Headlines

පොඩි වැඩක් තියනවා කරමුද බලන්න

 ~ ඔයාගේ නමත් කොතනක හරි ලියවිලා තියන පුස්තකාලයක් ~


මෙහි එක් කුටියක් ෂඩාස්‍රාකාර හැඩයට තමා හදලා තියෙන්නේ. බිත්ති 4ක්ම පොත් රාක්ක වලින් වැහිලා. ඒ පොත් හැම එකකම පිටු 410ක් තියෙනවා. අනිත් බිත්ති දෙකෙන් එකක ඇතුල්වීමේ දොරටුවත් අනෙක් පස මිනිසෙකුට වාසය කිරීමට අවශ්‍ය දෑ සහිත කුටියක් තියෙනවා කියලා සදහන් වෙනවා. The library of Babel කියන්නේ මේ වගේ කුටි අනන්තයක් තියන පුස්තකාලයක්. 

ඇත්තටම The Library of Babel එහෙම නැත්තන් La biblioteca de Babel කියන්නේ 19 වන සියවසේ  හිටපු විශිෂ්ට රචකයෙක් වුන Jorge Luis Borges විසින් ලියන ලද කෙටි කතාවක්.

ඒත් Jonathan Bacil කියන පුද්ගලයා සමත් වෙනවා මේ පුස්තකාලය ඇත්තටම නිර්මාණය කරන්න. ඒ අන්තර්ජාලය තුල. 

ඔයාට ඕනි නම් මේ පුස්තකාලයට ගිහින් ඔයාගේ නමත් පොතක ලියවිලාද බලාගන්න පුළුවන්. තමන්ට ඕන දෙයක් පොතකින් උපුටා ගත්ත දෙයක් ඔයාට මේ පුස්තකාලයෙන් හොයාගන්න පුළුවන්.

පහල තියෙන්නෙ link එක.

https://libraryofbabel.info/

කැමතිනම්  පුස්තකාලය පැත්තේ රවුමක් දාලා ඔයාගේ නමත් හොයාගෙන අනිත් අයටත් පේන්න screenshot එක්ක කමෙන්ට් කරන් යමු.

No comments