Headlines

කිරිපිටි, සිමෙන්ති, මිල ඉහලට?

පසුගිය දිනවලදී පිටි , කිරිපිටි ,සිමෙන්තිවල ලෝක වෙළඳපොළෙහි මිල වැඩි වීම හේතුවෙන් මෙම ආනයනකරුවන් දිගින් දිගටම මිල වැඩි කරන ලෙස රජයෙන් ඉල්ලීම් කළ බවත් එම සමාගම් සමග සාකච්ඡා කිරීමේදී මෙම භාණ්ඩ සඳහා යම් ලෙසකින් මිල වැඩි කිරීමක් සිදු කරන්නේ නම් මාස තුනක් ගතවන තෙක් මෙම භාණ්ඩ වෙළඳ පොළෙහි හිඟයකින් තොරව ලබා දීමට ඇති හැකියාව පිළිබඳව විමසා සිටි බවත් නැවත අවම මාස තුනක් යනතෙක් මිල වැඩිකිරීමකට ඉල්ලීම් නොකරන ලෙසත් ඔවුන්ට දන්වා ඇති බව සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.

 කොටුව දුම්රිය ස්ථාන පරිශ්‍රයේ ඉදිකරන ලද රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාවට අයත් Q-Shop අලෙවිසැළෙහි මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා ඊයේ මේ බව කියා සිටියා 

තවද එම ආනයනකරුවන් දෛනිව සිය නිෂ්පාදනයන් පිළිබඳව පාරිභෝගික සේවා අධිකාරිය දැනුවත් කළ යුතු බවද අමාත්‍යවරයා කියා සිටියේය. ලෝක වෙළදපොළේ මිල වැඩිවීමත් සමග සිමෙන්ති සඳහා යම් ආකාරයක මිල වැඩිවීමකට යාමට සිදු වන බව අමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නේය.

No comments