ඝාතකයා කව්ද?
1994 මාර්තු 23 වන දින සියදිවි හානි කරගෙන මිය යෑමට රොනල්ඩ් ඕබස්(Ronald Obas) විසින් තීරණය කලා.
ජිවිත ආසාව අත් හල රොනල්ඩ් වහලෙන් බිමට පැන ජීවිතය නැති කරගන්නවා..නමුත් ඉතාම පුදුම සහගත ලෙස ඔහුගේ මරණ පරීක්ශණයේදි හෙලි වෙනවා රොනල්ඩ්ගෙ මරණය සිදුව ඇත්තේ වෙඩි තැබීමකින් කියා.පොලීසිය වැඩිදුරටත් විමර්ශනය කරනවා.
එහිදි හෙලි වෙනවා එම තට්ටු නිවාසයේම 9 වැනි තට්ටුවේ ජීවත් වන් වයසක යුවලක් ගැන.මේ දෙන්නා නිතරම රන්ඩු වෙනවා.වයසක මනුස්සයා තමන්ගෙ බිරිදව බය කිරීමට නිතරම තුවක්කුව භාවිතා කරන බවත් හෙලිවෙනවා.
පොලීසිය තීරණය කරනවා රොනල්ඩ් උඩ සිට බිමට වැටෙමින් සිටින විට 9වැනි තට්ටුව අසලින් යද්දිම වයසක මනුස්සයා තැබූ වෙඩිල්ල රොනල්ඩ්ට වදින්නට ඇති බවට.. නමුත් වයසක මනුස්සයා කිසි දිනෙක තුවක්කුවේ උන්ඩ දමා නොමැති අතර තුවක්කුව බිරිදව බියවැද්දීමට පමණක් භාවිතා කල බවට හෙලි වෙනවා..දැන් කොහෙන්ද උන්ඩයක් ආවේ තුවක්කුවට....?
පොලීසියේ වැඩිදුර පරීක්ශණ වලදි හෙලි වෙන්නෙ එම වයසක යුවලගේ පුතා මුදල් ප්රශ්න මත ඔවුන් එක්ක තරහා වී ඔවුන් ඝාතනයට සැලස්මක් ක්රියාත්මක කර ඇති බවයි.ඒ දෙදෙනා රන්ඩු වෙද්දි තුවක්කුව ගන්න බවත් දැන සිටි ..එම නිසා තුවක්කුවට උන්ඩයක් දමා තිබුණා.එවිට ඔහුගෙ පියා මවට වෙඩි තබන සේ රගපාන විට ඇත්තම උන්ඩය ඇයට වදිනවා.එයයි ඔහුගෙ සැලස්ම.
දැන් පැහැදිලියි, ඇයට තැබු වෙඩි උන්ඩය වැරදි ගොස් වැදි තිබුණේ වහලෙන් බිමට වැටෙන රොන්ල්ඩ් ටයි..දැන් එම යුවලගේ පුතා මිනිමැරීම යටතේ වැරදිකරු කියා තීන්දු කරනවා...පුදුමයි නේද?
ඒත් මෙහි ඉතාම පුදුම සහගත දෙය එය නොවේ..රොනල්ඩ් යනු එම වයසක යුවලගෙ පුතා වීමයි.එතකොට මිනිමරුවා රොනල්ඩ් වන අතර ඝාතනයට ලක්ව ඇත්තේද ඔහුමයි !
ඔබගේ උත්තරය පහතින් ඇති Comment තීරුවේ සඳහන් කරන්න.
කොහොමද එහෙම වුනේ ??????
No comments