ලග්නයට අනුව ඔබ ගැන කියවෙන දේ
ලග්නය කියල කියන්නේ කෙනෙක් උපදින කොටම තිරණය කරන දෙයක්. මේ ලග්න වලින් ඔබේ ජීවිතය ගැන දේවල් රාශියක් කියන්න පුළුවන්. ඒ නිසා අද අපි ඔබට ගෙනවිත් තිබෙනවා එක එක ලග්නයට අදාලව පුද්ගලයන් ගැන කියවෙන දේවල්. බලන්න ඔබේ ලග්නයෙන් ඔබ ගැන කියවෙන මේ දේවල් ඇත්තද කියල.
මේෂ
එඩිතරය. ජයග්‍රහණය දැඩිව ආශා ක්ලැරන අතර ඒ වෙනුවෙන් සටන් කරයි.අනුන්ට අවනත නොවෙන අතර තමන්ට අවශ්‍ය දෙය අනිවාර්යෙන් සිදු කර අනි.සිට්ර්හුවොත් දෙයක් කොහොමහරි කරනවා කියන තැන සිටියි.මහා ඉහලින් ලොකු වැඩ කිරීමට මිස පොඩි වට සරල වැඩ කිරිමට නොසිතයි.ඉවසීමේ ගුණය අඩු අතර මුරණ්ඩු වේ.දුර දැකීමේ නුවන ඇත්තෝය එක වැඩක් කරන ගමන් තව වැඩ රාශියක් බද ගනියි.සාර්ථක විවාහ දිවියක් ගත කිරීමට තම උත්සාහය දරයි.නිතර නිතර මොන හරි කමට හපන්නට ඕනේ වෙයි.අනුන්ව තමන් යටතට ගෙන කටයුතු කරන්නට වෑයම් කරයි . ඇනුම් පද කියන කෙනෙක්නම් නෙවෙයි.අන් ය වෙනුවෙන් කටයුතු කිරීමට වෙර දරයි.පරාර්ථකාමී වන අතර අවශ්‍ය තාවන්ට වැඩ අත්‍යවශ්‍ය දේට මුල්තැන දෙයි.තමන්ගේ අත්මභිමනයෙන් ජිවත් වෙන අතර කඩාවැද ගැනීමට මාන බලන්නේ නැත.අපක්ෂපාතිව උපේක්ෂ සහගතව කටයුතු කරයි
වෘෂභ ලග්නය
ලස්සනට ඇඳීමට අස කරයි.තම වාසියට කටයුතු කරන අතර හිත ඇදගන්න ලෙස අකත කිරීමට දක්ෂයෝය . කේන්ති ගියොත් තරමක් දරුණු වන අතර කර්යශුරත්වයෙන් ඉහලයි මසුරු ගතිය ඉස්මතු වෙන අවස්ථා බොහෝ ඇති අතර ගුප්තමය ස්වභාවයක්ද ඇතැම් විට දක්නට ලැබේ . ලේසියෙන් යටත් නොවේ . පොදු සමාජයට ගැලපෙන අයුරින් ජිවත් වීම්,අට තත් කරයි. නව විලාසිත වලට කැමතිවේ. නිෂ්කලන්කතාවය ප්‍රිය කරන අතර නගරයට වැඩ ගමට ඇලුම් කරයි . කලාවට නැබුරු වේ . කටයුත්තක් කිරීමට පෙර හොඳින් සැලසුම් කරයි.විවාහය බොහෝ විට අතම අභිමතයට අනුව සිදුවේ. අනුන් ගැන විශ්වාසය තැබීම නිසා පාඩුද සිදු වන අවස්ථා ඇත . කෙලින් කතා බහ කිරීම නිසා සතුරන් ඇති වන අතර කුඩා කලට වැඩ වයසට යත්ම පැහැපත් හා ලස්සන / කදවස්ම රු සපුවක් ලැබේ .
මිථුන
ඕනවට වඩා මිනිසුන්ට අනුකම්පා කරන්නට ගොස් නිතරම කරදරේ වැටෙයි නිතරම ගන්න තීරණ වෙනස් කරයි ඒවගේ ම උඩඟු ස්වභාවයෙන් යුක්තයි.ළමා කාලයේදී සිහින් ශරීරයකට හිමිකම් කියයි. නමුත් ඉදිරියේදී තරමක් මහත් ශරීරයකට හිමිකම් කියයි තමන් ආරම්බ කල කාර්ය මග නතර කර දමයි නිතර වෙනස් වන සැලසුම් වලින් යුක්තය ආගමට දහමට ලැදියි නිදහස් මත දරන්නෝ යතමන් හට ලද දෙයින් සතුටු වේ බළලුන් ලවා කොස් ඇට බෑමට දක්ෂයෝ වෙති මුදල් වැය කලත් ඒ තරමට පල නොලබයි හැඟීම් වලට වහල් නොවන්නෝ වෙති තරමක් ආත්මාර්ථකාමී ස්වභාවයක් තිබේ.හිතවත් කම් ඔවුන්ගේ අතේ දුරින් පවත්වන සුළු අය වෙති .පෝසතුන් වීමට ඔවුනට හැකි වේ .තරමක් පණ්ඩිත ස්වභාවයෙන් යුක්තය
කටක
අනුන්ට උපදෙස් දීමට ඉතා දක්ෂ උනත් තමන් ඒවා පිළිපදිනවා අඩුය ප්‍රතිපත්තියක් නැතුව වැනෙන අවස්ථාද ඇත.අනුන් කියන දේවල් ඇසීම සිමා කල යුතු අතර එසේ නොවුවොත් පාඩු සිදුවේ .නිර්බිත උවත් බියසුලු අවස්ථාද නැතුවම නොවේ .රැඳු වීමට ඉතා දක්ෂ අතර එල්ලී එල්ලී රැඳු වෙයි . කටකාර කමත් ඉහලින්ම ඇති අතර කලබලකාරී වේ . නිවසේ සිටීම ඉතා ප්‍රිය කරන අතර පිට තැනක සිටියත් ඉන්නේ සතුටින් නොවේ .අරපිරිමැස්ම ඉතා හොඳ අතර නිතර නින්ද අපහාස වලට ලක්වේ . එසේ උවත් දැඩි චිත්ත ශක්තියක් ඇත . නිතර සමදෙයටම අනුකම්පා වීම හා තද ඇට්ටර ගතියක්ද ඇත . සහෝදරයන්ට ඉතා හිතවත් උවත් ඔව්න්ගෙන් නම් ලැබෙන දෙයක් නැත. ව්‍යාපාරික කටයුතු බොහෝ දියුණු වෙන ඇති අතර තමන්ගේම කියා දෙයක් කිරීමට ආශා කරයි . විවාහය යනු මොවන්ට අත්‍යවශ්‍ය දෙයක් නොවන අතර එය තමන් කැමති විදිහට සිදුනොවේ නම් මේ ටික කලත් මෙහෙන්මම ඉන්නවා කියා සිතයි. දුරදිග නොබලා කටයුතු කර අපහසුතාවයට ඔපත්වෙන අවස්ථාද නැතුවම නොවේ . හුදකලාව ප්‍රිය කරන අතර නිතරම මනෝ ලෝක වල සිටියි.
සිංහ
නායකත්වයට ඉතා කැමති අතර ඒ වෙනුවෙන කටයුතු කරයි .පාලන දක්ෂතා උරුම අතර කැපී පෙනීමට උත්සහ දරයි. උඩගුකම , තෙජස්ලිලව , මුනට කෙලින් කතා කිරීම , අනිත් ය තමන්ට කෙලින් කතා කරනවට අකමැති වීම .අනිත් ය තමන්ගේ වැරදි පෙන්වා දෙනවාට අකමැති බව ප්‍රධාන චරිත ලක්ෂණයි. කටත් උපරිමයෙන් උදව් කරන අතර ඉහල එන්න වයං කරයි . උනන්දු වී වැඩ කරයි . කිසිදේකට බය නැති අතරාදරය වෙනුවෙන් දෙබිඩි පිළිවෙතක් උවද අනුගමය කරයි . අපක්ෂපටිව කටයුතු කිරීම .,යුක්තිය එරෙහි වීම හා අවංකව කටයුතු කරයි . තැනෙ හැටියට අනේ ගස ජාමේ බෙර ගැනීම උපන් හපනුන් වේ . දරාගැනීමේ ශක්තිය උපරිමයෙන් ඇති අතර කරදරයකදී අන්තිම සතයටම වියදම් කර හෝ පිහිට වෙයි . අස්ථානගත චෝදනා වලට ලක්වීම් නිතර සිදුවන අතර වැඩිහිටියෙකු ලෙස ඕනෙම තැනක කතා කරයි . දියුණුවට කටයුතු කරන අතර මිතුරන් සංඛ්‍යාව සීමිත වේ. තම දක්ෂතා නිසා තිරය පිටුපස තුරන් ඇතිවේ .
කන්‍යා
ධාර්මික ජීවිතයක් ගත කිරීමට ආශා වෙති. අවංක ගති සහිත වේ. නිහඬ චරිතයකි. අන් අයගේ අඩුපාඩු සෙවීමට උත්සාහ දරයි. වටහා ගන්නේද අඩුවෙනි. ඒම නිසා ගැටුම් ද ඇති වේ. අනවශ්‍ය කලබලයක් මොවුන් හට තිබේ. අවශ්‍ය දේ මතක තබා ගත හැකියාව ක් නොමැත. අධ්‍යාපන කටයුතු සඳහා වැඩි දක්ෂ බවක් පෙන්වයි. ආත්මාර්ථකාමී කමි ගති පැවතුම් තිබේ. දේවල් ඕනෑවට වැඩ හිතට ගනියි. පරිත්යාගශිලිය. නායකත්වය දැරීමට පැකිලෙයි. කෑමට බිමට රුචියක් දක්වයි. නිතර තමාගේ වාසියට කටයුතු කරයි. බොහෝ දේ අහිමි කරගනියි. රෝගාභාද නිතරම හටගනියි. අනවශ්‍ය කලබලය නිසා ආරවුල් ඇති වේ. තමන් හට පැවරී ඇති දේ අන් අය මත පැටවීමට උත්සහ දරයි. ඇට්ටර ගතිය ඉහලිනෑ තිබේ. මොවුන් හට ආකර්ෂණය වැඩිය.
පොතේ හැටියට වැඩ කරයි.විනෝදයෙන් කල් ගෙවයි. සහජ කුසලතා බොහොමයකින් සමන්විතයි. අනුන්ගේ යහපත දෙස සතුටින් බලයි. ගීතයට, නැටුමට ආශා කරයි. කේන්ති යෑම තමන් විසින්ම පාලනය කරගනී. තරමක ලෝභ කමක්ද තිබේ. දුරදක්න නුවණකින් යුක්ත වෙති. මොවුන් ගේ ව්‍යාපාර ජීව්තයේ ඉහලට යයි. අපක්ෂපාති වේ. ආකර්ෂණය උපරිමෙන් ම තිබේ. සැමගේම සිත් දිනාගෙන කටයුතු කරයි. තරහ සඟවා සිනා සීමට සමතුන් ය. අන් අයගේ ගැටළු වලදී විසඳුම් ලබා දීමට සමත් වෙති. නිතරම ප්‍රීතියෙන් සතුටින් කටයුතු කරයි. කුමන කලාවකින් හෝ ජනප්‍රිය වීමට මොවුන්ට හැකියාව තිබේ. අමාරුවේ වැටෙන අවස්ථා බොහොමය. ඉක්මන් විවාහ වීම් දක්නට ලැබේ. සහයෝගයෙන් කටයුතු කරයි. ලස්සනට ඇඳීමට පැළඳීමට රුචියක් තිබෙයි. කොතන ගියත් කැපී පෙනෙයි.
වෘශ්චික
ඉගැන්වීමෙන් තොරව දෙයක් ඉගෙන ගැනීමට දක්ෂ වේ. නිර්මනශිලිය . තරහ ගිය විට දරුණු අතර ඉක්මනින් තරහවද පහව යයි.මිතුරන් බොහෝය . ඒ වුනත් කියන්න තියෙන දේ මුනටම කියන නිසා සමහර මිතුරන් ඇත වේ.ඝනවන්ත කම උපතින්ම තිබුනත් දන්නවා වැඩි නිසා මෝඩ වැඩ කරයි.සම දෙයක් ගැනම ප්‍රයෝගික දැනුමක් ඇති අතර ධනය පොඩි බැඳ තබා ගැනීමට සිත් නොදෙයි.සම්මතයෙන් පිටය කිසිදු විසඳුමක් නැති ගැටළු නිතර සිතට එයි.කව්රුන් කිවත් තමන්ට නොගැලපෙන සදේ නම් සිදු නොකරයි .සුළු රැකියාවකින් සතුටු වන්නේ නැත . ආගමට දහමට ලොකු නැඹුරුවක් නැති අතර සක සංකා බහුල පුද්ගලයන් වේ .අන්තිම මොහොතේ බොහෝ වැඩ කටයුතු කිරීමට සිතාගෙන සිටියි වහ කිපෙන සුළු නිසා ආශ්‍රය නම් පහසු නැත .ආදරණිය උවත් ආඩම්බර කමින් යුක්තයි.දුක් වේදනා දර ගැනීමට දක්ෂ අතර ඉහලට යන්නට අදහස් කරයි.පරාජය පිළිගන්නට අකමැති අතර තමන්ගේ පාඩුවේ ජිවත් වෙන්නට ප්‍රිය කරයි
ධනු
අධිෂ්ටාන ශීලි වන අතර තම ගත තීරණ කිසි විටෙකත් වෙනස් නොකරයි.අසාධාරණයට අකමැති අතර සාධාරණය වෙනුවෙන් කතා කරයි. අන් යට අල්කුත් දේවල් මේ අයටනම් අලුත් දේවල් නෙවෙයි.සමාජය ගැන බොහෝ දැනුවත් අතර සංචාරයට බොහෝ විට ප්‍රිය කරයි.අනුක්ලම්ප සහගත වන අතර ඉක්මනින් හිත උනුවෙයි.දෙබිඩි පිලිඑත් අනුගමය කිරීම නිසා හිතාවත්කම් පලුදු කර ගනියි .සැකය අවිශ්වාසය ජිවිතය පසු පසට අද දමයි.බාරගත් කටයුත්තක් නිම කරන තුරු කලබල කාරී වෙයි අනුන්ගේ මයම්වලට හසු වී කරදරයේ වැටෙයි.තම ඉහළ නිලධාරීන්ට ගරු සරු අතර පිනට දහමට නැඹුරු වේ.දඩබ්බරකම සහ සන්සුන් කම එක හා සමානව පිහිටයි.ආඩම්බර කමක්ද ඇති අතර පොත පත කියවීමට දැඩි නැඹුරුවක් දක්වයි ලෙඩ දුක් කරදර වලට කල් තියම සුදානම් වෙයි හිතවත් කම් අතේ දුරින් පවත්වා ගනියි.නිතර හිසේ කැක්කුම් ඇති වන අතර තම අපේක්ෂා ඉටු කර ගැනීමට උත්සහ කරයි . අනුන්ගේ හිත නොරිදව ඇසුරු කරන අතර උපායශීලිව කටයුතු කරයි. අන් ය එය කපටි කමක් ලෙස සිතුවත් එය එසේ නොවේ කාරුණික හදවත් ඇති ය වේ
මකර
සමාජ අත්දැකීම් බහුල නිසා අන් අයට රැවටීම් වලට ලක් වීම අඩුයි. මුදල් උපයන්න සුරයෝ ය . මොවුන් වැඩිය අනුන් ගැන සිතන්නේ නැත. තමන් සතු දේපල වස්තු හට ලොකු ආශාවක් ඇත. සිහිකල්පනාවෙන් වැඩ කරන්නෝ වෙති. කාර්යශුරව කටයුතු කරයි. හම්බ කරනවිට බොහෝ සේ මහන්සි විතරයි වැඩ කරයි. අන් අයට යමක් දීමට සිතෙන්නේ ද කලාතුරකින් ය. ඇතැම් අවස්ථා වලදී මෝඩ විදිහට කටයුතු කරයි. එයින් යමක් ඉගෙන ගෙන තමන්ගේ වැඩ කරගනී. සියල්ලම තමන්ගේ වාසියට හරවා ගනියි. කාලය නාස්ති නොකරයි. අනුන් හට උපකාර කිරීමට පෙර සිතා බලයි. එසේම අනුන්ගෙ උපකාර බලාපොරොත්තුවෙන් කටයුතු කරයි. කතාවේදී දක්ෂය. මොවුන් ළඟ උසස් සිතුවිලි අඩු ය. මිත්‍රයන් අඩු ය. කළගුන සැලකීම තරමක අඩු බවක් පවතී. පරාජයට අකමැති වෙයි. තමන්ගේ අය කෙරෙහි ලොකු තැකීමක් නැත
කුම්භ
තමන් ළඟ ඇති දේ විකුනා හෝ නැතිබැරි මිනිසුන් හට උදව් උපකාර කරන්නෝ වෙති. ලෝභ නොවෙති. හදවතේ එඩිතර බවක් තිබුනද එතරම් ප්‍රතිපල ලබන්නේ නැත. ආගම දහමට ලැදි බවක් තිබේ. ගීතයට කලාවට ලැදි බවත් ඇත. අලස ගතියක් ඩ මොවුන් හට තිබේ. අන් අයට කරදර නොවන se ජීවත් වීමට උත්සහ දරයි. කාමුක ගති ද මොවුන් හට තිබෙයි. පොත පත කියවීමට රුචියක් පෙන්වයි. කපටි මොලයක් මොවුන් හට තිබේ. මොවුන්ට ලබා ගැනීමට අවශ්යක් ඇත්නම් එයා කෙසේ හෝ ඔවුන් හට ලබා ගනියි. ලද දෙයින් සැහීමකට පත් වේ. තරහා ගිය විටකදී යක්ෂාවේශ වෙන ගතියක් ද මොවුන් හට තිබේ. සැම විටකදී ම චාම්ව සිටීමට උත්සහ කරයි. සමාජ සේවයට රුචියක් දක්වයි. ලේසියෙන් තේරුම් ගත නොහැකි චරිතයක්. නිතර සතුරු කරදර වලට හසු වේ.
මීන
යහපත් ගුණ ඇති අතර කරුණාව දයාව ඉතා ඉහලින්ම ඇත. ඒ නිසාම පාඩු අලහ සිදු වන අවස්ථාද ඇත.නිහඬ ජීවිතයකට කැමති අතර අනවශ්‍ය ලෙස අන් ය සමඟ දොඩමලු වීමට නොයයි .මහන්සි වී වැඩ කිරීමට නොව කල්පනා කර මොලෙන් ගේම ගැසීමට දක්ෂයන්ය.දර්මික කටයතු අප්රකටව සිදු කරන අතර ඒ මගින් ලෞකික ජිවතයට බාධා පාඩු ඇති කර ගනියි.උපරිමයට ඉවසුවත් තරහ ගිය විට ඉතා දරුණු වේ. අනුන්ට හිංසා නොකරන අතර සමාජ සේවා වල තරමක් දුරට නිරත වෙයි. තමන් අනුනට කොපමණ පිහිට වුවත්ත මන්ගේ පිහිටට ඉන්නේ නොසිතූ කෙනෙකී. පිහිටට සුළු යාලුවන් පිරිසක් සිටි...වැඩකට යෙදුනොත් කෑම බීම ගැනවත්නො තකා වැඩ කරයි. බොහොදෙනා අතර කතා බහට ලක්වෙයි. ප්‍රසිද්ධියට පත් වෙයි.කාගෙවත් හිත රිදවීමට කැමති නැත ඉක්මනින් හිත කඩා වැටෙයි.කලකිරිම් ඇති කර ගනී. යමෙකු ලේසියෙන් අත් නොහරියි.අත්හැරියොත් යළි කිසිවලට ළං කර නොගනී වාසනා ගුණය නිතර කැරෙකෙන අතර අන්අයගෙන් හිමිකම් ඇතිවේ.පොඩි දේටත් හිත රිදවාගෙන පසුතැවේ.නිදහස් සාමකාමී අදහස් ඇත. ටහම ගැන අන් ය තබා ඇති විශ්වාසය කදී යාමට ඉඩ නොතබයි
අන්තර්ජාලයෙන් උපුටා ගත් තොරතුරු මගින් සකස් කලේ BLUEPLANET
ඡායාරුප අන්තර්ජාලයෙන්
No comments