Headlines

සත්ව ලෝකයේ ඔබ නොදත් කරුණු

 සත්ව ලෝකයේ ඔබ නොදත් කරුණු


පෘථිවියේ සත්ත්ව විශේෂ මිලියන 7.77 ක් ඇස්තමේන්තු කර ඇති පරිදි සත්ව රාජධානිය අවිවාදයෙන් ම විවිධත්වයෙන් යුතු ස්ථානයකි. පෘථිවියේ ජෛව විවිධත්වයේ තරම හොඳින් දැන සිටියත්, අපේ සත්ව සගයන්ට කළ හැකි ඇදහිය නොහැකි දේ බොහෝ විට මිනිසුන්ට සැඟවී ඇත. මෙම විශ්මය ජනක සත්‍ය කරුණු ලෝකයේ විශාලතම සත්ව ලෝලීන් පවා මවිතයට පත් කරන බව නිසැකයි.

1. කෝලා නම් සත්වයාගේ ඇඟිලි සලකුණු මිනිස් ඇඟිලි සලකුණුවලට බොහෝ සෙයින් සමීප වේ.

2.(තණබිම් සුනඛයන්)Prairie dogs සිප ගනී.

Prairie dogsලා හේතු ගණනාවක් නිසා විචිත්‍රවත් ජීවීන් ය. ඔවුන් විශාල මීයන් ය, ඔවුන් එකිනෙකට සම්බන්ධ වූ විශාල භූගත ගෙවල් හාරයි, එමෙන් ම ඔවුන් සිප ගනිති. 

තණබිම් සුනඛයන් සිප ගන්නා මෙන් එකිනෙකාට ආචාර කරන නමුත් ඇත්ත වශයෙන්ම ඔවුන් සිදු කරන්නේ ඉදිරිපස දත් ස්පර්ශ කිරීමයි. මේ ඔවුන් එකිනෙකා හඳුනා ගන්නා ආකාරයයි. විවෘත තණබිම් අහිමි වීම සහ විවිධ රෝග හේතුවෙන් ඇමරිකාවේ තැනිතලා ප්‍රදේශ වලින් තණබිම් සුනඛයන් අතුරුදහන් වෙමින් පවතී. 

3.Ghost crabs(අවතාර කකුළුවන්) බඩේ දත් භාවිතා කරමින් ගොරවයි.

කකුළුවන්ට ඔවුන්ගේ අඬු භාවිතා කර අනෙක් ජීවීන් බිය ගැන්වීමට හැකි නමුත් එය ප්‍රමාණවත් නොවන්නේ නම්, අවතාර කකුළුවන් බල්ලෙකු මෙන් සතුරා වෙත ගොරවයි. සුනඛයන් මෙන් නොව කකුළුවන් උදරයේ පිහිටා ඇති දත් උපයෝගී කරගනිමින් මෙම භයානක ශබ්ද නඟති. ඒම දත් වැනි ව්‍යූහයන් ආමාශයේ ඇති ආහාර කුඩු කිරීම සඳහා එකිනෙකාට අතුල්ලති.

4.දඩයම් කිරීමේදී සියයට 90 ක්ම දඩයම් කරන්නේ ගැහැණු සිංහයන් ය.

සිංහයන් ඔවුන්ගේ පවුල් පෝෂණය කිරීමේදී වැඩිපුරම වැඩ කරන්නේ ගැහැණු සිංහයන් ය. CBS ප්‍රවෘත්ති වලට අනුව, දඩයම් කිරීමේ වැඩි කොටසක් කරන්නේ පිරිමි සිංහයන් නොව ගැහැනු සිංහයන් ය. "දඩයම් කරන්නේ සියයට 90 ක් පමණ ගැහැනු සිංහයන් වන අතර පිරිමි සතුන් භූමියේ මුර සංචාරයේ යෙදෙන අතර තම අභිමානය ආරක්ෂා කරති."විවේක ගැනීමේදී ස්පර්ශයන්ගෙන්, හිස පිරිමැදීමෙන්, ලෙවකෑමෙන් සිංහයන් හොඳ ඇසුරක් භුක්ති විඳින බවක් පෙනේ.

5.ලොව දන්නා පැරණිතම ගෘහාශ්‍රිත සුනඛ වර්ගය ක්‍රිපූ 329 දක්වා දිව යයි.

සුනඛයන් මිනිසාගේ හොඳම මිතුරා ලෙස ප්‍රසිද්ධ වී ඇති අතර, එය ඔබ බලාපොරොත්තු වූවාට වඩා දිගු සබඳතාවක් බව පෙනේ. ගිනස් ලෝක වාර්තා වලට අනුව, ක්‍රිස්තු පූර්ව 329 දී මතුවූවා යැයි සැලකෙන ලොව පැරණිතම ගෘහාශ්‍රිත සුනඛ වර්ගය සලුකි ය. පුරාණ ඊජිප්තුවේ සලුකි සුනඛයින් ගෞරවයට පාත්‍ර වූ අතර රාජකීය සුරතල් සතුන් ලෙස තබා ගෙන මරණයෙන් පසු මමිකරණය කරන ලදි. ක්‍රිස්තු පූර්ව 7000 තරම් පැරණි සලුකි වලට සමාන සුනඛයෙකු නියෝජනය කරන සුමර් (වර්තමාන දකුණු ඉරාකය) කැටයම් දක්නට ඇත.


ඡායාරුප අන්තර්ජාලයෙනි 

 උපුටාගැනීමකි 

No comments