික වගේම ප්‍රයෝගික පුද්ගලයෙකි.ඒ වගේම ඔබගෙන් නායකත්ව ලක්ෂණ සම විටම පෙන්නුම් කරයි.ඔබ ඕනෙම විටම වගකීමක් ගැනීමට සුදුසු පුද්ගලයෙකි .ඔබට සිතුනොත් ඕනෙම දෙයක් කරන පුද්ගලයෙකි.

නිල්

ඔබගෙන් පෙන්නුම් කරන්නේ පරික්ෂාකාරී බව හා ප්‍රඥාවයි.නිස්කලංක චරිතයක් වන ඔබ අවබෝධයේ ගැඹුර පෙන්නුම් කරයි.ඔබ වැනි පුද්ගලයින් සංවේදී ,දයානුකම්පිත, අවංක හා පරිකල්පනීය ස්වභාවයක් ගනියි. නිල් පැහැය මගින් දැක්වෙන්නේ දැඩි ඇල්ම වෙනුවට සාමයයි, ඒ වගේම නොවෙනස් වන ස්වභාවයයි.නිල් පාටින් දැක්වෙන තවත් දෙයක් ලෙස නිස්කලංක බව ප්‍රකාශ කරන්නේ නිල් පැහැය මිනිස් සිත සන්සුන් කරන බැවින්ය.ඒ නිසාම කාමර වලත් නිල් පැහැය ආලේප කරන බව ඔබ දන සිටියාද. ඔබ ස්වභාවයෙන්ම විශ්වසනීය චර්තයකි.

කොළ

කොළ පැහැයට කැමති ය බොහෝ විට ආදරණිය චරිතයි.නමුත් ඔබගෙන් ආඩම්බර බවද පෙන්නුම් කරයි.ඔබ දේවල් පිරිසිදුව තබා ගැනීමට හා ස්තාවරභාවයේ තබා ගැනීමට කැපවෙන පුද්ගලයෙකි කොළ පැහැයට ඇලුම් කරන ය බොහෝ විට අවංක යයි.පක්ෂපතින්ය.ඔවන් බොහෝ විට තමන්ගේ කිර්ති නාමය හැම දේටම වැඩ වැදගත් ලෙස සිතන යයි.ඔබගේ දැනුම ඔබ මෙන්ම සම විටම පැහැදිලිය.ඔබගෙන් සශ්‍රිකත්වය, වාසනාව හා ස්වභාව දර්මය පෙන්නුම් කරයි

දම් 

දම් පාට යනු බොහෝ දෙනෙක් කැමති පාටක්.ගොඩක් අය අතර ප්‍රසිද්ධ පාටක්.මේ පැහැය මගින් නියෝජනය කරන්නේ අධ්‍යාත්මික වර්ධනය සහ ප්‍රඥාව,.දම් පැහැයට කැමති පුද්ගලයන්ට දැඩි අතම විශ්වාසයක් ඇති බව ප්‍රකට කරුණකි.ඔබ සාම්ප්‍රදායික දේ ගැන වැඩිය සලකන පුද්ගලයෙක් නොවේ.ඔව්න් වැඩි වශයෙන් අද්විතීය චරිතයි.දම් පාට අතීතයේ ඉතා දුර්ලභ වුනු අතර දම් පාටින් සැදුම් ලත් දේවල් පැළඳිය හැකි උනේ රජවරුන්ට පමණයි.ඒ නිසා දම් පැහැයට කැමති යට දැඩි චිත්ත ආරක්ෂාවක් ඇති අතර ඔව්න් ශක්තිමත් පුද්ගලයන්ය 


No comments