Headlines

ජනපතිවරයා ජාතිය ඇමතීමට සුදානමක්?


කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් රට සම්පුර්ණයෙන්ම වසා දැමීමට සුදානමක් පවතින බවටත්, හෙට දිනයේ දී ජනාධිපතිවරයා විසින් ජාතිය අමතමින් රට වසා දැමීම සම්බන්දව ප්‍රකාශ කිරීමට නියමිත බවත් ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරන බවට පුවතක් මේ වනවිට පැතිර යමින් පවතිනවා.

නගර බොහෝ ප්‍රමාණයක් මේ වනවිටත් ස්වයං ලොක්ඩවුන් ක්‍රමයකට යොමු වී ඇති අතර මල්වතු අස්ගිරි මහා නායක හිමිවරු සහ තවත් බොහෝ පිරිසක් එසේ සිදු කිරීමට බලපෑම් සිදු කරන නිසා මෙවැනි තීරණයක් ගෙන ඇති බවයි සඳහන් වන්නේ.නමුත් ජනපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා ප්‍රකාශ කළේ එවැනි ආරංචියක් පැතිරුණත් තවමත් රට වසා දැමීම හෝ ජනාධිපතිවරයා විසින් ජනතාව ඇමතීම පිළිබඳව නිල ප්‍රකාශයක් සිදු කර නොමැති බවයි.

No comments