කිසිවෙක් රතු ඉර ඉක්මවා නොයා යුතු යැයි තලෙයිබාන් මාධ්‍ය ප්‍රකාශක සුහයිල් ෂාහීන් ප්‍රකාශ කරයි.
අගෝස්තු 31 වැනි දා වන විට අමෙරිකානු හමුදා ඇෆ්ගනිස්ථානයෙන් ඉවත් කරගන්නා බවට ගත් තීරණය ඒ ආකාරයෙන් ඉටු කළ යුතු බවට තලෙබාන් සංවිධානය අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් වෙත දන්වා ඇත.
අදාළ දිනයෙන් පසු එක්සත් ජනපද හමුදා ඇෆ්ගනිස්ථානයේ රැඳී සිටීම යුදමය මැදිහත්වීමක් ලෙස සලකා කටයුතු කිරීමට සිදුවන බව ද බව තලෙයිබාන් සංවිධාන ප්‍රකාශක සුහයිල් ෂාහීන් පවසා ඇත.
තලෙයිබාන් සංවිධානය නිවේදනය කර ඇත්තේ ඇමරිකානු ඡනාධිපති ජෝ බයිඩ්න් ජාතිය අමතා කළ ප්‍රකාශයට ප්‍රතිචාර ලෙස ය.
ඇෆ්ගනිස්ථානයේ දී අවදානම් සහගත තත්ත්වයට පත්ව න පිරිස් ගළවා ගැනීමේ කටයුතු මේ සති අන්තයේදී වඩා වේගවත් කරන බව පැවසූ ජෝ බයිඩ්න් අගෝස්තු 31 ඉලක්කයක් ලෙස පමණක් තබාගන්නා බව කියා සිටියේය. සියලු පිරිස් මුදා ගන්නා තෙක් කාබුල් ගුවන්තොටුපොළ ආශ්‍රිතව ඇති කර තිබෙන සුරක්ෂිත කලාපය ව්‍යාප්ත කරන බව ද ඔහු පැවසුවේය.
ඒ සමගම බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් ඇමරිකානු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබුණේ, අමෙරිකානු හමුදා ඇෆ්ගනිස්තානයෙන් ඉවත් කිරීම පිළිබඳ යළි සලකා බලන ලෙසයි.
තලෙයිබාන් ප්‍රකාශක සුහයිල් සහරීන් ප්‍රතිචාර පළ කරමින් සඳහන් කර ඇත්තේ, තම සංවිධානය පැරණි ආකාරයට කටයුතු නොකරන මුත් කිසිවෙක් රතු ඉර ඉක්මවා යාමට කටයුතු නොකළ යුතු බවයි. ඇෆ්ගනිස්ථානයෙන් පළා යාමට තැත් කරනුයේ බටහිර ජීවිතය සොයා යන්නන් බව ද සුහයිල් සඳහන් කර ඇත.
කෙසේ වුව ද තලෙයිබාන් හමුදා කාබුල් නගරය වෙත පැමිණෙද්දී අමෙරිකානු කඳවුර වෙත රොක්වූ දහස් ගණනක් ඇෆ්ගන් වැසියන්ගෙන් සැලකිය යුතු පිරිසක් මේ වන විටත් ඇමරිකානු යානා මගින් වෙනත් රටවලට ගෙන ගොස් ඒ ඒ රටවල සරණාගතභාවය ලබා දී ඇත. නමුත් මේ වන විටත් කාබුල් නගරයේ පවතින අමෙරිකානු කඳවුරේ දහසකට කිට්ටු භටයන් පිරිසක් රඳවා ඇතැටි වාර්තා වේ.
උපුටා ගැනීම අන්තර්ජාලයේ වෙබ් අඩවියකිනි
චායාරුප - අන්තර්ජාලයෙනි
No comments