Headlines

ඇෆ්ගන් සිවිල් වැසියන් ඉවත් කර ගැනිමට ඇමරිකාවෙන් වානිජ ගුවන්යානා 18 ක්

තලෙයිබාන් සංවිධානය නැවත අඵගනිස්ථානයේ  අත්පත් කරගැනීමෙන් පසු, ඇෆ්ගනිස්ථානයෙන් පිටවීම සඳහා කාබුල් ගුවන්තොටුපොළට පැමිණි දහස් ගණනින් සිවිල් වැසියන් එම රටින් ඉවත් කර ගැනීම සඳහා ඇමරිකාව විසින් වාණිජ ගුවන්යානා 18 ක් යෙදවීමට තීරණය කල ඇත. පසුගිය සතිය තුළ ඇමරිකානු හමුදා යානාවලින්  පුද්ගලයන් 28,000 ක් පමණ ඇෆ්ගනිස්ථානයෙන් ඉවත් කරගත් බව ඇමරිකානු ජනපති ජෝ බයිඩන් සඳහන් කරයි. එසේම සිවිල් ජනය ඉවත් කරගැනීමේදී ඇතැම් වැරදි සිදු විය හැකි බවත් වේදනාවකින් තොර ව එහි සිටින ජනයා ඉවත් කර ගැනිමේ විකල්පයක් නොමැති බවත් ඇමරිකානු ජනපති ජෝ බයිඩන් සඳන් කරයි.

No comments