ලංකාවේ හොල්මන් ඇති මිනිසුන් විශ්වාස කරන ස්ථාන
හොල්මන් යනු සමහරක් මිනිසුන් විශ්වාස කරන , බොහොමයක් විශ්වාස නොකරන විවාදාත්මක මාතෘකාවක්. කෙසේ වුවත් හොල්මන් කියන්නේ තවමත් විද්‍යාත්මකව තහවුරු නොවුණු දෙයක් බවටයි අපේ දැනීම. ඉතින් හොල්මන් ගැන අදහසක් දැරීම පාඨක ඔබගේ අයිතියක්.පහලින් දැක්වෙන්නේ ලංකාවේ හොල්මන් ඇතැයි මිනිසුන් වැඩි වශයෙන් විශ්වාස කරන ස්ථාන කිහිපයක තොරතුරු.
1. දැඩි ශෝකයෙන් තවමත් පියමනින ඇහැළේපොළ කුමාරිහාමි
ඇහැළේපොළ කුමාර්හාමි කියන්නේ තමන්ගේ ස්වාමියා වෙනුවෙන් බෝගම්බර වැවට බිලිවුණු ශ්‍රී ලංකා ඉතිහාසයේ වීර කාන්තාවක්. කොහොම වුනත් තවමත් ඇහැළේපොළ කුමාරිහාමි වැව රවුම වටේ දී, ක්වීන්ස් හෝටලය ඉදිරිපිටදී දුක්මුසු මුහුණින් බලාන ඉන්නවා, ඇවිද යනවා දැකපු අය ඉන්නේ එක්දාස් අටසිය ගණන් වල ඉඳන්, පැරණි තාලෙට සුදු ඔසරිය ඇඳලා තවමත් හිස කෙළින් තියාගෙන ඇවිද යන ඇහැළේපොළ කුමාරිහාමි නිසා බය වුණු අයට වඩා ඉන්නේ ශෝකයෙන් කතා කරන අය.
2. රෑට රෑට සද්ද ඇහෙන හාලිඇල ඩීන්ස්ලන්ඩ් බංගලාව
ඔව් සර්, හොල්මුන් ඉන්නවා. දවසක් මම දැක්කා ලොකු ඇගක් තියෙන ගෑනියෙක් ලේ පෙරාගෙන එනවා, ඒ දැකලා බය උණ මම ක්ලාන්තය දාලා වැටුණා. ඊට පස්සේ ලෙඩ වෙලත් හිටියා. මම මේ ළගම් ගෙදරක ඉන්නේ, භීෂණ දවස්වල ඉදළම බංගලාව ගැන දන්නවා. මේකේ විද්‍යාගාරයක් තිබුණා. හැබැයි වෙඩි ශබ්ද ඇහුනේ නැහැ. කෑගහන ශබ්ද අනුනා. සමහරදාට ලේ සෝදන්න උනෙත් මට. මේ කාරණාවලින් පස්සේ තමයි හොල්මන් ඇති උණේ.
මේ විස්තර කියවෙන අතීතයේ පුද්ගලික තේ වත්තක් වුණු ඩීන්ස්ලන්ඩ් වතුයාය මේ වෙනකොට රජයට අයත් නිල නිවාසයක්, මේ පළාත භීෂණ සමයේදී විශාල වශයෙන් මිනිස් ඝාතනය වුණු පෙදෙසක් විදියටත් ප්‍රසිද්ධයි. කොහොම වුනත් පාළුවට ගිහින් තිබුණු මේ බංගලාවේ හොල්මන් සැරිසරන බව ප්‍රදේශවාසීන් අතර තිබුණු ප්‍රසිද්ධ රහසක්. සෙන්දිල් ණ්ඩමාන් ඇමතිවරයා කුලී පදනක් පිට මෙය නිල නිවස විදියට ගත්තට පස්සේ වුනත් රාත්‍රියට කෑ ගහන, මහ හඬින් හඩා වැටෙන ශබ්ද ඇහෙන බවයි කියවන්නේ
3. රාජපක්ෂගම ගම්මානයේ අද්භූත පවුල
තඹුත්තේගම රාජපක්ෂ ගම්මානයේ අද්භූත පවුලක් සැසරන බව පහු ගිය අවුරුද්දේ අහන්න ලැබුණ . කාන්තාවක්, පිරිමියෙක් සහ කුඩා දරුවෙක් සැරෙන් සැරේ මේ ගමේ සමහරුන්ට පෙනිලා ටික වෙලාවකින් නැතිවෙලා යනවලූ. මේ සිද්ධියෙන් බයට පත්වුණු සෑහෙන දෙනෙක්ගේ ගෙවල් වල ශාන්තිකර්ම පවා කරන්න වුණු බව ඒ දවස්වල ගොඩක් අහන්න ලැබුන . තාම මේ හොල්මන් පවුල රාජපක්ෂගම ඉන්නවද? ඒක නම් අපිට හර්යටම කියන්න බෑ.
4.තවමත් විලාප දෙන දකුණු මුහුඳු වෙරල තිරය
සුනාමි ව්‍යසනය පැමිණ අවුරුදු ගණනාවක් උවත් සුනාමියෙන් හානි සිදු වුනු ජීවිත සංඛ්‍යාව හරියටම කියන්න හැකියාවක් නෑ . සුනාමියෙන් පස්සේ අවුරුදු කීපයේදී මුළු දකුණු වෙරළ තීරයම පෙනුනේ හරිම දුක්මුසු, ශෝකාකූල පෙනුමකින්. එදා ඉඳන් අද වෙනකල් තවමත් හිටපු ගමන් මුහුද මැද්දෙන් මිනිස් විලාප හඬ ඇහෙනවා කියලා බොහෝ දෙනෙක් පවසනව. මේ සමහර විට මුහුදේ හඩ වෙන්න විය හැකියි . ඒත් අදටත් දක්ෂිණ මුහුදු තීරයේ පාළු වෙරළක ඉන්නකොට මුහුද දිශාවෙන් ශෝකී විලාප හඬක් මුහුදේ හඩත් එක්ක මුසුවෙලා ඇහෙනවා කියන අයත් සිටියි.
5. විශාල කන්දක හුදෙකලා වූ දික්කන්ද වලව්ව
යක්කලින් හැරිලා රදාවාන පැත්තට යනකොට අතින් පෙන කන්ද උද තියෙන හුදකලා බනලව හමයි මේ දික්කන්ද වලව්ව කියන්නේ. එහි කමා 100 තිබෙන අතර දැන් එය අයිති විදේශිකයෙකුට , කිසිම කෙනෙක්ට මේ වලව්වට ඇතුළු වෙන්න අවසර දී නැත . දික්කන්ද වලව්ව ගැන කතා බහ කරන ප්‍රදේශයේ අය පවසන්නේ මේ වලව්ව තුල අවතාර තියෙන බවයි.
No comments