ලෝකයේ හැකර්වරු සහ, ලොව හෙල්ලූ සයිබර් අපරාධ.
Hacker කිව්වම එක එක දේවල් මතක් වෙනවා.ඒත් මෙ කියන්න යන්නෙ එ කාලෙ ඉදන් මං දන්න සුපිරිම Hackers ලා පහක විස්තර
ඒත් නම් නොදන්න තව සුපිරි අය ඉන්නවා .අපෙ රටෙත් ඉන්නවා .මතකනෙ ජනාධිපතිගෙ ෆෙස්බුක් එක හැක් කරපු පොඩි කොල්ලා
01 – Kevin Mitnick
1994 වසරේ මොවුන් පෙන්ටගනයේ ප්‍රධාන පරිඝනක වලට හොරෙන් ඇතුල් වෙනවා. එතනින් නොනවතින මොවුන් පෙන්ටගනයේ පරිඝණක ජාලය හරහා උතුරු කොරියාවේ ආරක්ෂක අංශවල පරිඝණක ජාලයට ඇතුල් වෙලා, ඇමරිකානු රජයෙන් තොරතුරු ගන්න විදියට උතුරු කොරියාවේ ටොප් සීක්‍රට්ස් ගැන කරුණු එකතු කරගන්නවා. මොවුන්වත් අහුවෙනවා.
03 – Anonymous (Hacktivist Group)
මොවුන් දේශපාලනය මුල් කරගෙන 2003 වසරේ බිහිවුනු දරුණුම හැකර්ස්ලා කණ්ඩායමක්. මොවුන් අන්තර්ජාල නිදහස, සමාජයට වන අසාධාරණ, නීතියේ විනිවිදභාවය ගැන සීමාවක් නැතුව කැරැලි සංවිධානය කලා. චීන රජය, FBI එක, CIA එක මොවුන් හැක් කරනවා. ඩොලර් මිලියන ගාණක ලියකියවිලි සහ දේශපාලනයට සම්බන්ධ වෙබ් සියිට්ස් බොහෝමයක් මොවුන් විනාශකරනවා. ඒ වගේම KKK සංවිධානයේ සාමාජිකයන්ට, අන්තර්ජාලය හරා ඝෘජුවම දරුණු පුහාර එල්ල කරනවා. ඔවුන්ගේ විස්තර එළියට දානවා.දැනට සක්‍රීයව ඉන්න ප්රෙබලම හැකර් කණ්ඩායම තමා මොවුන්😁
04 – Unknown Name (Astra)
නාසා ආයතනය සහ, ඇමරිකානු ආරක්ෂක ආයතනවල පරිඝණක ජාල මොහු හැක් කරනවා. ඒ 2001 වසරෙයි. මෙයා ආරක්ෂක ආයතනවල සොෆ්ට්වෙයාර්ස්, දත්ත, රහස් ලිපිගොනු බොහෝමයක් මකල දානවා. ඇමරිකානු රජයට ඩොලර් 70000ක පාඩුවක් කරන්න මෙයාට පුලුවන් වෙනවා. අන්තිමට හැක් කරපු පරිඝණක ජාලයේ මෙයා මෙහෙම පණිවිඩක් සදහන් කරනවා.
“Your Security Systems is Crap….i’am SOLO”
ලොවහෙල්ලු සයිබර්_අපරාධ
හැක් කිරීම පිළිබඳ ලෝකය තුල කතා බහට ලක්වන්නේ 1960 වසරේ සිටය. එහිදී හැකර්(Hacker)යන්නෙන් පරිගණක දක්ෂ ක්‍රමලේඛකයා හා පරිගණක පිළිබඳ දැඩි කුතුහලකින් පසුවන්නා යන්න හදුන්වන ලදී. නමුත් ක්‍රමයෙන් හැක් කිරීම නීති විරෝධී ක්‍රියාවක් බවට පත් වූ අතර දුරකථන පද්ධති වලට අනවසරයයෙන් පිවිසීම මුල් කාලයේ සිදුවිය. අනතුරුව පරිගණක පද්ධති තුලට අනවසරයයෙන් පිවිසීම ආරම්භ වූ අතර ලොවම කැළඹීමකට ලක් කරන ආකාරයේ සිදුවීම් පවා වාර්ථා විය. පහත දැක්වෙන්නේ එලෙස වාර්ථා වූ අවස්ථා කිහිපයකි.
1994 දී රුසියානු හැකර්කරුවන් විසින් රුසියානු බැංකුවකින් ඩොලර් මිලියන 10 මුදලක් හැක් කිරීම මගින් ලොව පුරා ඇති බැංකු කිහිපයකට හුවමාරු කරන ලදී. අවුරුදු 30ක් වූ වැලැඞ්මීර් ලෙනින් තම පරිගණකය යොදා ගනිමින් එම මුදල් ෆින්ලන්ත හා ඊස්රායල් බැංකු කිහිපයකට හුවමාරු කරන ලද බව සනාථ වූ අතර ඇමරිකානු අධිකරණයක් මගින් ඔහුට වසර 3ක සිර දඩුවමක් නියම කරන ලදී.
1996 දී අගෝස්තු මස ඇමරිකානු අධිකරණ දෙපාර්ථමේන්තුව, ඔක්තෝම්බර් මස CIA", දෙසැම්බර් මස ඇමරිකානු ගුවන් හමුදා යන ආයතන වල වෙබ් අඩවි හැක් කිරීමට ලක් විය.තවද ඇමරිකානු ආරක්ෂක දෙපාර්ථමේන්තු වෙබ් අඩවිය හැක් කිරීමට එම අවුරුද්දේ හැකර්කරුවන් විසින් අවස්ථා 250,000 උත්සාහ දරා ඇති අතර ඉන් අවස්ථා 65% සාර්ථක වී ඇත.
2001දී මයික්‍රොසොෆ්ට් ආයතනයේ domain name server වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල වූ අතර එමගින් මයික්‍රොසොෆ්ට් ආයතනයේ වෙබ් අඩවිය අවුල් ජාලයක් බවට පත් විය. තවද Code Red නම් පරිගණක වයිරසය මගින් 35,900 තරම් පරිගණක සර්වර(servers& අකී‍්‍රය කරන ලදී.
2002 දී ස්කොට්ලන්ත ජාතික හැකර්කරුවකු වූ Grey McKinnon විසින් ඇමරිකානු යුධ හමුදා වෙබ් අඩවි කිහිපයක් හැක් කිරීමට ලක් කල අතර එමගින් ඔහු අපේක්ෂා කරන ලද්දේ UFO පිළිබඳව රජය දන්නා කරුණු දැන ගැනීමයි. ඇමරිකානු යුධ හමුදා නිළධාරීන් ප්‍රකාෂ කරන ලද්දේ මෙම සයිබර් ප්‍රහාරයෙන් වැදගත් කරුණු රාශියක් මැකී ගොස් ඇති බවත් ඇමරිකානු යුධ හමුදාවේ වොෂිංටන්හි ඇති පරිගණක 2000ක් පමණ පැය 24ක් වැනි කාලයක් අක්‍රීය වී තිබූ බවයි. එමගින් වූ හානිය ඇමරිකානු ඩොලර් 700,000 වඩා අධික බව ඔවුන් ප්‍රකාෂ කරන ලදී.
ශී‍්‍ර ලංකාව සම්බන්ධයෙන් එල්ල වූ පළමු සයිබර් ප්‍රහාරය ලෙස 1998 ශී‍්‍ර ලංකා මහ කොමසාරිස් කාර්යාල ඉලක්ක කොට එල්ල වූ සයිබර් ප්‍රහාරය හැදින්විය හැකිය. එහිදී LTTE සංවිධානය විසින් ශී‍්‍ර ලංකා මහ කොමසාරිස් කාර්යාල වෙත සති 2කට වඩා E-mail පණිවිඩ 800කට අධික ප්‍රමාණයක් යවමින් ශී‍්‍ර ලංකා මහ කොමසාරිස් කාර්යාල අතර පවතින සන්නිවේදන සබඳතාවය බිඳ දැමීමට උත්සාහ දරන ලදී. එහිදී එම පණිවිඩ වල මෙසේ සටහන් කර තිබුනි
“We are the Internet Black Tigers and we're doing this to disrupt your communications” ජාත්‍යන්තර බුද්ධි අංශ ප්‍රකාෂ කරන අන්දමට රටක තොරතුරු තාක්ෂණ පද්ධතිය ඉලක්ක කොට එල්ල වූ ප්‍රථම සයිබර් ප්‍රහාරය ලෙස මෙය හැදින්විය හැකිය.
ඉහත සඳහන් කළ අවස්ථාවන් මගින් පරිගණක හැකර්කරුවන් විසින් ලොවතුල සිදු කරන ලද ප්‍රධාන පෙළේ සයිබර් අපරාධ පිළිබඳව නිරූපණය වෙයි. එම සෑම අවස්ථාවක් සදහාම ඔවුන් විසින් පොදු ක්‍රමවේදයක් භාවිතා කර ඇත. ඒ අනුව පරිගණක හැකර්කරුවන් විසින් පරිගණක පද්ධතියකට ඇතුල්වන ආකාරය හා දත්ත විනාශ කරන හෝ සොරකම් කරන ක්‍රමවේදය පහත සඳහන් පියවරයන්ට අනුවපැහැදිලි කරගත හැක.
01මෙහිදී පළමු පියවරේදී හැකර්කරුවන් විසින් සමාජ යාන්ත්‍රණය යොදාගනිමින් වයිරස මුදාහැරීමට හෝ දත්ත සොරකම් කිරීමට අනාරක්ෂිත පරිගණක ජාල වෙත පිවිසීම සිදුකරනු ලබයි.
04 සිව්වන පියවරේදී එසේ සොරාගත් දත්ත හැකර්කරුවන්ගේ මධ්‍යස්ථාන වෙත පිටත්කර නැවත ප්‍රහාරයකට අවශ්‍ය විශ්ලේෂණය සිදු කරනු ලබයි.
උපුටාගැනීම -අන්තර් ජාල ලිපියකින්
ඡායාරූප - අන්තර්ජාලයෙන්
ලිපියේ පළමු හිමිකරුට ප්‍රණාමය
BLUEPLANET-
No comments