Headlines

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට පස්වරුවේ වැසි

අද පස්වරුවේ දිවයිනේ ප්‍රදේශ කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම නිවේදනයේ සඳහන් වන්නේ මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වලත් කළුතර දිස්ත්‍රික්කයේත් සවස 2න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය.

එසේම සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවද අදාළ නිවේදනයේ සඳහන් වෙයි.

මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසය.

No comments