Headlines

ලෝකයේ පයින් ගමන් කළ හැකි දුරම පාර

 ලෝකයේ පයින් ගමන් කළ හැකි දුරම පාර"

මේ කියන්න යන්නෙ වෙනස්ම කතාවක්.. මිනිසෙකුට පයින් ගමන් කළ හැකි දුරම මාර්ගය ගැන ඔබ මින් පෙර අසා තිබේද..දකුණු අප්‍රිකාවේ ප්‍රධානම නගරය වන කේප්ටවුන් ගැන ඔබ අසා ඇති. එහි සිට රුසියාවේ මැගඩාන් දක්වා තමයි මේ මාර්ගය පිහිටන්නෙ.

මෙහි ගමන් කරන අයෙක්ට හමුවෙන ගංගා හැම එකකටම පාලම් තනා තිබෙන අතරම මේ දීර්ඝ ගමනට බෝට්ටුවක් හෝ අහස් යානයක් යොදා නොගැනීම විශේෂත්වයක්. එනම් මෙය සම්පූර්ණයෙන්ම පා ගමනක්. මෙම මාර්ගයේ සම්පුර්ණ දුර 22000 km (*පමණ) වේ.

ගූගල් මැප් එකට අනුව, නොනවතින ඇවිදීමකදී මෙම පාගමන පැය 4492 කින් සම්පූර්ණ කිරීමට හැකිවන බවත් ඒ සදහා දින 187 ක් වැය වන බවත් දැක්වේ..

ප්‍රායෝගික ව බැලුවොත්,සාමාන්‍යය මිනිසෙකු දිනකට පැය 8 බැගින් ඇවිද ගියහොත් දින 562 ක පමණ කාලයක් මේ ගමන සඳහා වැය වනු ඇත.

මෙම චාරිකාවේ දි ලොව පුරා රටවල් 17 ක් සහ වේලා කලාපයන් (Time zones) 6 ක් පසු කර යෑමට හැකියාව ලැබෙයි.

ඊටත් වඩා මෙ ගමනේදි ලැබෙන සුවිශේෂීම අත්දැකීම නම් ගමන්කරුට ලොව ඇති සියලුම ඍතුන් සහ කාලගුණයන් අත්දකින්නට හැකිවීමයි.

ඔයාලත් කැමතිද මේ වගෙ ගමනක් යන්න... හැබැයි වීසා නැතුව රටවල් 17 නම් පහු කරන්න වෙන එකක් නෑ

උපුටා ගැනීම අන්තර්ජාලයෙන් 

Image from internet


 


No comments