ගර්භනී මවට වැදගත් වෙන Anomaly Scan
ඇනොමලි ස්කෑන් එක ගැන ඔබ දන්නෙ මොනවද?
ගර්භණීභාවයේ දෙවන ත්‍රෛමාසිකයේදී ඔබේ වෛද්‍යවරයා හෝ මිඩ් වයිෆ් ඔබට morphology scan නමින් අල්ට්රා සවුන්ඩ් ස්කෑන් පරීක්ෂණයක් කරන්න කියලා යෝජනාවක් ඉදිරිපත් කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් අල්ට්රා සවුන්ඩ් භාවිතය පිළිබඳ පුහුණුව ලත් සෞඛ්‍ය වෘත්තිකයෙකු වන sonographer කෙනෙක් විසින් තමයි මෙම ස්කෑන් පරීක්ෂණය සිදු කරනු ලබන්නේ. මෙම ලිපිය මඟින් අපි ඔබට පැහැදිලි කරන්නේ ඒ ගැනයි.
morphology scan එකක් කියන්නේ මොකක්ද සහ එයින් සොයන්නේ කුමක් ද?
morphology scan එකක් කියන්නේ සවිස්තරාත්මක අල්ට්රා සවුන්ඩ් ස්කෑන් එකක් වන අතර එය ඔබේ දරුවාගේ ශරීරයේ වැදෑමහ, පෙකණි වැල, ඔබේ දරුවා වටා ඇති ඇම්නියොටික් තරලය සහ ඔබේ ගර්භාෂය සහ ගැබ්ගෙල නිරීක්ෂණය කරනවා. එය තමයි ‘anomaly scan’ හෝ ‘18-20 week scan’ලෙස හැඳින්වෙන්නේ. sonographer විසින් දරුවා මැනීම සහ අපේක්ෂිත උපන්දිනය තහවුරු කිරීම සඳහා මෙම මිනුම් භාවිතා කරනවා. ඔබේ දරුවාගේ හදවත, ආමාශය, වකුගඩු සහ අත් පා ඇතුළුව එයාගේ වර්ධනයේ හෝ වර්ධනයේ අසාමාන්‍යතා තිබෙනවාදැයි සොනොග්රැෆර් විසින් පරීක්ෂා කරනු ලබනවා. මෙම ස්කෑන් පරීක්ෂණයෙන් දරුවාගේ බොහෝ අසාමාන්‍යතා සොයාගන්න පුළුවන් නමුත් ඒවා සියල්ලම එලෙසින්ම සත්‍ය නොවන බව ඔබ දැන ගෙන සිටීම වැදගත්.
විශේෂයෙන්ම මේකෙන් 95% ක නිරවද්‍යතාවයකින් ඔබට ලැබෙන්න ඉන්නේ පිරිමි ළමයෙක් ද ගැහැණු ළමයෙක් ද කියලා sonographer ට බොහෝ විට කියන්න පුළුවන්. ඔබේ දරුවාගේ ලිංගිකත්වය සොයා ගැනීම සඳහා උපත ලබනකල් ම බලා සිටින්න ඔබ කැමති නම්, ඒ ගැන සඳහන් නොකරන ලෙස sonographer ගෙන් ඉල්ලා සිටින්නත් පුළුවන්.
ඔබේ වැදෑමහ ඔබේ ගර්භාෂයට පහළින් පිහිටා තිබෙනවා නම්, ඔබේ වෛද්‍යවරයා හෝ මිඩ් වයිෆ් ඔබේ වැදෑමහ පහත් වෙලා ඇති බව පවසන්නන් පුළුවන්. එය placenta praevia ලෙස හැඳින්වෙනවා. ඔබේ වැදෑමහ ඔබේ ගැබ්ගෙලෙන් ඉවතට ගොස් ඇත්දැයි පරීක්ෂා කිරීම සඳහා සාමාන්‍යයෙන් තුන්වන ත්‍රෛමාසිකයේදී තවත් අල්ට්රා සවුන්ඩ් පරීක්ෂණයක් නිර්දේශ කරනු ලබනවා.
සති 18-20 අතර දී වැදෑමහ අනිවාර්යයෙන්ම උපතේදී පහත් වෙයි කියලා අදහස් කෙරෙන්නේ නෑ. ඒ නිසා ඔබ බිය විය යුතු නෑ. ඔබේ වැදෑමහ තුන්වන ත්‍රෛමාසිකයේ දී ඔබේ ගැබ්ගෙලට ආසන්නව තියනවා නම්, දරු ප්‍රසූතියේදී ලේ ගැලීමේ අවදානම වැඩි වෙන්න පුළුවන්. ඒ වගේ තත්ත්වයකදී දරුවාගේ උපත සඳහා විකල්ප මොනවාද කියලා ඔබේ වෛද්‍යවරයා හෝ මිඩ් වයිෆ් ඔබ සමඟ සාකච්ඡා කරයි.
morphology scan පරීක්ෂණය සිදු කරන්නේ කවදාද?
සාමාන්‍යයෙන් ගර්භණී සමයේ සති 18-22 අතර කාලයේ දෙවන ත්‍රෛමාසිකයේ දී මෙම ස්කෑන් පරීක්ෂණය සිදු කරනවා.
sonographer විසින් ඔබේ උදරයේ ජෙල් ස්වල්පයක් ගල්වලා ඔබේ දරුවාගේ රූපය තිරයක් මතට ලබා ගැනීම සඳහා සම්ප්‍රේෂකය එය හරහා ගෙන යනවා. ස්කෑන් කිරීම සඳහා පැය භාගයක් පමණ ගත වෙයි. ඔබට ස්කෑන් කිරීමේ ඡායාරූපයක් හෝ ඩීවීඩී එකක් වෛද්‍යවරයාගෙන් ලබා ගන්න පුළුවන්.
බොහෝ දෙමව්පියන්ට මෙම ස්කෑන් පරීක්ෂණයෙන් පස්සේ තමන් තුළ වැඩෙන දරුවා සමඟ වැඩිපුර බැඳීමක් දැනෙන්න පටන් ගන්නවා. ඔබත් ඒ ආදරණීය අත්දැකීම් ඔබේ සහකරු සමඟ බෙදා ගැනීම හොඳ අදහසක්. සාමාන්‍යයෙන් වෛද්‍ය සහතිකයක් ලබා ගන්න පුළුවන් නිසා ඔබ සේවය කරන ආයතනයෙන් ද ස්කෑන් පරීක්ෂණය සඳහා නිවාඩු ලබා ගන්න එක ගැටලුවක් වෙන්නේ නෑ.
morphology scan මගින් පෙන්වන්නේ කුමක්ද?
ස්කෑන් කිරීම අත්‍යාවශ්‍යද?
නැහැ. ඔබට ස්කෑන් කිරීම අත්‍යාවශ්‍ය නෑ. එය ඔබේ තේරීමක්. ඔබට එම පරීක්ෂණ ගැන විශ්වාස නැත්නම් වෙනත් විකල්පයන් ගැන සාකච්ඡා කරන්න පුළුවන්.
ප්‍රතිඵල වලින් අදහස් කරන්නේ කුමක්ද සහ ඊළඟට කුමක් සිදුවේද?
ඔබ ස්කෑන් පරීක්ෂා කරන අතරතුර ඔබේ ගැබ් ගැනීම සහ දරුවා පිළිබඳව sonographer ඔබට වැඩි තොරතුරු ලබා දෙන්නේ නෑ. සවිස්තරාත්මක ස්කෑන් වාර්තාවක් ඔබේ වෛද්‍යවරයාට හෝ මිඩ් වයිෆ්ට යවනවා. ඒ නිසා පරීක්ෂණයේ ප්‍රතිඵල සාකච්ඡා කිරීම සඳහා ඔබ ඔවුන්ව මුණ ගැහීම අවශ්‍යයයි.
ඒ හරහා දරුවාගේ යම් කිසි අසාමාන්‍යතාවක් ගැන සැක කෙරුනොත් හෝ අනාවරණය වුණොත් ඔබට එතනින් එහාට වැඩිදුර පරීක්ෂණ කරන්න අවශ්‍ය වෙනවා. එතකොට ඔබේ වෛද්‍යවරයා හෝ වින්නඹු මාතාව ඔබට සුදුසු විකල්පයන් පැහැදිලි කරලා දෙයි. විශේෂයෙන්ම ඔබට ඒ සඳහා ජාන උපදේශකයෙකු හෝ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයකු සමඟ කතා කරන ලෙස නිර්දේශ ලබා දෙයි.
මුල් නිර්මාණකරුට ප්‍රණාමය
No comments