Headlines

පැයකට අකුණු 280 ක් පමණ පතිත වන මේ ප්‍රදේශය ගැන සොයා බලමුද

 පැයකට අකුණු පහර 280 ක් වර්ෂයකට දල වශයෙන් අකුණු මිළියන 1.2 ක් පමණ පතිත වන ප්‍රදේශයක් පෘථිවියේ තියෙනවා කිව්වොත් ඔබ පුදුමයට පත් වේවි.දකුණු ඇමෙරිකානු මහද්වීපයේ උතුරට වෙන්න පිහිටලා තියන වෙනිසියුලාවේ මැරකයිබෝ (Maracaibo) විල තමයි මේ විදිහට අකුණු ප්‍රහාර වලට ලක්වෙන අත්භූත ප්‍රදේශය.වාර්ෂිකව මේසා ප්‍රමාණයක් අකුණු පතිත වෙන හින්ද මේ විල ආශ්‍රිත ප්‍රදේශය සැලකෙන්නේ ලෝකයේ වඩාත්ම විද්‍යුත් ආරෝපිත ප්‍රදේශය විදිහට.

ඇයි මේ විලට මෙච්චර අකුණු ගහන්නේ ?

අකුණක් කියන්නේ ස්වභාවික සංසිද්ධියක්.අකුණු ඇතිවෙන්න කාලගුණික සාධක වගේම භෞතික සාධකත් බලපානවා.වෙනිසියුලාවේ මැරකයිබෝ විල ආශ්‍රිත ප්‍රදේශයේ ඇති භෞතික පිහිටීම මේසා අකුණු ප්‍රමාණයක් පතිත වෙන්න බලපාල තියනවා කියල තමයි විද්‍යාඥයින් විසින් සොයාගෙන තියෙන්නේ.

ඒ කියන්නේ මේ විල පිහිටලා තියෙන ප්‍රදේශයේ අවුලක් හින්දද මෙහෙම අකුණු ගහන්නේ ?

ඇත්තටම ඔව්.....මැරකයිබෝ විල පිහිටලා තියෙන්නේ සුප්‍රකට අන්දිස් කදු වැටියේ උතුරු මායිමේ.දකුණු ඇමරිකානු මහද්විපයේ උතුරේ සිට දකුණට මහා පවුරක් ලෙස විහිදිලා තියන අන්දිස් කදු වැටියෙන් හමා එන සීතල වායු ධාරා , කැරිබියන් මුහුදු කලාපයේ සිට පැමිණෙන උණුසුම් වායු ධාරා සමග ගැටෙන්නේ මේ විල ආශ්‍රිත ප්‍රදේශයේදී.එහෙම ගැටීමේදී නිර්මාණය වන ප්‍රබල කැටි වැහි වලාකුළු තමයි මේ අකුණු කුණාටු (Everlasting Lightning Storm) සහිත කාලගුණය නිර්මාණය කරන්නේ.

ඒ විතැරක්යැ....

මේ විල පිහිටා ඇති ද්‍රෝණියේ ඇති මඩ වගුරු වලින් නිකුත් වෙන මීතේන් වායුවත් මේ අකුණු නිර්මාණය වීමට උත්තේජනය සපයනවා කියල සොයාගෙන තියනවා.මේ විල ගැන ගිනස් වාර්තා පොතෙත් සදහන් වෙනවලු..

වෙනිසියුලා ජනතාවගේ සාඩම්බර සංකේතයක් වශයෙන් සැලකෙන මැරකයිබෝ විලේ අකුණු කුණාටු 2014 වර්ෂයේ ගිනස් වාර්තා පොතට ඇතුලත් වුයේ ලෝකයේ වර්ග කිලෝමීටරයක ප්‍රදේශයකට වැඩිම අකුණු ප්‍රමාණයක් පතිත වන ප්‍රදේශය විදිහට....හරි පුදුමයි නේද....!


-උපුටා ගැනීම අන්තර්ජාලයේ පල වූ ලිපියකිනි. 

No comments