සංචාරක ඔබ නොදුටු ලොව විශ්මිත ස්ථාන 10 ක රසවත් තොරතුරු
ඔබත් සංචාරකයෙකු ලෙස සැඟවුණු නොදන්නා තැන් සෙවීමට කැමති ගවේෂකයෙක්ද? ලෝකයේ ඇති විශ්මිත, එහෙත් ඔබ නොදන්නා මේ තැන් ගැන දැනගන්නමේ තොරතුරු බලන්න යාලුවන්ටත් බෙදා දෙන්න. BLUEPLANET අපි මේ ලිපිය සකස් කරන්නේ සංචාරක ඔබ වෙනුවෙන්මයි.
1. Crooked Forest in Szczecin, Poland
පෝලන්තයේ සංචාරය කරන ඔබට Szczecin හි වක්‍ර වනාන්තරය ගවේෂණය අරන්න නොලැබුනොත් ලොකු අඩුවක්. බටහිර පෝලන්තයේ ග්‍රයිෆිනෝ නගරය ආසන්නයේ දක්නට ලැබෙන අමුතු වංක ගස් සමූහය අනිවයෙන් ගවේෂණය කරන්න ඕනේ. එහි වංගු සහිත වනාන්තරයේ පයින් ගස් 400 ක් පමණ ගසේ මුල සිට අංශක 90 ක කෝණයකින් නැමී වැඩෙයි. මේකට හේතුව කියන්නේ එහි තිබෙන ගුරුත්වාකර්ෂණ බලයේ යම් වෙනසක් බවයි. එත් සමහර අය නම් වෙනත් මත පල කරනවා විද්‍යාත්මක නොවන. ඔබෙත් අදහසක් තියෙයි නේ ....
2. Haiku Stairs in Oahu, Hawaii
හවායි හි ඔආහු හි හයිකු පඩිපෙල දිගේ ඇවිදින්න යමු. හවායි හි හයිකු පඩිපෙල තරම් ස්වර්ගයල ආසන්න තැනක් නැති තරම්. මෙම සුපිරි පඩි පෙළ 1942 දී ඉදිකරන විට ඉතා රහසිගත අරමුණක් තිබුනි එනම් පසිෆික් සාගරය හරහා නාවුක හමුදාව විසින් කරන ලද නැව් ගමන් වලට අවශ්‍ය ගුවන් විදුලි සංඥා සම්ප්‍රේෂණය කිරීම සඳහා හයිකු ගුවන් විදුලි මධ්‍යස්ථානය විසින් ඉදිකිරීමට බවයි පැවසෙන්නේ. පඩි 3,922 ඇති මෙහි ගමන් කිරීමට ඔබත් එඩිතර නම් ඇවිද යමු
3. Enchanting River in Surigao del Sur, Philippines
පිලිපීනයේ සුරිගාඕ ඩෙල් සුර් විශ්මිත නදිය
පිලිපීන දුපත් එකින් එක දිනෙන් දින සංචාරක ආකර්ෂණය දිනාගනිමින් සිටින අතර තවත් සොයාගත නොහැකි නොදන්නා තැන බොහොමයක් ඇත. සුරිගාවෝ ඩෙල් සුර් නම් කුඩා පළාතක පාෂාණමය කඳු පිටුපස සැඟවී ඇත්තේ මෙම සුරංගනා කතාව වැනි ගංගාවයි. එහි පිවිසෙන සංචාරකයන් අතුරින් ඔබට ත් විස්මිත ගංගාවේ ගුහා තුළට කිමිදිය හැක
4. Blue Lake at Jiuzhaigou National Park China
චීනයේ ජුයිසායිගෝ ජාතික වනෝද්‍යානයේ නිල් විල
5. Hitachi Seaside Park , Japan
හෙක්ටයාර 190 ක භූමි ප්‍රදේශයක් ආවරණය කර ඇති මෙම උද්‍යානය අවුරුද්ද පුරා පිපෙන මල් වලින් සමන්විතයි. මෙම වනෝද්‍යානය මල් වලට ප්‍රිය කරන්නන් හටම සැදු වනෝද්‍යානයක් ලෙස හැඳින්වේ. මෙම වනෝද්‍යානය baby blue-eyes flowers යන මල් වර්ගය සඳහා මල් සඳහා ප්‍රසිද්ධ වී ඇති අතර,වසන්තයේ දී විනිවිද පෙනෙන පෙති සහිත මෙම මල් මිලියන 4.5 ක් පමණ පිපෙමින් සංචාරකයින් ආකර්ෂණය කර ගනී. මෙම උද්‍යානයේ අව්රුද්දකට ඩැෆොඩිල් මල් මිලියනයක් පමණ, ටියුලිප් වර්ග 170 ක් සහ තවත් මල් රාශියක් පිපෙයි. මෙම සිත් ඇදගන්නා සුළු උද්‍යානය තුල කුඩා විනෝද උද්‍යානයක් ඇතුළත් වෙයි.
6. Apostle Islands in Wisconsin , USA
Apostle දූපත් යනු උතුරු විස්කොන්සින්හි බේෆීල්ඩ් අර්ධද්වීපයට එහායින් සුපීරියර් විලෙහි දූපත් 22 ක සමූහයකි. මෙයින් දුපත් රාශියක් පිහිටා ඇත්තේ ඇෂ්ලන්ඩ් ප්‍රාන්තය අසලය. මැඩ්ලයින් දූපත හැර අනෙකුත් සියලුම Apostle දූපත් ජාතික ලේක්ෂෝ වලට අයිති වෙයි.
7. Montreal Botanical Garden, Canada
මොන්ට්‍රියල් උද්භිද උද්‍යානය යනු කැනඩාවේ කිව්බෙක් හි මොන්ට්‍රියල් හි පිහිටි විශාල උද්භිද උද්‍යානයකි. එසේම මෙම උද්‍යානයෙහි සංචාරක ආකර්ෂණය ද අතිශයින්ම බහුල බව ඔබ දැන සිටියාද.මෙම උද්භිත උද්‍යානය 1931, ජුනි 9 වන දින ජනතාව සඳහා විවෘත කරන ලදී. තේමාත්මක උද්‍යාන තිහක් සහ ප්‍රදර්ශන හරිතාගාර 10 ක් මෙම ශ්‍රේෂ්ට උද්බිත උද්‍යානය තුල ඇත. ස්වාභාදම් ලෝලීන් සඳහාම සැදී ඇති මෙම උද්‍යානය ලොව වැදගත්ම උද්භිද උද්‍යානයක් ලෙස සැලකෙන හෙයින් එය 2008 දී කැනඩාවේ ජාතික ඓතිහාසික අඩවියක් ලෙස නම් කරන ලදී.
8. Svalbard, Between Norway and the North Pole
Svalbard යනු උතුරු ධ්‍රැවයේ සිට සැතපුම් 650 ක් (කි.මී 1,050) කින් නෝර්වේ මහාද්වීපයට උතුරින් ආක්ටික් සාගරයේ පිහිටි නෝර්වීජියානු දූපත් සමූහයකිමෙය ලෝකයේ ඇති සුන්දරම ස්ථානයකි.මෙහි ඔබට රක්ෂිත ගණනාවක්, පක්ෂි අභයභූමි සහ හිම වලසුන් කිහිපයක් ද දැක ගත හැකියි.
9. ''The Door to hell'' in Derweze Turkmenistan
ටර්ක්මෙනිස්තානයේ ඩර්වේස් හි '' The Door to Hell' නැත්නම් අපායට දොරටුව නමින් හැඳින්වෙන්නේ සංචාරක ආකර්ෂණය බෙහෙවින්ම ලබා ගත ස්ථානයකි. මෙම ස්ථානයේ ඇතුලත දැවෙමින් පැවතීම මෙම සංචාරක ආකර්ෂණයට හේතු වේ. මෙලෙස දැවෙමින් පැවතීම පිලිබඳ විවිධ මතභේදයන් පවතී. වඩා ප්‍රසිද්ධ මතයක් ලෙස මීතේන් වායුව ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා සෝවියට් භූ විද්‍යාඥයින් හිතාමතාම ගිනි තැබූ අතර එතැන් සිට එය අඛණ්ඩව දැවී යන බවට සැලකේ. ගෑස් ආවාටය 5,350 m2 (අක්කර 1⅓) ක ප්‍රදේශයක් ඇත. එහි විෂ්කම්භය 69 m (අඩි 226) වන අතර එහි ගැඹුර මීටර් 30 (අඩි 98) කි.
10. The small oasis surrounded by dunes in Huacachina, Peru
නිරිතදිග පේරු හි කුඩා වැවකින් වට වූ කුඩා නගරයක් පිහිටා ඇති අතර නිසරු භූමියක වැලි කඳු වලින් වට වී ඇති සශ්‍රික භුමි ප්‍රදේශයකි. කුඩා වැවක් ආශ්‍රිතව නිර්මාණය වී ඇති මේ අලංකාර කුඩා ග්‍රාමය සංචාරකයන්ට දවසේ නිමාව ගත කිරීමට තෝතැන්නකි. ඇත්තෙන්ම කිව්වොත් මෙය වලිකතරක තියෙන ක්ෂේම භූමියකි. මෙම කුඩා නගරයේ ජනගහනය 96 කි.
Images from Internet-
Created by BLUEPLANET-
No comments