තවත් කොවිඩ් මරණ 190 ක් සහ කොරෝනා ආසාදිතයින් 4,427 ක් වාර්තා වෙයි
අද සමස්ත කොරෝනා ආසාදිතයින් 4,427 ක් වාර්තා වෙයි
අද (24) දිනයේ තවත් කොරෝනා ආසාදිතයන් 1,112 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරනවා. ඒ අනුව අද දිනයේ වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 4,427 ක්.
තවත් කොවිඩ් මරණ 190 ක් වාර්තා වෙයි
ඊයේ (23) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ 190 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරනවා. මිය ගිය අය අතරට වයස අවුරුදු 30 ට අඩු පුද්ගලයින් දෙදෙනෙක්, වයස අවුරුදු 30 - 59 අතර පුද්ගලයින් 38 ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 150 දෙනෙකු අයත්.
ඒ සමඟින් මෙරට කොරෝනා ආසාදිතව මියගිය සංඛ්‍යාව 7,750 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
No comments