Headlines

අද කාලගුණය (31) පළාත් කිහිපයකට සවස් කාලයේ වැසි


2022 ජනවාරි මස 31 දින සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් නිකුත් කල කාලගුණ අනාවැකියට අනුව නැගෙනහිර, ඌව, උතුරුසහ උතුරු-මැද පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ.

බස්නාහිර,දකුණ සහ සබරගමුව පළාත්වලත් මහනුවර දිස්ත්‍රික්කයේත් සවස් කාලයේ හෝ රාත්‍රි කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

දකුණු පළාතේත් රත්නපුර සහ කළුතර දිස්ත්‍රික්කවලත්ඇතැම් ස්ථාන වලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා 

No comments