ලෝකයේ බලවත්ම Battle-cruiser එක
Battle cruiser එකක් කියන්නෙ සාමාන්‍යයෙන් destroyer එකකට වඩා ලොකු battleship එකකට වඩා පොඩි යුධ නැව් විශේෂයක්.
21 වන සියවස වෙන මේ සියවසේදිනම් රට රටවල් වල නාවික හමුදා සඳහා battleships හදන්නෙ නැති උනාට නවීන තාක්ෂණයෙන් යුතු Destroyers හා Battle-cruisers නම් සුලබව නිර්මාණය කරනවා.
| ඉතින් දැනට නිර්මාණය කරපු විශාලම හා බලවත්ම battle-cruiser එක ගැනයි මේ විස්තරය.
නිරවි යුධ සමයේ සෝවියට් රුසියාව ඇමරිකාව පරයා තම නාවික ශක්තිය විදහා පාන්න නිරන්තරයෙන් උත්සහ කලා.එසමයෙහි ඇමරිකානු නාවික හමුදා නිරන්තරයෙන් උතුරු මුහුදේ ඔත්තු බැලීම් වල නිරත වූ අතර ඊට එරෙහිව තමා 𝗞𝗶𝗿𝗼𝘃 𝗰𝗹𝗮𝘀𝘀 𝗯𝗮𝘁𝘁𝗹𝗲𝗰𝗿𝘂𝗶𝘀𝗲𝘀 නිර්මාණය වන්නෙ.
දැනට මේ වර්ගයේ 4 ක් නිශ්පාදනය කොට ඇත.ඒ අතරින් 2ක් විශ්‍රාම ගන්වා ඇති අතර 2ක් උතුරු මුහුදු නාවික බළඇණියට අනුයුක්තව සේවය කරයි
𝐀𝐝𝐦𝐢𝐫𝐚𝐥 𝐋𝐚𝐳𝐚𝐫𝐞𝐯 = විශ්‍රාමික
𝐀𝐝𝐦𝐢𝐫𝐚𝐥 𝐔𝐬𝐡𝐚𝐤𝐨𝐯 = විශ්‍රාමික
𝐀𝐝𝐦𝐢𝐫𝐚𝐥 𝐍𝐚𝐤𝐡𝐢𝐦𝐨𝐯 - ක්‍රියාකාරී
𝐏𝐲𝐨𝐭𝐫 𝐕𝐞𝐥𝐢𝐤𝐲 - ක්‍රියාකාරී
1988 වන විට 𝐀𝐝𝐦𝐢𝐫𝐚𝐥 𝐍𝐚𝐤𝐡𝐢𝐦𝐨𝐯 සේවයට එක් වූ අතර 1998 දී 𝐏𝐲𝐨𝐭𝐫 𝐕𝐞𝐥𝐢𝐤𝐲 සේවයට එක් විය
දිග - අඩි 827 ( 252 m), පළල - අඩි 30 (9.1 m), වේගය 32 km/h
න්‍යෂ්ටික බලයෙන් ක්‍රියා කරන මෙහි එක න්‍යෂ්ටික පිරවුමකින් ලොව වටා දෙතුන් වතාවක් ගමන් කල හැකිය.නාවිකයින් 710ක් මෙහි සේවය කරයි.
ශක්තියෙන් පමණක් නොව අවි බලයෙන්ද මේ නැව සන්නද්ධයි. ඒ අතර,
මිසයිල 250+
3k95 𝗞𝗶𝗻𝘇𝗮𝗹 64 ක්(ලොව වේගවත්ම මිසයිල වර්ගයක්)
P 700 granit 20 ක්
ssn 14 𝘀𝗶𝗹𝗲𝘅 14ක්
𝗦 300𝗳 96 ක්,
s 300fm 48 ක්
osa ma 40 ක්
සරලවම කිව්වොත් නැවක සිට දියත් කරන්න පුලුවන් බලවත්ම මිසයිල මෙහි තිබනවා.ඒ වගේම USS zumwalt destroyer එකෙන් පස්සෙ වැඩිපුරම මිසයිල ගෙනියන්නෙ මේ යුධ නැව
ඒ වගේම
130mm ප්‍රධාන අවිය, 30mm ආධාරක අවි 8ක්, Kortik gun 6ක්ටෝ, ඩෝ ටියුබ් 10 ක්
305 mm රෝකට් ලොන්චර් 2ක් හා 254mm රොකට් ලොන්චරයක් (සබ්මැරීන් නාශක) මේ යුධ නැව සතුයි.
එමෙන්ම හෙලිකොප්ටර් 3ක්ද මේ නැව සතුයි.ඒවා දියත් කිරීමට පෙර නැව ඇතුලත ගබඩා කල හැකි පරිදියි නිර්මාණය කොට තිබෙන්නේ. (Below deck hanger)
වෙනත් කිසිම නැවකට නොදෙවෙනි Radar හා sensors පද්දතියකින්ද මේ නැව සමන්විතයි.
උපුටාගැනීම අන්තර්ජාල ලිපියකින්
ඡායාරූප- අන්තර්ජාලයෙන්
පළමු ලිපියේ නිර්මාණකරුට ප්‍රණාමය
No comments