පෝලන්ත මලල ක්‍රීඩිකා මාරියා ඇන්ඩ්‍රෙජ්සික් කුඩා දරුවාගේ හෘද සැත්කම සඳහා තම ඔලිම්පික් පදක්කම වෙන්දේසි කරයි
ඔලිම්පික් හෙල්ල විසිකිරීමේ ක්‍රීඩිකාවක වන පෝලන්තයේ මාරියා ඇන්ඩ්‍රෙජ්සික් 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලේදී හෙල්ල විසිකිරීමේ ඉසව්වේදී තමන් ලබාගත් රිදී පදක්කම එරටෙහිම තරුණ පිරිමි ළමයෙකුගේ හදවත් සැත්කමකට ආධාර කිරීම සදහා වෙන්දේසි කරන බව නිවේදනය කලා. ජීවිත කාලය පුරාම තිබූ අභිලාෂයක් සාක්ෂාත් කරගත් මාරියා සිය රිදී පදක්කම දිනාගෙන වැඩිකල් යන්නට මත්තෙන් මෙසේ සිදුකිරීම තුලින් ඇයට කාරුණික හදවත් ඇති බව ඔප්පු කර තිබේ. කෙසේවෙතත් වෙන්දේසිය ජයග්‍රහණය කල සාබ්කා පොල්ස්කා පසුව එම පදක්කම මාරියා වෙත ආපසු ලබාදී ශල්‍යකර්මයට අරමුදල් දීමට තීරණය කලේය.
No comments