සුන්දර නවසීලන්තයට සංචාරයක් - 2 කොටස
නවසීලන්තයේ දේශගුණය
නවසීලන්තයේ දේශගුණය විවිධත්වයෙන් යුක්තයි. ගිම්හාන කාලයේදී උතුරේ උපනිවර්තන දේශගුණයක් පවතින අතර දකුණු දුපතේ ඇල්පයින් ප්‍රදේශ ශීත කාලයේදී -10 ° C (14 ° F) තරම් සිසිල් විය හැකිය
අවුරුද්ද පුරා නවසීලන්තයට සෞම්‍ය උෂ්ණත්වයක් පවතින නමුත් නවසීලන්තයේ දකුණට යන විට සාමාන්‍ය උෂ්ණත්වය අඩු වේ.ජූලි මාසය නවසීලන්තයේ ශිතලම මාසය වන අතර වසරේ මුල් මාස ස්වභාවයක් ගනියි.
සංචාරයට සුදුසු කාලයන්
නවසීලන්තයේ ඔබ සංචාරයකට යාමට සුදුසුම කාලය ගිම්හානයයි.ජනවාරි,පෙබරවාරි,හා දෙසැම්බර් මස වලට පවතින උණුසුම් කාලගුණය සහිත නිසා නවසීලන්තයට විදේශයන්ගේ සිට සංචාරයට එන සංචාරකයන් සංඛ්‍යාව වැඩි වේ .
නමුත් ඔබ යන්න කැමති ජනකාය අඩු දිනවල නම් ඒ සඳහා ගැලපෙනම සමය සරත් සමයයි.මාර්තු සිට මැයි දක්වා කාලය තුල ඔබට තරමක් උණුසුම් නමුත් සෙනග අඩු සංචාරයක යෙදිය හැක.ඔබට අවශ්‍ය හිම වැටෙන කාලයට නවසීලන්තය නැරඹීමට යාමට ය නම් ය යුතු හොඳම කාලය ජූලි හෝ අගෝස්තු මාසයි
නවසීලන්තයේ ඔබ නැරඹිය යුතු තැන්
නවසීලන්තයේ මිනිසුන් ඉතා මිත්‍රශීලි වගේම විනෝදකාමී වේ. ඒ වගේම ඔබ එහෙට යන සංචාරකයෙකු නම් ඔබව ඔවුන් සාදරයෙන් පිළිගනු ඇත.නවසීලන්තයේදී ඔබට නැරඹීමට ඕනේ තරම් ලස්සන ආකර්ශනීය ස්ථාන ඇත. ඉතාමත් ප්‍රවේශම් සහගත රටක් වන නවසීලන්තය සංචාරයට සුදුසුම රටකි. නවසීලන්තයේ ඕස්ට්‍රලියාවේ වගේ විෂ සර්පයන්,මාරාන්තික කිඹුලන් නැත.
පහත දැක්වෙන්නේ ඔබ නවසීලන්තයට ගියොත් මග නොහැර නැරඹිය යුතු ස්ථාන කිහිපයක්
Bay of Islands,උතුරු දුපත ...
Queenstown, දකුණු දුපත
Taupo විල සහ Tongariro ජාතික උද්‍යානය ,උතුරු දුපත .....
Fox and Franz Josef ග්ලැසියර , දකුණු දුපත
Rotorua, උතුරු දුපත .
නවසිලන්ත සංචාරය ඉතා ලාබදායකයිද ඇසුවොත් එය ඇත්තෙන්ම අඩු මුදලක් වියදම් වෙන දෙයක් නොවේ , ප්‍රවාහන සේවය, නවාතැන් පහසුකම් ආදිය තරමක් මිල සහගත උවත් ඔබගේ වියදම් වෙන මුදල් වලට නවසිලන්ත සංචාරය වටිනාකමක් එක් කරයි.
නවසීලන්තයේ භාවිත වන භාෂා
නවසීලන්තයේ කතා කරන භාෂා ගැන කතා කළහොත් ඔවුන් ප්‍රධාන වශයෙන් භාෂා 3ක් කතා කරයි.ඉංග්‍රීසි ඒ අතරින් ප්‍රධාන වන අතර මාඕරි භාෂාව හා නවසිලන්ත සංඥා භාෂාව අනිත් භාෂා දෙක වෙයි.ඉංග්‍රීසි කතා කරත් ඔවුන්ගේ කතා විලාසය ඇමරිකානු විලාසයට හා එංගලන්ත විලාසයට වඩා වෙනස්කම් සහිත වේ
අද අපි ඔබට ගෙනාවේ සුන්දර නවසීලන්තය ගැන වැඩිදුර විස්තර සහිත ලිපියක්. මේ වගේම ඔබ කැමති තවත් ලස්සන රටක තොරතුරු මේ වගේම දැනගන්න ඕනෙනම් පහලින් ඇති comment තීරුවේ ඔබට තොරතුරු අවශ්‍ය රට සඳහන් කරන්න.
ඔබ මෙහි පළමු කොටස කියවා නැත්නම්
නවසිලන්ත සංචාරයේ පළමු කොටස ( CLICK HERE )
No comments